උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වලට සවන්දීමටත්, ඒ සදහා යුක්තියඉල්ලා සීටීමටත් කැදවූ සාකච්ඡාවකට, අනවසරයෙන් කඩා වැදුනු, රාජ්‍ය අනුග්‍රහය සමග පැමිණි චීවරධාරීන් සහ මැර පිරිසක් විසින් එම සම්මන්ත්‍රණයට බාධා කලේ පොලීසිය බලා සිටිය දීය. නමුත්, නීති්‍යානුකූලව පවත්වාගෙන ගිය රැස්වීමීට බලහත්කාරයෙන් කඩා වැදුනු මෙම මැරයින් කිසිදු විටකදී පළවා හැරීමට පොලීසිය විසින් කිසිදු පියවරක් නොගත් බව පෙනෙන්නට තිබුණි ඇතැමි විට ‘අනේ යන්න ඔයාලා‘. යන කතා පවා පොලීසියෙන් ඇසෙන්නට විය.

කෙසේ නමුත් මෙම වැඩසටහන මෙහෙයයවා ඇත්තේ අතුරැදහස්වූවන්ගේ මා පිය සංගමය සහ එයට අදාල සංවිධාන කිහිපයක් විසිනි. එම වැඩසටහනට සවන් දීම සදහා ඇමරිකානු තානාපති නිළධාරීන්, යුරෝපීය සංගමය ඇතුලු තානාපති සේවයේ නිළධාරීන්ද සහභාගී වී සිටියේ ය.

මෙම රැස්වීමට අනවසරයෙන් කඩා වැදුනු එම භික්ෂුන් ඇතුලු පිරිස එහි සිටි සියලු දෙනාට පරැෂ වචනයෙන් බැන වැදී එය නවතා දමන ලෙසත්, ‘අඩෝ මේක ගෝඨා මහත්තයාගේ ආණ්ඩුව‘ යනුවෙන් බැන වැදී එම රැස්වීමේ සිටි සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසයට බල කර තිබේ. කෙසේ නමුත් පොලීසිය ඉදිරිපිට බැන වැදුනු එම මැරයින් අත්අඩංගුවට ගන්නට නොහැකිව හැකිලුනු පොලීසිය බලා සිටියේ නිළ ඇදුම්ද සහිතවය.

මේ නිල ඇදුම් සහිතව සිටි ෙපාලිස් නිළධාරීන් බලා සිටිය දී පරැෂ වචනයෙන් බැන වැදුනු චීවරදාරී මැරයින්ගේ ඡායාරෑපයි.

a

1

2

3