Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

කුලී විරෝධතාකරැවන්ගෙන් නැවතත් ජනමාධ්‍ය පුහුණුවට බාධා

රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව නතර කර දැමීමට සිදුවී තිබේ.

අද(26) උදෑසන 10.30ට පමණ 40කට ආසන්න කොට කලිසම්, සරම් ඇද ගත් පිරිසක් විරෝධතා පුවරැ රැගෙන වැඩමුලුවට බාධා වන අයුරින් හැසිරීම නිසා එම වැඩමුලුව තාවකාලිකව නවතා දැමීමට සිදු ඇත.

කෙසේ නමුත් විශේෂි කාරනය වන්නේ, මෙම විරෝධතාවය පැවැත්වීමට පැය භාගයකට පමණ පෙර ස්වාධීන රෑපවාහිනී සේවයේ කැමරා ශිල්පියෙකු පුවත්පත් ආයතනය අසලට පැමීණ තිබේ. එසේ පැමිණීමට හේතුව ඔහුගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ, ‘‘මට එන්න කිව්වා, මෙතන වැඩක් සිද්ධ වෙනවා කියාල‘‘ යනුවෙන් ඔහු පැවසූ බව වාර්තා විය.

කෙසේ නමුත්, අදාල වැඩමුලුවට යාපනය සිට එම වැඩමුලුවට පැමිණෙමින් තිබූ ජනාමාධ්‍යවේදීන්ට පෙරදා රාත්‍රියේදී ඔවුන් ගමන් ගත් වාහනයේ ගංජා ඇති බවට චෝදනා කොට ඕමන්තේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ බවත් වාර්තා වු අතර, එසේම එම මාධ්‍යවේදීන් පවසා ඇත්තේ මෙය හමුදා සාමාජිකයෙක් විසින් වාහනය තුළ දමා තමන්ගේ ගමන වැලැක්වීමට සිදුකළ කටයුත්තක් බවත් ය . එම අවස්ථාවේදී ජනමාධ්‍යෙව්දීන් විසින් පොලීසියේදී දැඩි විරෝධයක් දක්වා ඇති අතර පසුව අද උදෑසන ඔවුන්ට කොළඹ බලා ඒමට අවසර දී තිබේ.

දෙමළ ජනමාධ්‍යෙව්දීන්ට පුහුණු වීම් ලබා දීමට යාමේදී බාධා කිරීම් සිදුකල පළමු අවස්ථාව මෙය නොවේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පැවැත්වූ මාධ්‍ය වැඩමුලුවට තුන්වතාවක් ම ඊනියා විරෝධතාකරැවන් විසින් බාධා පමුණුවන ලදි. නමුත් පොලීසිය විසින් වැඩමුලුව නවතා දැමීමට නියෝගකලා හැරෙන්නට විරෝධතාකරැවන් විසුරැවා හැරීමට කිසිම අවස්ථාවක උනන්දු වූයේ නැත. මෙයින් පැහිදිලි වන්නේ මෙම විරෝධතා කරැවන් සහ රාජපක්ෂ පාලනය අතර කිසියම් සබදතාවයක් ඇති බවද?

නමුත් අනෙක් සුවිශේෂි කරැණ වන්නේ උතුරැ නැගෙණහිර දෙමළ භාෂිත ජනමාධ්‍යවේදීන් පුහුණුකිරීම්වලදී මෙසේ සැලසුම් සහගතලෙස විරෝධතා පවත්වමින් දෙමළ ජනමාධ්‍යවේදින්ට හිරිහැර වන අන්දමින් කටයුතු කිරීම යි. මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය යහමින් ඇතැයි කියන රාජපක්ෂ පාලනයෙන් අප ඇසිය යුත්තේ, මෙයද මාධ්‍ය නිදහස, මෙයද ප්‍රජාතන්ත්‍රවාදය කියා නොවේද?