සිංහල, Colombo, Democracy, Media

තිස්සනායගම් බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මානයට නිර්දේශවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විසිවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියමවූ ජේ.එස්. තිස්සනායගම් මහතා බ්‍රිතාන්‍යයේ පුවත්පත් සම්මාන උළෙලේ ‛‛වසරේ විශිෂ්ඨ විදේශීය මාධ්‍යවේදීයා’’ සම්මානය සඳහා නිර්දේශවී ඇත.
මේ වන විට අභියාචනාධිකරණය මඟින් ඇප ලබා සිටින තිස්සනායගම් මහතා ඇතුළු මාධ්‍යවේදීන් 16 දෙනෙකු මෙම වසරේ සම්මානය සඳහා නිර්දේශවී සිටින අතර ඔවුන් ඉරානය, ඉරාකය, ඊජිප්තුව, එරිත්‍රියාව, අසර්බයිජානය හා බුරුමය යන රටවල මාධ්‍යවේදින්ය.
බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මානය ලබාගැනීම ලක්ෂ ගණනක් වන මාධ්‍ය වෘත්තිකයන් සිය සිහිනයක් ලෙස සලකන්නකි. වසර 30 පමණ සිට පවත්වන මෙම සම්මාන උළෙල මාධ්‍ය වෘත්තිකයන් අතර ගෞරව බහුමානයට පත්වී ඇත්තේ මෙතරම් විවෘත හා බැරෑරුම් ක්‍රමවේදයක් අනුගමනය කරන වෙනත් සම්මාන උළෙලක් නොමැති නිසාවෙනි.