Video here

පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත් බල කරමින් පසුගිය ජූලි 06 වන ඉරිදා බදුල්ල බස්නැවතුම්පළ අසලදී විරෝධතාවයක් පැවැත්විය.

ඌව පළාත් ජනතා එකමුතුව සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය එක්ව එම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

එම සාමකාමී විරෝධතාවය වැලැක්වීමට පැමිණි පොලීසිය පැවසුවේ ‘ආසාධාරණයක් වෙලා නෑ නේ..‘ යනුවෙනි. ඒ පොලීසියේ පහරදීමෙන් මරා දැමුණු සදුන් මාලිංගගේ මව ඉදිරියේ ය. අහිංසකයෙක්ට පහරදී මරා දමා තිබියදී පවා පොලීසිය පවසන්නේ අසාධාරණයක් වී නොමැති බවය. ඒ දැන් රාජපක්ෂක පොලීසියේ අලුත්ම නාටකය යි.
@Vikalpa