පසුගිය 05 වනදා සබරගමුව සරසවියට ගොස් සිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සබරගමුවේ සිසුන් විරෝධය දක්වන ලද්දේ මෙතෙක් ඉල්ලා සිටි කිසිදු සිසු ගැටලුවක් විසදීමට ඇමතිවරයා ඇතුලු බළධාරීන් ක්‍රියා නොකිරීම නිසා ය.

මාස ගණනාවක් සිසු ගැටලුවලට විසදුම් ඉල්ලා විශ්ව විද්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටි සිසුන් පිළිබදව, ඇමතිවරයා සරසවියට ගොස් අපූරැ ප්‍රකාශයක් කල අයුරැ මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ‘මේ වෙලාවේ ඡන්දය නැති නම් ඔය අට්ටාලවලට සලකන හැටි අපි දන්නවා‘ යැයි විශ්ව විද්‍යාලය තුළ දී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය. එපමණක් ද නොව සිසුන් ගෙන යන සත්‍යග්‍රහයට රස්තියාදුකාර ක්‍රමයටත් එහා ගොස් වල්පල් දොඩවනු දක්නට ලැබිණි.

ඒ, සිසුන්ගේ ඉල්ලීම්, සිසුන්ට ඇති ගැටලු හමුවේ ලංකාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ හැසීරීමය.

ඇමතිවරයා විසින් ‘අට්ටාලවලට සලකන හැටි දන්නවා‘ යැයි පවසා දින 6ක් යන්නට මත්තෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා කියූ ලෙසම සිසුන් සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටි අට්ටාලවලට සලකා ඇති බව දක්නට ලැබිණි.

පසුගිය 10වනදා රාත්‍රි 11ට පමණ කඩු, පොලු රැගත් මැර පිරිසක්, එම සිසුන්ට අමානුෂික ලෙස පහර දී උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක කියු පරිදිම (‘අට්ටාලවලට සලකා‘) සිසු අට්ටාලවලට ගිනි තැබූහ. එම ප්‍රහාරයෙන් සිසුන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, පසුව එම මැරයින් ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකටද, කඩහිමියෙකුටද පහර දී පලා ගොස් තිබේ.

‘‘තොපි ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරනවද’’ යනුවෙන් පරුෂ වචනයෙන් බැන විදිමින් පහර දුන් මෙම මැර පිරිස අදාල ස්ථානයට පැමිණ ඇත්තේද පොලිසිය අසලින් වන අතර මැර පිරිස එම ස්ථානයෙන් ඉවත් වූ පසු පොලිසිය එම ස්ථානයට පැමිණීමද විශේෂයක් වන අතර සිසුන් පවසන්නේ මෙම පොලිස් නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් බීමත්ව සිටි බවයි.

දැන් එස්. බී. කියු ආකාරයෙන් සිසුන්ට සලකා ඇත. මේ වත්මන් රාජපක්ෂ පාලනයේ එක් පහර දීමක් නොවේ. මීට පෙර බොහෝ අවස්ථාවල මෙවැනි පහරදිම් මේ පාලකයින්, පාලකයින්ගේ අනුහස ලබන මැරයින් විසින් සිදුකර තිබේ. මෙම සිදුවීමට පෙර ආසන්නම පහර දිම සිදු කලේ වව්නියාවේදී ය. ඒ කිසිදු චෝදනාවක් ගොනු නොකර දින 200කට වඩා රදවා සිටින, මානව හිමිකම් ක්‍රියාකාරිණී, කිලිනොච්චියේ පදිංචි ජෙයකුමාරි නිදහස් කිරීමට බල කෙරන විරෝධතාවයක් සංවිධානය කර සිටි වව්නියා පුරවැසි කමිටුවේ සභාපති තේවරාජාටය. ඔහුටත් ‘උඹ විරෝධතා පවත්වන්න යනවාද! ඊට පෙර උඹව මරණවා! යනුවෙන් පවසා යකඩ පොලුවලින් පහර දුන්නේ හමුදා කදවුරක් අසලය.

වව්නියාවේ සහ සබරගමුවේ දී කළ මේ සිදුවීම් දෙකම වාර්තා වන්නේ ජීනීවා නුවර, ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබදව විද්වත් සාකච්ඡා පවත්වන අතරතුර වීම ද වීශේෂයකි. එයට ආණ්ඩුවේ නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වෙමින් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් බව කියන්නට ඉමහත් වෙහෙස මහන්සියක් ගන්නා බව වාර්තා වෙයි.

නමුත් ලෝකයාගේ ඇස් ඉදිරියේ සිදුවන මෙවැනි පහර දීම් හමුවේ කොතෙක් මහන්සි වුවත් ‘වැඩක් නැති බව‘ මේ පාලකයන්ට තේරෙන්න ට තවත් විශාල කාලයක් නොයන බව නම් පැහැදිලිය. අනෙක නම් මේ සිදුවීම් වසන්නට මාධ්‍ය හීලෑ කර ගනිමින්, මාධ්‍යට පහර දෙමින් කොතෙක් උත්සහ ගත්තද, මෙම පහරදීම් වලින් වේදනා විදින උතුරේත් දකුණේත් මිනිසුන්ගේ හඩ ජීනිවා වලටත් එහා ඇහෙන නිසාය.

3

SAMSUNG CAMERA PICTURES

4

6

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES” mp4=”http://www.vikalpa.org/wp-content/uploads/2014/10/20141010_230056.mp4″][/video]