මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ක්‍රියාවන් මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළදී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ[CMEV], සම්බන්ධීකාර මංජුල ගජනායක ‘විකල්ප‘හා සම්බන්ධ කරගනු ලැබූවේ වත්මන් තත්ත්වය පිළිබදව විමසා බැලීමටයි.

ඔහු ‘විකල්ප සමග එක්වෙමින් කියා සිටියේ ‘සමස්ථ සිදූවීම් 201ක් ලැබී ඇති බවත්, ඉන් 117ක් බරපතල සිද්ධීන් බවත්, 84ක් බරපතල නොවන සිද්ධීන් බවක්, විශේෂයෙන් එම සිදුවීම් අතර ගිනි අවි භාවිතා වූ සිද්ධීන් 16ක් පමණ වාර්තා වූ බවත්ය. එසේම පසුගිය දිනක මහියංගණය ප්‍රදේශයේදී, විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයකට පහරදු දුන්නා, ඒ විතරක් නෙවෙයි එහි සිටි අබාධිත සෙබලෙකුලේ කෘතිම පාදයක් පවා එම පහරදීමට සම්බන්ධ වූවන් රැගෙන ගොස් ඇති බවය. එසේම මේ සමස්ථ සිදුවීම් තුළ පොලීසියේ හැසිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම ආදීයේදී ඔවුන්ගේ හැසිරීම එතරම් සතුටුදායක නොවන බවත් මංජුල ගජනායක වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මංජුල ගජනායක සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව සදහා පහත වීඩියෝවට පිවිසෙන්න.