‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය.

සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය, විථි සංවාද, කාටුන් ප්‍රදර්ශණ, විදි ගායනා, බෙර වාදන, කවි බණ, පත්‍රිකා බෙදීමේ ව්‍යාපාර, ජීවිතය උදෙසා සංගීත වැඩසටහන් ඇතුලු විශේෂාංග ගණනාවකින් මෙම වැඩසටහන සමන්විත විය. එසේම සිවිල් සංවිධාන විසින් සකස් කර ඇති ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුලත් ලියවිල්ලක් ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ට බාරදීමටත් සිදු වූ අතර දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නායකයින් සහභාගීවන ‘විදියේ මාධ්‍ය සාකච්ඡාවක්‘ පැවැත්වීමත් ඒහි විශේෂයක් විය.

මෙම වීදියේ විරෝධයට විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජිතයින් සහ ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක පුරවැසියන් විශාල ප්‍රමාණයක් එම විරෝධතාවයට සහභාගී වී සිටි අතර, පහත දැක්වෙන්නේ එම විරෝධයේ වීඩියෝ සහ ඡායාරෑප එකතුවක් වන අතර එම විරෝධතාවයේ සම්පූර්ණ වීඩියෝවක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන්න.

Full Photo Set


Created with flickr slideshow.