ආදරය මළ තැනෙනි
මතුවුණේ
“නිදහස”ය කී
කුරිරුකම

පරම නිදහස
පිටපත් ගසා
බෙදන දන
කර නැගී
මම
මගේ අම්මා
වැළඳ ගමි

එකෙණෙහිම
එවන්ම මවකගේ
වසන්තේ මුවදොරට
“නිදහසක්” හරස් වී
ආදරය පෙති ගසනු
මම දකිමි

ඉතින් මහතුනි
මම අසමි

හඬක් හැඬුවට
නෑසෙන
හිතක් නැති
දැයක් කුමටද??

Sanjula Picසංජුලා ඔෂිණී පීටර්ස් | Sanjula Oshinie Pietersz