‘ගොළු සැවුල වද නොසී හඩලන්න
කොර අසුනි වද නොදී දිව යන්න…
නිවට හිවළුනී, තොපට කාලයයි…
වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර)

පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති අවස්ථාවට පොලීසිය බලාසිටියදී ම තලාව ප්‍රාදේශීය සභාවේ මංත්‍රී වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකවරයෙක් යැයි කියා ගන්නා උදිත ප්‍රනාන්දු නම් මැරයන් සහ තවත් මැර පිරිසක් කඩා වැදි, ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් ට සහ සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි තිසර සමන්ටත් ලෙස පහර දී තිසර මාධ්‍යවේදියාගේ කැමරාවට අලාභ හානි පමුණුවා මරණීය තර්ජන එල්ල කළේ ය. නමුත් රාජපක්ෂ පොලීසියේ කිසිදු පොලිස් නිළධාරියෙක් ඒ මැරයන් විසුරුවා හැරීමට කටයුතු නොකළ අතර, එප්පාවල පොලිසි ෙය් ස්ථානාධිපතිවරයා පසුව ප්‍රකාශ කළේ එසේ පහර දෙනාවාවත් තමන් නොදුටු බවය.

ඒ තරමටම වියරු වැටුනු මැරයන්ට බිය වූ පොලීසිය, දෙසැම්බර් 7 වනදා එම පහර දීමට විරෝධය පාමින් එම මැරයන් අත්අඩංගුවට ගන්නා ලෙස ‘වියරුවට එරෙහි‘ කණ්ඩායම විරෝධයක් පවත්වා බල කර සිටීමෙන් පසුව පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර පසුව එම මැරයන්ට අධිකරනය විසින් ඇප ලබා දීමට කටයුතු කරන ලද්දේ ලංකාවේ අධිකරණයේ ස්වාධිනත්වයේ තරම නැවත නැවතත් පෙන්වමිනි.

මෙම පහරදීමට විරෝධය දක්වමින් පසුගිය 7වනදා කොළඹ, සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී මාධ්‍ය සාකච්ඡාවක් පැවත් වූ අතර එයට ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීන රංගධර ඩබ්ලිව් ජයසිරි, ප්‍රවීන සිනමාවේදී ප්‍රසන්න විතානගේ ඇතුලු කලාකරුවන් පිරිසක් එක්ව සිටි අතර පහත පළවන්නේ පහරකැමට ලක් වූ ප්‍රවින ගායන ජයතිලක බණ්ඩාරයන් දැක් වූ අදහස් ඇතුලත් වීඩියෝ දර්ශනයි.