Image: Vikalpa
ආදරය, ලෝකයේ පැවැත්ම ආදරයයි ආදරයක් නොමැතිව ජිවත්වුව ද එය හුදු ප‍්‍රාණයක් පමණි. ඔබේ ආදරය ඔබට නැති වුනහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇතිද, වෙනකෙකු ඔබේ ආදරය උඳුරා ගතහොත් එය කෙසේ දැනෙනු ඇද්ද. ආදරය උඳුර ගන්නා හට මොන තරම් වෛරයක් ඇතිවෙනු ඇද්ද. අතුරුදහන්කරවීමද එවැන්නකි ආදරය උඳුරා ගැනීමකි.

ආසියාවෙන් ආශ්චර්යට යනවැයි කියන ගමනේ, ලංකාව ලෝකයම ආශ්චර්යට පත් කළේ අතුරුදහන්කරවීම් තුළින්ය. සිංහල බෞද්ධ සංස්කෘතියට සුදු වෑන් සංස්කෘතියද එකතු කරමින්ය.

කාලෙකට කලින් අතුරුදහන්කරවීම් වලට විරුද්ධව අතුරුදහන්වුවන්ගේ ඥාතීන් එක්ක පාරාට බැහැපු ජිනීව වලට ගිහින් කෑ ගහපු මහින්දම ඔවුන්ගේම කර පිටින් බලයට ඇවිත් අද වෙද්දි දෛවයේ සරදකමට මෙන් අතුරුදහන්කරවීම් වල ගෝඩ් ෆාදර් වෙනවා. එදා මහින්ද එක්කම හිටිය අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ටත් අද වෙනකම් යුක්තිය ඉෂ්ඨ කරන්න මහින්දට බැරි වෙලා තියෙනව. අද කරන්නෙත් ඒ දේමයි යුධ වකවානුවේ සහ ඊට පස්සේත් අතුරුදහන් වෙච්ච මිනිස්සු හොයන්න කියල මහ ලොකුවට ලෝකෙට පේන්න කොමිසම් දාන මහින්දම ඒ මිනිසුස් එකතු වෙලා තමන්ගේ දුක බෙදා ගන්න හදද්දි ඒ තැන් වලට තමන්ගේ සිවුරු හමුදා යවල ඒ දේවල් කඩා කප්පල් කරනවා.

නයිජිරියාවෙදි පාසල් ළමුන් පැහැරගැනෙද්දි සාමාජ ඡාල වෙබි අඩවි පෙරලන් කෑ ගහපු අපේ රටේ මිනිස්සු තමන්ගේම සහෝදර ජනතාව අතුරුදහන් වෙද්දි ඒ වෙනුවෙන් නිශ්ශබ්ද වෙලා තව තවත් සහයෝගය ලබා දෙනවා.

පාරවල් වහගෙන කෝටි ගණන් සල්ලි කාබාසිනිය කරල නාමල් ලා නයිට් රේස් යද්දි අයිස් බකට් වලින් ආතල් ගන්න හිරුණිකා ලා ඉන්න රටක මහ පාර අයිනේ උගුර ලේ රහ වෙනකම් කෑ ගහන විසි හතර පැයේ කඳුලු බොමින් තමන්ගේ දරුවන් හොයන අම්මලාද සිටින බැව් අමතක නොකරන්න.

(අගෝස්තු 30 වෙනිදාට යෙදෙන බලහත්කාරයෙන් සිදුවන අතුරුදහන්කරවීම් වලට එරෙහි දිනය වෙනුවෙනි)
##
BwBcg7qCYAAdVAT.jpg large