මෙන්න එම ‘මඩ‘ පෝස්ටරය
මෙන්න එම ‘මඩ‘ පෝස්ටරය

පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු, හර්මන් කුමාර ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කරමින් අලවා තිබූ වෛරී සහගත සහ අපහාසාත්මක පෝස්ටර් ව්‍යාපාරය මෙන්ම ඒ පිටුපස ඇති ‘මඩ ව්‍යාපාරයන්’ පිළිබදව ද, විශේෂයෙන් එම පෝස්ටරය ඇලවීමෙන් පසු 26 දින රාත්‍රියේ අතුරැදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති, බ්‍රිටෝ ප්‍රනාන්දු ගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයන් එල්ලකිරීම, සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(30) කොළඹදී, මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.

”NGO වලට ඔය තරම් බය ඇයි‘‘/ ‘‘මඩින් නොව ගොඩින් එන්න‘‘ යන තේමාවෙන් යුතුව සංවිධානය කර තිබූ එම මාධ්‍ය හමුවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති, බ්‍රිටෝ ප්‍රනාන්දු, ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරයේ, කැදවුම්කරැ හර්මන් කුමාර සහ මොන්ලාර් සංවිධානයේ, මෙහෙයුම්කරැ චින්තක රාජපක්ෂ, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිංතුංග ජයසූරිය ඇතුලු පිරිසක් ඒහිදී අදහස් දැක්වූහ.

පහත දැක්වෙන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ හඩපටයි.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා,

සිරිතුංග ජයසූරිය මහතා,

හර්මන් කුමාර මහතා,

බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා,

චින්තක රාජපක්ෂ මහතා,

Media Briefing