ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක් තුල පැවැත්වීමට යාපනයේ ජනතාවට සිදු වූයේ යුද්ධයෙන් වසර 5කුත් ඉක්ම යමින් තිබිය දී ය. දකුණේ සිට සිය ගණනක් ජනතාව මෙම විරෝධතාවයට පැමිණිමට නියමිතව තිබු අතර, අතර මගදී ඔවුන් පැමිණි බස්රථවල අයිතිකරැවන්ට ද තර්ජනය කර බස්රථ නැවත ගෙන්වා ගැනීමට ද බලකර සිටි බවත්, උතුරේ ධීවර සමිති නිළධාරීන් හමුවීමට ගොස් ඇති දේශපාලන මැරයින් ඔවුන්ටත් තර්ජනය කර තිබූ බවත් වාර්තා විය.

කෙසේ නමුත් මෙම සියලු බාධාවන් මධ්‍යෙය් 500කට අධික පිරිසක් යාපනය විරසිංහම් ශාලාවට එක්ව, ශාලාව තුළ සිය විරෝධය දැක්වීය. මෙම විරෝධතාවය ට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවයි සේනාදිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ශ්‍රී දරන් මෙන්ම දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍රන්, ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණේ බාස්කරා සහ සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයන් සහ ධිවර සංගම්වල නියෝජිතයන්ද සහභාගිවී සිටියේ ය.
IMG_20140715_110629

ශාලාවක් තුළ පැවති මෙම විරෝ්ධයේදී, ‘අවතැන්වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවැත පදිංචි කළ යුතුයි‘. ‘සංවර්ධනය නමින් පවත්වාගෙන යන ඉඩම් කොල්ලය වහාම නවතා දැමිය යුතුයි‘. ‘ඉන්දු-ලංකා ධීවර ගැටළුවට ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි‘. ‘උතුරේ සිවිල් පාලනය තහවුරු කළ යුතුයි‘. වැනි ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර මෙම විරෝධය පැවැත්වීය.

කෙසේ නමුත් පැවත්වීමට සංවිධානය කර තිබූ විරෝධතාවය අවලංගු කිරීමට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගෙන තිබූ වාරණ නියෝගය පිලිබදව ‘විකල්ප‘ වෙත අදහස් දැක්වූ දේශපාලන ක්‍රියාකාරිකයෙක් පැවසූවේ,

‘‘දැන් බේරැවල, අලුත්ගම මුස්ලිම් මිනිසුන්ට ගහලා, ගිණිතියලා ඔක්කෝම කරනකං පොලීය බලන් හිටියා. මහ දවල් හාමුදුරැවේ මුස්ලිම්වරැන්ට බනිනකොට පොලීසිය බලං හිටියා. අපි සාමකාමී විදිහට අපේ ඉඩම් ටික ඉල්ලා, අපේ අයීතින් ඉල්ලා උද්ඝෝෂනය කරන කොට උසාවි ගිහින් අවලංගු කරනවා. මෙන්න මේක තමයි අපිට ඉතිහාසයෙත් උනේ. අදත් වෙන්නේ ඒකමයි. මේක ජනතාවගේ පොලීසිය නෙවෙයි. මේක රාජපක්ෂ පොලීසිය. පොලීසියත් දැන ගන්න ඕන, ඔවුන් පඩි ගන්නේ මිනිසුන්ගේ සල්ලිවලින් කියලා. ඒවා රජාපක්ෂගේ සල්ලි නෙවෙයි. අපේ අයීතින් පාගන්න ආවොත් ලේසී වෙන්නේ නෑ‘‘

IMG_1685

IMG_1687

IMG_20140715_104529

IMG_20140715_104612

IMG_20140715_110629

More Photos

@Vikalpa | ….from Jaffna