Image: Vikalpa

”මේ නලලේ තිලකය තියාගෙන, මගේ ස්වාමිපුරැෂයා කවදා හෝ එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය යුද්දෙ කාලේ සීඅයිඩී එක ඇවිල්ලා තමයි මන්නාරම දෙමළ මහා විද්‍යාලයේදී මගේ ස්වාමිපුරැෂයාව අරන් ගියේ. මම මෙහෙම ප්‍රශ්ණ කරන්නේ නෑ, මගේ ස්වාමිපුරැෂයා එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ හිටියා නම් නම්. නමුත් අපිට හමුදාව කිව්වේ අපේ පාලන ප්‍රදේශවලට එන්න, අපි ඔබව සතුටින් තියනවයි කියලා. ඒ හිංදා එයාලාව විශ්වාස කරලා තමයි අපි හමුදා පාලන ප්‍රදේශයට ආවේ. එහෙම ඇවිල්ලා ඉන්නකොට තමයි මගේ ස්වාමිපුරැෂයාව අතුරැදහන් කරේ. ඒ වෙන කුවුරැත් නෙවේ. ආරක්ෂක අංශය. සීඅයිඩීය. ඒ නිසාම තමයි මම ඉල්ලන්නේ මගේ ස්වාමියාව හොයලා දෙන්න කියලා. ඊයේ පෙරේදා තිබුණ ජනාධිපති කොමිෂන් සභාවට මම ඒ ගැන පැමිණිල්ල කරන්න ගියාම ඒ ජනාධිපති කොමිසමේ හිටපු කෙනෙක් මගෙන් ඇහුවා, ‘‘සීඅයිඩී එක ඔයාගේ මහත්තයා කොහේද ගෙනිහිල්ලා තියෙන්නේ කියලා ඔයා දන්නවද කියලා‘‘ ඒ වගේ මෝඩ ප්‍රශ්ණයක් මගෙන් ඇහුවේ උගතෙක් හැටියට නෙවෙයි. මම එතුමාට කිව්වා, සීඅයිඩී එක මගේ මහත්තයා ගෙනියපු තැන මම දන්නවා නම් මට ඔබට කියන්න තිබුණා, නමුත් එහෙම දෙයක් මම කොහොමද දන්නේ කියලා මම කිව්වා. බුදුන්ගේ ධර්මය තියනවා කියන රටක් හැටියට මේ රටේ අය මේකට මැදිහත් වෙලා අපිට විසදුම් ලබා දෙන්න ඕන. ඇයි අපිට විතරක් වෙනම සැලකීමක් කරන්නේ කියලා අපි අහනවා.”

[සීදුව, රද්දොලුවේ, අතුරැදහන් වූවන් සිහි කිරීම සදහා පසුගිය 27වනදා පැවති සිහිකිරීමේ වැඩසටහනට මන්නාරමේ සිට පැමිණි මෙම මව තමන්ගේ ස්වාමියා අතුරැදහන් කිරීම පිළිබදව එසේ පවසා සිටි අතර පහත පළවන්නේ ඇයගේ බසින් ඒ පිළිබදව පළ කල අදහස්ය. ඉහතින් දැක්වෙනුවේ ඇය දැක්වූ අදහස් වල සංක්ෂිප්ත පරිවර්තනයකි]