පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා ආරක්ෂක අංශ සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි පැවසෙන මැර පිරිසක් විසින් ඔවුන්ට හිරිහැර කිරීමටත් විරැද්ධව අද(31) දහවල් යාපනය ප්‍රධාන බස් නැවතුම්පල අසලදී විරෝධතාවයක් පැවැත්වීය. උතුරැ ජනමාධ්‍ය ෆෙඩරේෂනය සංවිධානය කරන ලද එම විරෝධතාවයට මුලතිව්, මන්නරාම, වව්නියා, කිලිනොච්චි සහ යාපනය ප්‍රදේශවල ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වි සිටියේ ය. එම විරෝධතාවයට ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය සංවිධානයක් වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය[FMM] ද, දකුණු ආසියානු නිදහස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පාර්ශවය[SAFMA] උතුරේ මාධ්‍යවේදීන්ට සහය දැක්වීමට එම විරෝධතාවයට එක් වී සිටි අතර දෙමළ ජාතික සංධානයේ මංත්‍රීවරැ පිඑිසක්ද එම විරෝධතාවයට එක්ව සිටිම විශේෂත්වයකි.

පහත දැක්වෙන්නේ එම විරෝධතාවයේ ඡායාරෑප පෙළක් වන අතර එම විරෝධකාවයේ වීඩියෝ දර්ශන සහ විස්තර ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තු වන්න.

IMG_1689

IMG_1694

IMG_1697

IMG_1702

IMG_1712

IMG_1722

IMG_1728

IMG_1731

IMG_1733

IMG_1742