Image Credit: therepublicsquare

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ(20) සවස 4ට අවසන් වූ අතර මේ වන විට එම මැතිවරණයට අදාල ප්‍රධාන ප්‍රථිපල බොහොමයක් ප්‍රකාශකිරීම අවසන් වෙමින් පවතී. කෙසේ වෙතත් ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූයේ ඡන්දය පැවති දිනයේ මෙන්ම ඊට පෙරත් මොණරාගල සහ බදුල්ල ප්‍රදේශවල මැතිවරණ නීති උල්ලංගණය කිරීම්, ප්‍රචණ්ඩක ක්‍රියා මෙන්ම රාජ්‍ය දේපල භාවිතා කිරීම ආදී නීති විරෝධී සිදුවීම් බොහොමයක් සමගය.

logo5

කෙසේ වෙතත් එම මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) අද(21) අලුයම නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ 26% බරපතල ගණයේ ප්‍රචණ්ඩක්‍රියාවන්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් එම සංවිධානයට වාර්තා වූ බවය. ඒ පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග අදහස් දක්වන, මැතිවරණ ප්‍රචණ්ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ, සම්බන්ධීකාරක, මංජුල ගජනායක,

‘‘පූර්ව මැතිවරණ සමයේ බදුල්ලේ තත්ත්වය පිළිබදව 100% අපිට සෑහිමකට පත් වෙන්න බැරි උනත් යම් පමණකට අපිට සතුටු වෙන්න පුලුවන්, නමුත් අගෝස්තු 6 වනදායින් ඇරඹී සති 3ක කාලය තුළ මොණරාගල තිබුණූ තත්ත්වය පිළිබදව අපිට පැහැදීමක් නෑ. ඒ නිසා අපි පැහැදිලිවම හිතනවා මොණරාලගල පැවති තත්ත්වය අද දිනයේ ප්‍රථිපළ වලට යම් බලපෑමක් කරන්න ඇති කියලා‘‘

(මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.)

CMEV i
Full Report here