‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘
මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

වීදියේ විරෝධයේ, එප්පාවල පැවති වැඩසටහනට ආණ්ඩුවේ මැරයින් කඩා වැදී ප්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු සිවිල් ක්‍රියාකාරීන්ට පහර දීමත්, හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී තිසර සමන්ට පහරදී, තර්ජනය කර ඔහුගේ කැමරාවට අලාභානි කිරීමත්, රාවය පුවත්පතේ කර්තෘ කේ. ඩබ්. ජනරංජන මහතාව රහස් පොලීසිය වෙත කැදවා ප්‍රශ්ණ කිරීමටත් විරෝධය පාමින් මෙම විරෝධතාවය පැවැත්වීය.

පුරවැසි බලය විසින් සංවිධානය කර තිබූ එම විරෝධය ආසන්නයේ රාජපක්ෂ පාලනයේ බත්බැලයන් පිරිසක්ද පැමිණ පවත්වමින් සිටි එම සාමකාමී විරෝධයට, විරෝධය දක්වමින් සුපුරුදු ලෙස ‘කුලී විරෝධයක්’ පවත්වන අයුරැ දැක ගත හැකිවිය. ඒම බත්බැලයින්ගේ විරෝධයට පැමිණි පිරිස තමන් පැමිණියේ කුමකට විරෝධය දක්වන්න දැයි විමසූ විට පවසා සිටියේ ‘අපිට එන්න කිව්වා, ඉතිං අපි අවා‘ යනුවෙනි.

පහත පළවන්නේ ‘පුරවැසියන්‘ විසින් ‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව පවත්වන ලද විරෝධයේ සටන්පාඨ සහ ඡායාරෑපයි.

මොකද්ද මේ – විරෝදේ
පුරවැසි බල – විරෝදේ
මර්දනයට – විරෝදේ
තගරියටයි – විරෝදේ

මැකෝ බබා – කාරියාලේ
මාධ්‍යට -නිදහස කෝ
පචවාහිනී – විතරමයිද
අනික් චැනල් -අවලංගුද

ජනතාවගේ – ජනරාවය
ඇත්ත ලියපු – අපෙ රාවය
තොපේ හෙළුව – එළි කලාට
හරියනවද – බය කලාට

CID – මෝඩපාට්
නවත්තපන් – පොලිස් පාට්
මැතිවරණය- සාධාරණ
නොතිව්වොතින් – යවනවා ගස්

එපා එපා – තගරි එපා
මාධ්‍යට – තගරි එපා
එපා එපා – මරනු එපා
විරුද්ධ මත -මරනු එපා

ජනරංජන – ලියපු ඇත්ත
මහජනයට – දැනෙන ඇත්ත
CID – පොලිස් පාට්
අකුලගනිව් – නොවී ලැජ්ජ

රාවයේ ගිය – ලිපිය දැකලා
කණුවෙ රජා – වෙව්ලාලා
පෑනකටත් – බයවෙනකොට
රාජපක්ෂ – වීරයෙක්ද

එප්පාවල – බලු ගැත්තෝ
ජයතිලකට – ගුටි ඇන්නෝ
කැමරාවට – බයේ බයේ
හිරු කැමරා – කුඩු කෙරුවෝ

ජයතිලකට – බයයි අනේ
ජන දුකමය – කවිය උනේ
ජයතිලකගේ – හඩට බයේ
ආණ්ඩුවයි – මේක කලේ

ජනතාවගේ – ජන ගීතය
කලා කරුවෝ – ගැයු ගීතය
නලාකරුවො – සල්ලි වලට
දිවුල්ගනේ – වැසු ගීතය

පරාජයෙන් – වියරු වැටිලා
මාධ්‍යට – තගරි දමලා
කලාකරුට මගදි – ගහලා
හිතේ දුකට – වියරු වැටිලා

ඡන්දෙ අස්සේ – තර්ජන බල
කරනු එපා -බොරු කලබල
කණු රජාගේ – බොරු බේගල
හෙළි කරනවා – පුරවැසි බල

යුද්දේ යුද්දේ – කණුවෙ රජෝ
විදුලි පුටුවේ – කණුවෙ රජෝ
මැර තර්ජන – බොරු තර්ජන
උඹේ ටිකට් – අපි කපනෝ

භීෂණේ – භීෂණේ
රාජපක්ෂ – පාලනේ
නැති කරනවා- භිෂණේ
අටවෙනිදට – ජනේරුවේ

IMG_5712

IMG_5734

IMG_5739

IMG_5742

IMG_5745

IMG_5769

IMG_5836

IMG_5842

IMG_5724

More Photos | Vikalpa

@Vikalpa

*මෙම සාමකාමී විරෝධයට, විරෝධය දක්වමින් පැවතී ‘කුළී විරෝධයේ‘ ඡායාරෑප සහ විස්තර ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තු වන්න.