පසුගිය ඉරිදාවක(14) කොළඹ විශ්ව විද්‍යාලය අසලින් පෙරහරක් ගමන් ගත්තේ ය. ඒ පෙරහැරේ ගමන් ගත්තේ සුදු ඇදගත් පාසල් ශිෂ්‍යන් ය. පෙරහැරේ ඉදිරියෙන් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරැවක් රැගත් රථයක් ගමන් ගත් අතර ඊට පිටුපසින් අනගාරික ධර්මපාල කියූ දෑ සටහන් කර සැදූ පුවරැ සහිත සිසුන් ගමන් ගත්තේය.

එම පුවරැවල බෞද්ධාගම හා බැදි ධර්මපාල කියු කතා බොහෝමයක් තිබිණි. එහි එක් පුවරැවක මෙසේ කියැවිණි. ‘හරක් මස් නොකනු‘ අනගාරික ධර්මපාල තුමා.

බුදුන්ගෙන්, ධර්මපාලගේ හරක්මස් විරෝධය ප්‍රශ්න කිරීම

බදුන් වහන්සේ සිය දේශනාවන් වල පවසා ඇත්තේ පාණාතිපාතා වේරමනිය සික්කාපදං සමාදියාමි යන්නය. එයින් කියැවෙන්නේ සියලු ප්‍රණ ඝාතයන් අකුසලයක් බවය. එබැවින් සියලු සතුන්ගේ ප්‍රාණයන් බිදිම අකුසලයට හේතුවේ යන්නය. නමුත් ධර්මපාල කියන්නේ ‘හරක් මස් නොකනු‘ කියා ය. එසේත් නැතිනම් හරකා මරන්න එපා යැයි කියා ය. එයින් අනිකුත් සතුන් ඝාතනය කලාට කමක් නැතැයි යමෙකුට හැගෙන්නට පිළිවන. එසේම බුදුන්ගේ ‘සියලු සතුන්‘ වෙනුවට ධර්මපාලගේ ‘හරකා‘ යන්න ඉදිරියට පැමිණිම එක් අතකින් බෞද්ධ විරෝධීය. බුදුන්ගේ ධර්මය විකෘති කරමින් තමන්ගේ වාසියට යොදා ගැනීමක් ය. ‘සියලු සතුන්ගේ මස් නොකනු‘ යැයි සදහන් නොකර ‘හරක් මස් නොකනු‘ යැයි සදහස් කළේ ඇයි.?
මෙය ප්‍රශ්ණ කිරීමට වත්මන් බෞද්ධයාට කොන්දක් තිබිය යුතු නොවන්නේ ද?

ප්‍රශ්ණය වූයේ ධර්මපාලට හරකා පිළිබදව වූ සුවිශේෂ ආදරයක්, අනුකම්පාවක් නිසා එය වූයේ නැත. එසේත් නැති නම් හරකා මිනිසුන්ගෙ එදිනෙදා වැඩ කටයුතු සදහා දායක කර ගැනීම නිසා ඇතිවූ කරුණාවක් හෝ දයාවක් නිසා එසේ වුවා නොවේ.

ප්‍රශ්ණය වූයේ ‘හරක් මස්‘ සිය ආහාර වේලේ එක් ප්‍රධාන අංගයක් ලෙස භාවිතා කරන්නේ මෙරටේ මුස්ලිම් ජනතාවයි. එසේම හරක් මස් වෙළදාමේහි ප්‍රධාන වශයෙන් නියැලෙන්නේ මෙරට මුස්ලිම් ජනතාවයි.

එබැවින් ධර්මපාල සෑම විටම අවශ්‍ය වූයේ සිංහලයා උත්කර්ෂයට නංවමින් අනෙක් ජාතීන් දෙවනි, තුන්වනුව තැබීමටයි. එසේම අනෙක් ජාතීන්ගේ ආර්ථික මූලයන්ට කිසියම් පහරක් එල්ල කරමින් ඔවුන් ආර්ථික ලෙස පතුලටම දැමීමටයි. එයට එක් උපකරනයන් ලෙස ‘හරක් මස් නොකනු‘ යන සඨන් පාඨය බෞද්ධ අයිසින් ටිකක් කලවම් කරමින් බෞද්ධයා ඉදිරියට ගෙන ආවේය. එය කිසිදු විචාරයකින් තොරව බෞද්ධයා අද දක්වාම බාර ගනිමින් සිටියි. එබැවන් ධර්මපලගේ මුළික උපාය වූයේ මේ සඨන් පාඨය හරහා මුස්ලිම් වරැන්ගේ ආර්ථික මූලයන් ඝාතනයට ලක් කිරීම හෝ අඩපණ කිරීමයි. එය අද එක්තරා ලෙසකින් ඥාණසාර වැනි අයවලුන් ගෙන් නැවත වතාවක් පණ ගසමින් වැඩෙමින් තිබේ. හලාල් විරෝධය එහි වත්මන් ලක්ෂයයි.
එබැවින් මෙම ජාතිවාදී උන්මත්තක ක්‍රියාවන් දෙස බුද්ධිමත් බෞද්ධයා නිවහල් මනසකින් බැලිය යුතු වන්නා සේම ඒවා විද්‍යාත්මකව සහ දේශපාලනිකව අවබෝධ කර ගත යුතුය.