සිංහල, Colombo, Democracy, Human Rights, Media

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින 50යි

‛‛අද වන විට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩඅතුරුදන් කර දින 50 ක් ගෙවී තිබේ. ඔහු කළ වරද නම් ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් කාටූන් අඳීමත් ලිපි ලිවීමත්ය. තමන්ගේ වැරදි හෙළිකිරීම නිසා ජනමාධ්‍යවේදින්ගෙන් පළිගන්නා ආණ්ඩුවකට ජනතාවට සේවය කළ හැකිද? අපි ඔබෙන් අසමු. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී දින 50 ගෙවී ගියත් ඔු සොයන්නට සැධාරණ අකාරයේ මැදිහත්වීමක් මෙතෙක් ආණ්ඩුවෙන් සිදුකර නැත. මෙය මහත්ම අබිරහසක් ලෙස වැළලීයාමට ඉඩදිය යුතුද? ඇත්ත කතා කළ වරදට මිනිසෙකු අතුරුදන් කර දින 50යි. ජනමාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කළයුතු බව ඔබ නෙසිතුවහොත්, පලකයන්ට ඒ ගැන බලපෑමක් කරන්නට නෙහැකිය.’’
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම ගැන වහාම විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරනු..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින පනහක් පිරීම නිමිත්තෙන් මර්දනයට එරෙහි මාධ්‍යවේදීයෝ සංවිධානය මඟින් ඊයේ සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉහත දැක්වෙන්නේ එම පත්‍රිකාවේ සඳහන්ව තිබු කොටස් කිහිපයකි.