සිංහල, Democracy, Election, Kurunegala

ජොනී සහ ඉන්දික වෙනුවට ලැයිස්තුවේ අනෙක් දෙදෙනා නම් කරන ලෙසට මැ.කෝ දන්වයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වශයෙන් පත්ව පසුගිය දා රජයට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික බණ්ඩාරණායක යන මහත්වරුන්ගේ මංත්‍රීධූර අහෝසි වී ඇති බැවින් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයන් දෙදෙනා නම්කර එවන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා කුරුණෑගල තේරීම්භාර නිළධාරිනි කුසුම් හෙටිටිගේ මහත්මියට පෙරේදා (16.03.2010) ලිඛිතව දැනුම් දෙනු ලැබුවා.
අප මේ පිළිබඳව කුරුණෑගල තේරීම්භාර නිළධාරීනී කුසුම් හෙටිටිගේ මහත්මියගෙන් විමසුවිට ඇය පැවසුවේ මැතිවරණ කොමසාරිස්වරයා මිළගට ලැයිස්තුවේ සිටින අපේක්ෂකයන්ව නම්කරන ලෙස තමන්ට ලිඛිතව දන්වා එවා ඇති බවත්. නුදුරු දිනයකදී එම නම් තමන් විසින් ලිඛිතව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන බවත්ය. ඇය වැඩිදුරටත් කියා සිටියේ නීතිය අනුව මාසයක් ඇතුළත දී තමන් විසින් අදාල දැනුම් දීම කලයුතු බවත්ය.
අප මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන් එම ඉල්ලීම කුරුණෑගල තේරීම්භාර නිළධාරිනියගෙන් කර ඇති බවත් ඇය එම දැනුම් දීම කළ පසු අදාල පත්වීම් සිදු කරන බවත්ය.