සුනිලා අබේසේකර, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනිය අපෙන් සමුගෙන අදට වසරක් ගතවේ. 2013 සැප්තැම්බර් මස 09වනදා සදහටම මෙලොව හැර ගියේ වෙනදාටත් වඩා ඇය වැනි ගැහැනුන් මේ පොළවට ඇවැසි මොහොතකය. සුනිලා අපෙන් සමුගත් දිනට පසු දින එනම් 10වන දින සුනිලා පිළිබදව ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සමග ‘විකල්ප‘ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් සාකච්ඡාවක යෙදුනු අතර එම සාකච්ඡාව නැවත පළකරන්නේ සුනිලා අබේසේකර නම් මානව හිමිකම් ක්‍රියාකාරිණියට ගෞරව පිණිසය.

##

“අද සුනිලා වගේ ගැහැණියකගේ අඩුව පුරවන්න බැරි අන්තර්ජාතික වශයෙන්, දේශීය වශයෙන් සහ මතවාදී වශයෙන් වගේම බිම් මට්ටමින් සහ ඒ වගේම ප්‍රතිපත්තිගරැක, මානව දයාවෙන් පිරි මේ ඔක්කොම සංකලනයක් සුනිලාගේ තිබුණ නිසා. ඇත්තටම මහන්සියක්, වෙලාවක්, අවේලාවක් තිබුන් නැහැ සුනිලාගේ ක්‍රියාකාරීත්වයට. මේ ඔක්කොම සංකලනයන් නිසා තමයි සුනිලාගේ අඩුව අපට පුරවන්න බැරි.”(2013.09.10)


“සුනිලා, සම්පූර්ණ ජීවිතයම එයා ගත කලේ එයා හරියි කියපු දේ වෙනුවෙන්. තමන්ගේ පුද්ගලික ජීවිතයේදීත්, සමාජ ජීවිතයේදීත්, දේශපාලන ජීවිතයේදීත් තමන් පිළිගත්ත දේ වෙනුවෙන් පෙනී හිටින්නෙ, එයා කිසි දවසක බයක් පෙන්නුවේ නෑ. ඇය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවේ සිවිල් සංවිධාන වෙනුවෙන් මුල ඉඳලම නියෝජනය කරපු තැනැත්තිය. මානව හිමිකම් කවුන්සිලය පිහිටවපු අවස්ථාවේදී සංවිධාන 4කට තමයි කතා කරන්න දුන්නේ ආරම්භක උත්සවයේ දී. ඒ එක්කෙනෙක් සුනිලා. සුනිලා, 1990 ගණන් වල ඉදලම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් වැඩ කරපු කෙනෙක්.”

Sunanda Deshapriya
Sunanda Deshapriya

“අද සුනිලා වගේ ගැහැණියකගේ අඩුව පුරවන්න බැරි අන්තර්ජාතික වශයෙන්, දේශීය වශයෙන් සහ මතවාදී වශයෙන් වගේම බිම් මට්ටමින් සහ ඒ වගේම ප්‍රතිපත්තිගරැක, මානව දයාවෙන් පිරි මේ ඔක්කොම සංකලනයක් සුනිලාගේ තිබුණ නිසා. ඇත්තටම මහන්සියක්, වෙලාවක්, අවේලාවක් තිබුන් නැහැ සුනිලාගේ ක්‍රියාකාරීත්වයට. මේ ඔක්කොම සංකලනයන් නිසා තමයි සුනිලාගේ අඩුව අපට පුරවන්න බැරි. සුනිලා මේ ඔක්කොම කරත් සාමාන්‍ය ගැහිණියක්. අපි හම්බවෙච්ච හැම වෙලාවකදීම සුනිලා සිංදුවක් කිව්වා. මම සුනිලා මුලින්ම දැක්කෙත් නාට්‍යක රගපානකොට. ඒ වගේම අපි අන්තිමට හමුඋන වෙලාවෙත් සුනිලා සිංදු කිව්වා. එයා ජීවිතේ වින්ඳා ඇත්තටම. ඒක තමයි එයාගේ ජීවිතයේ අනිත් සාර්තකත්වය. අරගලය ඇතුලේ තමන්ගේ ජීවිතය විඳපු කෙනෙක් වශයෙන් තමයි සුනිලා ජීවත් උනේ. එයා සම්පූර්ණ ජීවිතයක් ගත කරා. ඒ නිසාම අපිට හිතන්න පුලුවන් සුනිලා, සාමකාමී අවසානයකට ගමන්කරේ සම්පූර්ණ ජීවිතයකින් පස්සේ කියලා.” යැයි හෙට අප අතරින් සදහටම වෙන්ව යන, ලංකාවේත්, ජාත්‍යන්තරයේත් මානව හිමිකම් පිළිබදව ප්‍රභල හඩක් නැගූ, තමන්ගේ මුලු ජීවිතයම අනෙකාගේ නිදහස සහ ගෞරවය වෙනුවෙන් කැපකල සුනිලා අබේසේකර මහත්මිය පිළිබඳව, ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව සිටින ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා විකල්ප සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.(එම විශේෂ සාකච්ඡාවේ වීඩියෝ සටහන පහතින් දැක්වේ)

ඇය හෙට(11) අපෙන් සදාතනිකවම නික්ම යයි. නමුත් ඇය නික්ම යන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය ජීවිතයම කැප කල අභිත ස්ත්‍රියක් ලෙසය. එපමණක් ද නොවේ රාජපක්ෂ පාලනයෙන් ඇයට එල්ල වූ නින්දා අපහාස හමුවේ නොසැලි සිටිමින්, තමන් විශ්වාස කල දේශපාලනයත්, ආත්මයත් අධිපතිවාදී පාලකයන් හමුවේ පාවා නොදී තමන් විශ්වාස කළ දේවල් වෙනුවෙන් පෙනී සිටි, ගෞරවනීය ගැහැණියක් ලෙසය. ආදරණිය ගැහැණියක් ලෙසය. ඇයගේ සමීපතමයෙක් ලෙස සුනන්ද දේශප්‍රිය ඇය පිළිබඳව දැක්වූ අදහස් ඉහත දැක්වෙන වීඩියෝ සටහන තබන්නේ, ඇයට ගෞරවයක් ලෙසය.

[@Image Credit: Beyondborderslk]