යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක් පැසැල් අවසන්ව නිවෙස බලා එමින් සිටියදී පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කරමින් කරෙයිනගර් නාවික හමුදා කදවුරේ සෙබලුන් පිරිසක් විසින් ඇයව දූෂණය කර ඇති බව පසුගිය සතියේදී දකුණේ සිංහල මාධ්‍ය හැරෙන්නට අනිකුත් මාධ්‍ය වාර්තා කළේය. එපමණක් ද නොව දූෂණය කිරීමෙන් පමණක් නොනැවතුනු එම මෘගයින් එක දිගට දින 11ක් තිස්සේ ඇයව සමූහ දූෂනයට ලක් කලේය. එතැනින් නොවැවතුනු මේ මෘගයින් වයස අවුරැදු 9ක්වන ඇයගේ ඥාති සොයුරියක්වද එසේම දූෂණයට ලක් කළේය.

දූෂකයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම ප්‍රදේශයේදී පැවත් වූ විරෝධතාවයක්
දූෂකයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම ප්‍රදේශයේදී පැවත් වූ විරෝධතාවයක්

පසුව ඇයගේ දෙමාපියන් පොලිසීයට පැමිණිලි කළ විට ඔවුන්ට ද තර්ජනය කලේ මේ මෘගයින්ය. ඉන්පසු 18වන දින පොලීසිය විසින් නාවික හමුදා සෙබලුන් 7දෙනකු අත්අඩංගුවට ගෙන ළමා මහෙස්ත්‍රාත් අධිකරණයකට යොමුකර හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කලේය. එම හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර ඇත්තේ ද නාවික හමුදා ඇදුම් සහ හිස් වැසුම් සහිත වීමෙන් දරැවන්ට එම මෘගයින් නිසිලෙස හදුනා ගැනීමට නොහැකි විය. පසුව මහසේත්‍රාත් වරයා සෙබලුන් පිරිස රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කල අතර පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් යටතේ යළි කැදවා, සෙබලුන් පිරිස හදුනා නොගත් නිසා ඇප මත නිදහස් කර යැවිමට අධිකරණය කටයුතු කළේය.

ඉන් නොනැවතුනු මේ මෘගයින් ඇයගේ දෙමාපියන්ට යලිත් මරණ තර්ජනය කරමින් ‘යළිත් හදුනා ගත්තොත් මරා දමන‘ බවට තර්ජනය කර ඇති බවත් වාර්තා විය.

මේ උතුරේ එක් සිදුවීමක් පමනි. එය නැවත සටහන් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊයේ(28) සිය ට්වීට් ගිනුම හරහා ප්‍රසිද්ධ කරනල ලද ‘‘අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්‘‘ යන ප්‍රකාශය සිදු කරන විට උතුරේ සිදුවන මෘග ක්‍රියා පිළිබද නැවත මතක් කරන්නටය. වයස අවුරැදු 11ක, සහ 9ක දරැවන් දූෂණය කරමින් පසුව ඔවුන්ට තර්ජනය කරමින් අධිකරණයෙන් පවා ඇපමත මුදාහරින රටක නීරෝගී පරපුරක් ඇති වන්නේ කෙසේ ද?

බාල වයස්කාර දැරියක් මාස ගණනාවක් සගවා තබා ගෙන දූෂණයට ලක් කර අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සරැවා සුනිල් නැමති දූෂකයා ජනතා විරෝධය නිසා අත්අඩංගුවට ගෙන යම් පමණකට හෝ නීතිය ක්‍රියාත්මක කළද, උතුරේ මේ දැරියට එසේ නොවන්නේ ඇයි.? එයට සම්බන්ධ වන්නේ රට මුදවා ගත් යැයි කියන රණ විරැවන් විමද? අනෙක ඔය පවසන ‘මුළු මහත් ජාතිය‘ යන්නට දූෂණයට ලක් වූ උතුරේ දැරියන්ව අයිති වන්නේ නැතිද? ඔවුන්ව නිරෝගී, නිදහස් දරැවන් කිරීමට රාජ්‍ය සූදානම් නැතිද?

මෙය උතුරේ සිදු කළ පළමු දූෂණය නොවේ, මෙවැනි සිදුවීම් ගණනාවක් යුද්ධයෙන් පසුව උතුරේ සිදු විය. කරෙයිනගර් සිදු වීම පිළිබදව දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත්තේ, හදුනා ගැනීමේ පෙරට්ටුවට නිසි වැරදිකරැවන් ඉදිරිපත් නොකර වෙනත් පුද්ගලයින් ඉදිරිපත් කර ඇති බවත්, සෘජුවම නාවික හමුදා සෙබලුන් විසින් මෙම දැරියන් දූෂණය කර ඇති බවත්, මෙි පිළිබදව සිදුකළ පොලිස් පරීක්ෂන නිසි ආකාරව සිදුකර නොමැති බවත්ය.

තවද, මෙම සිදුවීම සිදුවී සතියකට වඩා ගත වී ඇතත් ගුරැ සංගමය පමණක් ශ්‍රි ලංකා ළමා ආරක්ෂක අධිකාරියට පීපී/14/07/484 අංකයෙන් යුතුව පැමිණිල්ලක් කර ඇති අතර වෙනත් කිසිදු සංවිධානයක් මේ සම්බන්ධයෙන් කිසිදු දෙයක් සිදු කර ඇති බවට දැක ගන්නට නොැමත. දරැවන් දූෂණය කල සැකකරැවන්ව මුදාහරින නීතියක් ඇති රටක නිරෝගීකම, නිදහස, සංහිදියාව ගැන කුමන කතාද?

දැන්, සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඉතාමත් ප්‍රගතීශිලි පණිවිඩ යවන සියලු දෙනාගෙන් අහන්නට ඇත්තේ, දරැවන් දූෂණයකළ මෘගයින් නිදහස් කර නිරෝගී බව පැතීමෙන් ‘සියල්ල හරිද?‘ යන්න ය!