Image Credit: Lankadeepa

ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටේ මෑත ඉතිහාසයේ තියුණුම අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. මේ අභියෝග වනාහි මෑත ඉතිහාසයේ ක්‍රමානුකූලව වර්ධනය වූ අහිතකර ප්‍රවණතා රැසක් මේ වන විට උච්ච ස්ථානයකට පත්වී, ලංකාවේ සමස්ත සමාජ-දේශපාලන දේහයම විනාශ කරමින් තිබීමේ ප්‍රතිඵලයන්. මීට වසර පනහකට හැටකට පෙර ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලෝකය හඳුනාගෙන තිබුණු ශ්‍රී ලංකාව වර්තමානය වන විට, ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයාට වාසය කළ නොහැකි තැනක් මෙන්ම ශිෂ්ට ලෝකයේ අපවාදයට ලක්වන තැනක් බවටද ශීඝ්‍රයෙන් පත්වෙමින් තිඛෙනවා. මෙම ඛේදජනක තත්ත්වයේ ඉතාම පැහැදිලි මතුපිට ප්‍රකාශන වන්නේ නීතියේ පාලනය බිඳවැටීම ඇතුළුව සමස්ත ප්‍රජාතාන්ත්‍රීය ව්‍යුහයම ඛාදනය වෙමින් තිබීම, සමාජ විසමතාව පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල්වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක‍ෂණයක් බවට පත්ව තිබීම සහ විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටීම යනාදියයි.

වර්තමානයේ ‘නීතිය’ බවට පත්වී ඇත්තේ බලය හොබවන පවුලේ සාමාජිකයන් පිරිස හා ඔවුන්ට අතවැසිකම් කරන පිරිසගේ පුද්ගලවාදී අභිමතයයි. රටේ ස්ථාපිතව පවත්නා සියලූම නීති හා සම්ප්‍රදායයන් ඊට යටත්. බලය අත්තනෝමතික ලෙස අවභාවිත කරන මෙම සුළුතරය රටේ සාරය උරා බොන අතර සෑම අතින්ම ගත් කල සාමාන්‍ය ජනයාට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර තිඛෙනවා. මෙම බලකාමී හා ධනකාමී සුළුතරය ‘සංවර්ධනය’, ‘රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම’ වැනි ආකර්ෂණීය හා ජනයා වසඟ කරන වචනවලට මුවාවී සිදුකරන්නේ ප්‍රකෝටි ගණනින් ගිනි පොලියට විදේශ ණය ගනිමින්, කිසිදු අනාගත දැක්මකින් තොර නාස්තිකාර ව්‍යාපෘති සඳහා ඒවා හිතුමතේ යොදවමින් සහ ඒවායින් හිතුමතේ ගසාකමින් රට දැවැන්ත ණය උගුලක සිරකරමින් සිටීමයි.

සාමාන්‍ය ජනයාගේ ජීවන මට්ටම අන්තයටම පිරිහී තිඛෙනවා. ස්ථීර මෙන්ම අස්ථීර මාසික අඩු ආදායම් ලබන රටේ බහුතර ජනයාගේ ජීවිත පෙර නොවූ විරූ ලෙස කබලෙන් ළිපට ඇද වැටෙමින් තිඛෙනවා. පාලකයන්ගේ සුඛවිහරණය සහ මහන්තත්තකම ලෝකයාට පෙන්වීම සඳහාවූ නාස්තිකාර වියදම් සඳහා දැරිය නොහැකි තරම් බදුබරක් සාමාන්‍ය ජනතාව මත පටවනු ලැබ තිඛෙනවා. ව්‍යාජ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරමින් මේ තත්ත්වය වසන්කිරීම සඳහා පාලකයන්ගේ අන්තේවාසිකයන් අසාර්ථක උත්සාහයක් දරමින් සිටිනවා.

අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය, විදුලිබලය නිපදවීම, ජලය පිරිසිදුකොට ඛෙදාහැරීම, ඛනිජතෙල් පිරිපහදුව වැනි දේ මුළුමනින්ම පාහේ බිඳවැටී තිඛෙනවා. අපේ රටට ආඩම්බරයක්ව පැවැති නිදහස් රාජ්‍ය අධ්‍යාපනය හිතුමතේ විනාශ කරමින් සිටින අතර අවම වශයෙන් පාසල් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ට ජීවිතය හෝ සුරක‍ෂිත කර නොදෙන තැන් බවට පත්කොට තිඛෙනවා. රජයේ රෝහල් අත්‍යවශ්‍ය ඖෂධ වැනි මූලික පහසුකම් පවා නොමැතිව පරිහානියට යමින් තිඛෙනවා. පොදු මගී ප්‍රවාහනය ඇදවැටී ඇති කනගාටුදායක තත්ත්වය සියලූ දෙනාටම හොඳින් දැනෙනවා.

දේශපාලන ක්‍රමයේ ක්‍රමානුකූල ලෙස සිදුවෙමින් තිබූ බිඳවැටීම දැන් වන විට සම්පූර්ණවී ඇති බව පෙනෙනවා. පාලන තන්ත්‍රයේ ඉහළම තැන්වල වැජඹෙන අය මෙන්ම පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යන ආයතනවලට පත්වී ඇති පුද්ගලයන්ද මෙම දූෂිත ක්‍රමයේ කොටස්කරුවන්. මොවුන් කරන්නේ තමන්ගේ, තම පවුල්වල සහ තම අන්තේවාසිකයන්ගේ පුද්ගලික පලප්‍රයෝජන සඳහා මේ තනතුරු අවභාවිත කිරීම පමණයි.

එක් පුද්ගලයකුට වගකීම් විරහිත ලෙස බලය පරිහරණය සඳහා අවසරය ලබාදී ඇති බලසම්පන්න විධායක ජනාධිපති තනතුරක් වටා සකස් වී ඇති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන ප්‍රධානතම උපකරණයයි.

ශිෂ්ට සම්පන්න සමාජයක් ප්‍රාර්ථනා කරන පුරවැසියන් ලෙස අපගේ යෝජනාව වන්නේ මෙම තත්ත්වය වෙනස්කොට මේ රට නැවතත් ශිෂ්ට සම්පන්න සහ මනුෂ්‍යයාට වාසය කළ හැකි, රටේ සියලූම දෙනාට නිදහසේ මනුෂ්‍යයන් ලෙස ජීවත්විය හැකි සාධාරණ සමාජයක් බවට පත්කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය මුල්කරගත් මේ ආණ්ඩුක්‍රමය අහෝසි කර දැමීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී තිඛෙන බවයි.

මේ විනාශයෙන් ගැලවීම සඳහා කළ හැක්කේ කුමක්ද?

ගැලවීම ආරම්භ කිරීමට හොඳම හා වැදගත්ම පියවර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට නැවත බලය පැවරෙන ක්‍රමයකට ගමන් කිරීමයි. එවැනි ක්‍රමයකදී පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත්, පාර්ලිමේන්තුවට නිරන්තරයෙන් වගකියන හා පිළිතුරු දීමට බැඳී සිටින, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නැතිනම් බලයේ තවදුරටත් සිටිය නොහැකි අගමැතිවරයකු සිටිනු ඇති.

එවැනි අගමැතිවරයකුට විධායක බලය නැද්ද?

තිඛෙනවා. එහෙත් ඒ, විධායක ජනාධිපතිවරයා මෙන් පාර්ලිමේන්තුවට පිටතින් හිඳිමින්, පාර්ලිමේන්තුවත් ඇතුළු අන් සියලූ පාලන ආයතන තමන්ට වුවමනා විදියට යොදාගත හැකි හිතුවක්කාර, අසීමිත බලයක් නොවෙයි. එම අගමැතිවරයා රටේ විධායක බලය ක්‍රියාත්මක කරන නමුත්, එය කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළ හිඳිමින්, පාර්ලිමේන්තුවේ ප්‍රශ්නකිරීම්වලට පිළිතුරු දෙමින්, පාර්ලිමේන්තුවේ මඟපෙන්වීම අනුව, පාර්ලිමේන්තුවට වගකියමින්.

යම් විදියකින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයෝගය ඔහුට නොලැබුණහොත් අගමැතිධුරය ඔහුගෙන් ගිලිහෙනවා. ඒ වාගේම පාර්ලිමේන්තුව විසින් රජයේ අයවැය ලේඛනය හෝ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කළොත්, එහෙම නැතිනම් රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් සම්මත කළොත් අග්‍රාමාත්‍යවරයා ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වූ ලෙස සැලකිය යුතු වෙනවා. ඒ අනුව විධායකය පවතින්නේ පාර්ලිමේන්තුවේ පාලනය යටතේයි. හිතුමනාපේ කටයුතු කරන්නට ඔහුට/ඇයට නොහැකියි.

එවිට රටට ජනාධිපතිවරයෙක් නැද්ද?

සිටිනවා. එහෙත් ඔහු නාමික ජනාධිපතිවරයෙක්. හරියටම කියනවා නම් ජනාධිපති විලියම් ගොපල්ලව මෙන්, අගමැතිගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් මත කටයුතු කරන ජනාධිපතිවරයෙක්.

මෙවැනි ක්‍රමයකින් රජයේ ශක්තිය දුර්වල වෙන්නට ඉඩ තිඛෙනවාද?

කිසිසේත් නැහැ. දැන් වගේම රටේ නීති සෑදීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. වෙනස නම්, පාර්ලිමේන්තුව සාදන නීති ක්‍රියාත්මක කිරීමට, දැන් සිටින ආකාරයේ පාර්ලිමේන්තුවට පිටින් සිටින හිතුවක්කාර ජනාධිපතිවරයකුට නොව ඒ පාර්ලිමේන්තුව තුළම අසුන්ගෙන සිටින අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයකට පැවරීමයි. මේ ක්‍රමයම පැවැති 1972ට පෙර ලංකාවේ තිබූ ආණ්ඩු දේශීය විදේශීය ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ඉතාම ශක්තිමත් ඒවා බව අමතක නොකළ යුතුයි.

ඒ වාගේම ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ඉන්දියාවේ පවතින්නේත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. ඒ රට තුළ පවතින ත්‍රස්තවාදය, රටට බැහැරින් එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාර, ජන කොටස් අතර ගැටුම්, ආගමික ගැටුම්, ඛෙදුම්වාදී කණ්ඩායම්වල අභියෝග, දේශ සීමා ගැටුම් ආදී විවිධ මුහුණුවර ගත් ගැටලූ නිසි ලෙස කළමනාකරණය කරගෙන ලෝකයේ බලවත්ම රටක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන තිඛෙන්නේත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යටතේ මිස විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ නොවෙයි.

විධායක ජනාධිපතිවරයෙක් නැත්නම්, රටේ ඉහළ අධිකරණවලට, ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කිරීම් කරන්නේ කවුද? කොහොමද?

ඒ පත්කිරීම් කරන්නේ අගමැතිගේ උපදෙස් මත නාමික ජනාධිපතිවරයා විසින්. එහෙත්, අගමැති තමන්ගේ තනි කැමැත්තට තමන්ට අවශ්‍ය අය ඒ තනතුරුවලට යෝජනාකිරීම වළක්වන්නයි 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ආයුතුයැයි අප කියන්නේ. එවිට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක නිර්දේශ මතයි, අගමැතිවරයා එවැනි ගෞරවනීය හා ස්වාධීන තනතුරුවලට සුදුසු පුද්ගලයන්ගේ නම් යෝජනා කළ යුත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු, ඉතා කුඩා පක‍ෂද ඇතුළුව විවිධ දේශපාලන පක‍ෂ හා විවිධ ජනකොටස් එකම තැනකට ගෙන එන, එසේම මේ වැදගත් පත්කිරීම් පිළිබඳ ජාතික එකඟත්වයක් ඇතිකරන යාන්ත්‍රණයක්.

17වැනි සංශෝධනයේ සමහර දුර්වලකම් ගැන විවේචනයක් තිඛෙනවා නේද?

ඔව්. එහි දුර්වලකම් තිඛෙනවා. එහෙත් මේ වැඩපිළිවෙලේදී උත්සාහ කරන්නේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තිබූ බාධාවන් ඉවත්කිරීම සඳහා ඩිව් ගුණසේකර පාර්ලිමේන්තු තේරීම් කමිටුවේදී එකඟ වූ සංශෝධන ද ඇතුළත් කරමින්, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට ගැළපෙන අවශ්‍ය වෙනස්කම් සහිතව 17වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලගැන්වීමටයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ ව්‍යවස්ථාව තුළින්ම කළ හැකිද?

නිසැකවම ඔව්. එය සිදුකිරීමට යෝජනා කරන්නේ මෙහෙමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයකට බලය පැවරීමටත්, නාමික ජනාධිපතිවරයකු පත්කරගැනීමටත්, 18 වැනි සංශෝධනය අහෝසි කොට 17වැනි සංශෝධනය නැවත ඇතිකිරීමටත් මහජනතාවගෙන් ජනවරමක් ඉල්ලන පොදු අපේක‍ෂකයකු මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි. එම පොදු අපේක‍ෂකයා හෝ අපේක‍ෂිකාව ජනාධිපතිධුරයට පත්වී පළමු මාස හයක කාලය තුළ මේ කටයුතු අවසන් කරන බවට වන මාර්ග සිතියමක් ලෙස සැලකිය හැකි ව්‍යවස්ථා සංශෝධනය නීති කෙටුම්පතක් ලෙසම ඒ මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් වෙනවා. ජනාධිපතිවරණයේදී ඔහු/ඇය ජයග්‍රහණය කළ විට ඉන් කියැවෙන්නේ එම යෝජනාව සහ කෙටුම්පත සඳහා මහජන වරමක් ලැබුණු බවයි. එනම්, ඊළඟ මාස හය තුළ ඒ වෙනස්කම් කළ යුතුයි.

උදාහරණයක් හැටියට, ජනාධිපතිවරණය පවත්වන්නේ ජනවාරි 3 වැනිදායැයි සිතමු. මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් එයින් දින 30ක් ඇතුළත වූ නිශ්චිත දිනයකදී, උදාහරණයක් හැටියට පෙබරවාරි 2 වැනිදා (හෝ ඊට කලින් දිනයක) එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වෙන්නේ ජනාධිපතිවරණය දිනයේ සිට හරියටම මාස හයක කාලය අවසන් වන දිනයේ, එනම් ජූලි 4 වැනිදා සිට බවද එම සංශෝධනයේම සඳහන් වෙනවා.

එහෙත් එය සම්මත වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි නේද? එය ලබාගන්නේ කෙසේද?

පවතින පාර්ලිමේන්තුව තුළින්ම එය ලබාගත හැකි බවට විශ්වාසයි. දැනට ආණ්ඩු පක‍ෂයේ සිටින මන්ත්‍රීවරු සියලූ දෙනාම මැතිවරණවලට ඉදිරිපත් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට පොරොන්දු වූ මහින්ද චින්තනය යටතේයි. ඒ වගේම, ඔවුන් විශාල පිරිසක් විධායක ජනාධිපති ක්‍රමයේ අනිසි ප්‍රතිඵලවලින් ඇතිතරම් බැට කෑ අය. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා නොගත යුතුයි කියන විශාල මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක‍ෂයේ ඉන්නවා. ඔවුන් විශාල පිරිසක් පොදු අපේක‍ෂකයාට සහාය දීම සඳහා එක්වන බව මේ වන විටත් පැහැදිලියි. පොදු අපේක‍ෂකයා දිනූ විට වර්තමාන පාලනය පරාජය වෙනවා. එවිට විරුද්ධ පක‍ෂයට යන මන්ත්‍රීවරු විධායක ජනාධිපති ක්‍රමය යටතේ තවදුරටත් සිටීමට කොහෙත්ම කැමති වන්නේ නැහැ. අනෙක් අතට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇතිවුණොත් යළි සාධාරණ තරගයක් දී ආණ්ඩු බලය උරගා බැලීමටත් ඔවුන්ට අවස්ථාව ලැඛෙනවා. ඒ වගේම මන්ත්‍රීධුරයක අභිමානය හා ගෞරවය රැකෙන්නේත් විධායක ජනාධිපති ක්‍රමය තුළ නොව පාර්ලිමේන්තු ක්‍රමය තුළ බව පැහැදිලියි.

විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළ එක්සත් ජාතික පක‍ෂයත් දැන් මුළුමනින්ම එය අහෝසි කළ යුතුයැයි කියන ස්ථාවරයට ඇවිත්. විධායක ජනාධිපති ක්‍රමය තමන්ට වාසිදායකයැයි කල්පනා කළ සුළු ජාතික පක‍ෂත් දැන් එය අහෝසි කළ යුතුයැයි කියාසිටිනවා. මේ නිසා පාර්ලිමේන්තුව තුළ මේ වෙනස්කම් සඳහා තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීම ගැන විශ්වාසය තැබිය හැකියි.

එහෙත් තුනෙන් දෙකක් ගන්න බැරිවුණොත්…

එහෙම වේවි කියලා අප හිතන්නේ නැහැ. ඉහත තත්ත්වයන් මත තුනෙන් දෙකක් ගැනීමට අතිවිශාල හැකියාවක් තිඛෙනවා. කෙසේ වෙතත් එය කළ නොහැකි වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න සිදුවෙනවා. ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වුවමනාය කියන අදහසට ජනමතයක් ලැඛෙනවා නම්, මහ මැතිවරණයකදී ඊටත් වැඩි සහයෝගයක් ඊට ලැඛෙන බව විශ්වාසයි. මාස කිහිපයක් තුළදී දෙවැනි ජනවරමකුත් ලැබුණොත් එය නොසලකා ඉන්නට පාර්ලිමේන්තුවට නොහැකියි.

එහෙත්, මේ සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය මදි, ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියත් අවශ්‍යයැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත්?

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, මෙතෙක් කල් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නඩුතීන්දු අනුවත් එවැනි සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැති බව නීති විශාරදයන්ගේ මතයයි. එහෙත් යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයැයි කීවොත්, එය ජනමත විචාරණයකට යොමුකරනු ඇති. එහිදී මහජන අනුමැතියත් ලබා සංශෝධනය නීතිගත කිරීම සඳහා මාස හයක කාලය හොඳටම ප්‍රමාණවත් වෙනවා.

පොදු න්‍යාය පත්‍රයක් යටතේ පත්වන ජනාධිපතිවරයකුට පෙර පරිදිම තමන් කැමති විදියට විධායක පාලනයක් ගෙන යා හැකි නොවේද?

බැහැ. අවශ්‍ය නම් ජනමත විචාරණයකටත් කාලයක් දීලා මාස හයකින් පස්සේ, එනම් 2015 ජූලි 4 වැනිදා අලූත් ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙනවා කියලා ඒ පනත් කෙටුම්පතේම තිඛෙනවා. කලින් උදාහරණය අනුව, කෙටුම්පත සම්මත කළාට පස්සේ ජනවාරි 4 වැනිදා පත්වන ජනාධිපතිවරයා ජූලි 4 වැනිදා ධුරයෙන් ස්වයංක්‍රියව ඉවත්වෙනවා.

ඉන්පසු ජනාධිපති ධුරයට සිදුවන්නේ කුමක්ද?

ඊට පසුව පාර්ලිමේන්තුව රැස්වී නාමික ජනාධිපතිවරයෙක් පත්කරගෙන, එනම්, 1972 ව්‍යවස්ථාවට අනුව විලියම් ගොපල්ලව මැතිතුමා වැනි කෙනෙක් පත්කරගෙන ඉදිරියට යායුතුයි. මීළඟට පත්වන්නේ නාමික ජනාධිපතිවරයෙක් බවටත් කෙටුම්පතේ සඳහන් වනු ඇති. නාමික ජනාධිපතිවරයා අගමැතිවරයා පත්කිරීමේ කාර්යයේදී හැර අනෙකුත් සියලූම කාරණාවලදී අගමැතිගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමත්, 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීමත් පමණෙකින් රටේ තත්ත්වය වෙනස්වේයැයි හිතනවාද? රටේ අනෙක් ප්‍රශ්න ගැනත් එකඟතාවක් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි නේද?

නිසැකවම ඔව්. එහෙත්, රටේ සියලූ වැදගත් ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සියලූ දේශපාලන පක‍ෂ හා පාර්ශ්ව සමග කෙටි කාලයක් තුළ පොදු එකඟතාවකට පැමිණීම ඉතාම අපහසුයි. ඒ ඒ ප්‍රශ්නවලට විසඳුම් ඔවුන්ගේ වෙනස් දේශපාලන මතත් සමග ගැටගැසී තිඛෙන නිසායි ඒ. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ සියලූ දෙනාම එකඟයි. ඒ නිසා මේ වැඩපිළිවෙල සකස්ව ඇත්තේ පළමුව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ විට ඇති වන ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් දේශපාලන සමාජ අවකාශය තුළ නිදහස් කතිකාවක් මගින් පසුව අවශ්‍ය වෙනස්කම් සඳහා කටයුතු සම්පාදනය කරගැනීමටයි.

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දේශපාලන සමාජ අවකාශයක් ඇතිවන්නේ කෙසේද?

විධායක ජනාධිපති ක්‍රමය යනු එක් පුද්ගලයකු විසින් මුළු දේශපාලන, රාජ්‍ය හා සමාජ යාන්ත්‍රණයම දරද~ු පාලනයකට යටත් කරගන්නා, කිසිම නිලධාරියකුට, පුරවැසියකුට ස්වාභිමානය ඇතිව කටයුතු කිරීමට ඉඩක් නොතබන, මනුෂ්‍යයන් හුදු ද්‍රව්‍ය බවට පත්කරන එකක් බව අත්දැකීම්වලින්ම අපට පැහැදිලියි. හුදෙක් මේ ආඥාදායකත්වය ඉවත් කිරීමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පරිසරයක් ඇතිවෙනවා.

සරල උදාහරණයකින් කිවහොත්, අඩු ගණනේ දැන් රටේ ස්වාධීන මැතිවරණයක්වත් පැවැත්වෙනවාද? සියලූ මැතිවරණ, රජයට වුවමනා පරිදි දින නියම කරමින්, විරුද්ධ පක‍ෂවලට එරෙහිව රජයේ සියලූ සම්පත් හා නිලධාරීන් පාවිච්චි කරමින්, රටේ මහජන මුදල්වලින් විවිධ දේශපාලන වරදාන හා වරප්‍රසාද ලබාදෙමින්, සියලූ රජයේ හා පෞද්ගලික මාධ්‍ය රජයට වුවමනා පරිද්දෙන් හසුරුවමින් පවත්වන ඒවායි. ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන අතර ආණ්ඩුවේ බලය පාවිච්චි කරමින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මේ නරක ක්‍රමය පවතින්නේ විධායක ජනාධිපතිධුරය නිසායි. මේ මැතිවරණවලදී විපක‍ෂය අන්ත පරාජයන් ලබන්නේ හුදෙක් විපක‍ෂයේ වරදින් පමණක් නොවෙයි, මේ අසාධාරණ ක්‍රමයත් නිසායි. විධායක ජනාධිපති ධුරය අහෝසි කොට 17වැනි සංශෝධනය නැවත නීතිගත කොට ජාතික මැතිවරණ කොමිසම ස්ථාපනය කළහොත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක්වත් පවත්වන්නට හැකියි. එවැනි මැතිවරණයකදී සියලූ දේශපාලන පක‍ෂවලට තමන්ගේ ශක්තිය අනුව තරග වදින්නට සාධාරණ ක්‍රීඩාපිටියක් ලැඛෙනවා. මේ සත්‍යය අනෙක් හැම කාරණයකදීමත් පොදුයි.

එනිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ම විශාල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දේශපාලන අවකාශයක් විවර වෙන බව පැහැදිලියි. එම අවකාශය තුළ දේශපාලන පක‍ෂ, විවිධ ජනකොටස්, සිවිල් සංවිධානවල එකඟතාවෙන් ඇතිකරගන්නා වැඩපිළිවෙලක් හරහා රටේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයන, මීට වඩා යහපත් රටක් නිර්මාණය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට පවා යා හැකියි.

වත්මන් විරුද්ධ පක‍ෂයට මේ වැඩපිළිවෙලෙහිදී හිමි කාර්යභාරය කුමක්ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරීමේ මේ ක්‍රියාදාමයට සියලූ විරුද්ධ පක‍ෂ එක්වුවහොත් එම අරමුණ ඉතාම පහසු ජයග්‍රහණයක් කරා ගෙනයා හැකියි. එසේ පත්වන ජනාධිපතිවරයා/වරිය මාස හයකට වඩා ධුරයේ නොසිටින තත්ත්වය තුළත්, විධායක ජනාධිපති ධුරය අහෝසි වන තත්ත්වය තුළත්, ඉන්පසු එළැඹෙන මහමැතිවරණයකදී සිය නියම ශක්තිය උරගා බලන්නට එම පක‍ෂවලට සාධාරණ හා සමාන අවස්ථාවක් හිමිවෙනවා. මේ සංක්‍රමණීය අවස්ථාව තුළ අවශ්‍ය නම් සියලූ පක‍ෂ නියෝජනය වන ජාතික ආණ්ඩුවක් පවා පිහිටුවා පොදු පාලනයක් ගෙනයෑමටත්, ඒ එකඟත්වය මත සියලූ දෙනාටම පිළිගත හැකි රටේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකරගැනීම සඳහා කටයුතු ආරම්භ කිරීමටත් එම දේශපාලන පක‍ෂවලට හැකියාව ලැඛෙනවා.

එනම්, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමෙන් පසු ඇතිවන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දේශපාලන සමාජ අවකාශයක්. ඒ අවකාශයේදී සිය දේශපාලන මතය නිදහස්ව ජනතාව ඉදිරියට ගෙනයෑමේ අවස්ථාව සියලූ දේශපාලන පක‍ෂවලට හිමිවෙනවා.

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම පවතින තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රට අරාජක විය හැකි බවට සැකයක් මතුව තිඛෙනවා නේද?

මනාප ක්‍රමය වෙනස්කිරීම ගැන අද සමාජයේ තදබල කැමැත්තක් තිඛෙනවා. එහෙත් මුළුමනින්ම පැරණි ආසන ක්‍රමයට යෑම නිවැරදි නැහැ. ආසන ක්‍රමයට ගියහොත් කුඩා දේශපාලන පක‍ෂවලට හා සුළු ජාතිකයන්ට අසාධාරණයක් සිදුවෙනවා. ආසන ක්‍රමයත්, සමානුපාතික ක්‍රමයත් මිශ්‍රවූ ක්‍රමයකට මාරුවීම තමයි හොඳම ක්‍රමය.

සාධාරණ මැතිවරණ ක්‍රමයක් ගැන නිර්දේශ අඩංගු දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාව දැනටමත් අපට තියෙනවා. ඊට බොහෝ දේශපාලන පක‍ෂ දැනටමත් එකඟවී තිඛෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහාද එවැනි පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට පහසුවෙන් හැකියාව ලැබේවි.

මෙම ප්‍රකාශනය හැකිතාක් දුරට ජනතාව අතර ප්‍රචලිත කිරීමට දායක වන අතරම මේ ප්‍රකාශනය වටා එක්රොක්වන ලෙස අප යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන සියලූ දෙනා වෙතම ආයාචනය කර සිටිනවා.

මහජන න්‍යාය පත්‍රය සමාජ ගත කිරීම සඳහා උනන්දුවෙන් කටයුතු කිරීමට කැමති සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්ට මේ සත්කාරය සඳහා සක්‍රීයව දායක වීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙයින් ඇරයුම් කර සිටි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

නාග විහාරය, කෝට්ටේ. දුරකථන 0112 852966, ෆැක්ස්: 0112 915441 විද්‍යුත් ලිපිනය : [email protected]