IMG_20150406_154149
මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු නැවත වරක් වීරවංශ, වාසු, දිනේෂ්, ගමිමන්පිල ඇතුලු ජාතිවාදීන් විසින් රටපුරා ගෙන යන වර්ගවාදයට විරුද්ධව අද(06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැළියක් සංවිධානය කර තිබිණි. වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ එම රැළිය පසුගිය 08වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු ජාතිවාදයට විරුද්ධව පවත්වන ලද පළමු රැළියයි.

‘වර්ගවාදී ගිණි පුපුරු නිවා දමමු! ලැබූ ජය අර්ථවත් කරමු‘ යන තේමාවෙන් සංවිධානය කර තිබූ එම රැළිය සදහා උතුරැ නැගෙණහිර මෙන්ම දකුණේ බොහෝ දිස්ත්‍රික්ක වලින් විශාල පිරිසක් එක්ව සිටියේ ය. මනෝ ගනේෂණ්, වික්‍රමබාහු කරුණාරත්න වැනි දේශපාලන නායකයින්ද, වර්ගවාදයට විරුද්ධ කලාකරුවන්ද, වෘත්තීය සමිති නායකන්ද, බහුජන සංවිධානවල නායකයන් ද එම රැළියට සහභාගී වි සිටියේ ය.

පහතින් දැක්වෙන්නේ එම රැලියේ අවස්ථා කිහිපයක් ඡායාරෑප ශිල්පිණි නයනහාරි අබේනායකගේ කැමරාවේ සටහන් වූ අයුරැයි.

DSC_2974 copy

DSC_3007 copy

DSC_3077 copy

DSC_3093 copy

DSC_3132 copy

DSC_3160 copy

IMG_20150406_183931

10995608_811601148921583_6913246642030826133_n

11045410_811600218921676_618119658213008727_n

11048723_811601425588222_3289387465081805415_n

11138177_811598542255177_994219479886181554_n

මේ එම වැඩසටහන පිළිබදව වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් සකස්කරන ලද ලියවිල්ලයි!

1948 න් පසු ශී‍්‍ර ලංකාවේ බිහි වූ දුෂ්ඨතම පාලකයා වූ මහින්ද රාජපක්ෂ අප ජරාජය කළෙමු. අපකීර්තිමත් සහ අසමත් කමේ සංකේතය බවට පත්ව සිටි එ්කාධිපති පාලකයා ඉවත්කොට අපි අලූත් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තෙමු. අවිචාරවත් භාවයෙන් සහ ජාතිවාදයෙන් වියරු භාවයට පත්ව සිටි පාලන ක‍්‍රමය අපි නතර කළෙමු. එ් සදහා තම යුතුකම ඉටු කළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූ ජන කොටස් වලට එ් ගෞරවය හිමි විය යුතුය. දෙමළ සහ මුස්ලිම් ජනතාව සිංහල ජනතාවත් සමග කිසිදු කොන්දේසියකින් තොරව අත්වැල් බැදගෙන සිටි බව අප ගෞරවයෙන් සිහිපත් කර යුතුය. එසේම නැවත නැවතත් එ් ඓතිහාසික මෙහෙවර අගය කළ යුතුය.

සිවිල් සංවිධාන 112ක් සංධාන ගත වී ගොඩනගා ගත් වීදියේ විරෝධය කණ්ඩායම අපහාස කිරීම් බියවැද්දීම් සහ පහරදීම් හමුවේ අධිෂ්ඨාන සහගතව 2015 ජනවාරි 08 වන දින ලබා ගත් ජයග‍්‍රහණය සදහා පෙරමුණ ගත් බව ප‍්‍රකාශ කරන්නේ අහිංසක ආඩම්බරයක්ද සහිතවය.

සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් විසින් අත්පත් කර ගත් ජයග‍්‍රහණය ආපසු හැරවීමට විමල් වීරවංශ, වාසුදේව නායකක්කාර, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල ප‍්‍රමුඛ දේශපාලන අනාතයින් උත්සාහ කරමින් සිටින්නේ ජාතිවාදය සහ ආගම්වාදය පතුරවමින් බව අප තේරුම්ගෙන සිටිමු. ජාතීන් අතර සංහිදියාවක් ගොඩනගනවා වෙනුවට ජාතීන් අතර වෛරය පතුරුවා හරිමින් මොවුන් විසින් දරණ නින්දිත උත්සාහය අනුකම්පා විරහිතව පරජය කළ යුතු යැයි වීදියේ විරෝධය කණ්ඩායම තරයේ විශ්වාස කරන්නෙමු.

ආණ්ඩුවේ කොටස්කරුවෙක් ලෙස ද පෙනී සිටිමින් කටයුතු කරන චම්පික රණවක ඇමතිවරයා සිය සුපුරුදු ජාතිවාදී ස්ථාවරය ප‍්‍රදර්ශණය කරමින් ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කිරීමට අකමැත්ත ප‍්‍රකාශ කරමින් වහසිබස් දොඩවන අතර එ් වෛරී සහගත උත්සාහය ද පරාජය කිරීමට අප පෙරමුණ ගත යුතුය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ගෙන ඒම තුලින් ජනතා අභිලාශ ඉටු කර ගැනිමට අවශ්‍ය මූලික පදනම ගොඩනැගීම අත්‍යාවශ්‍යව පවතී. නමුත් ජනතා බලාපොරොත්තු වූ ආකාරයට එය ඉටු නොවීම සදහා නැවත වරක් අන්තවාදී පක්ෂ හා කණ්ඩායම් උත්සහා ගනිමින් සිටී. අප සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 19 ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කර ගැනීමට අවශ්‍ය බලපෑම් සිදු කිරීමට එකතු වන ලෙසය. ඉදිරි දින වලදී මෙයට අදාල කටයුතු සිදුවන බැවින් ජනතාව ලෙස අවධියෙන් සිටින ලෙසත්, සෑබෑ ජනතා නායකයින් හදුනාගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

දශක කිහිපයක් පුරා ඇවිලූණු ජාතිවාදී ගිනි දැල් වලින් මිනිස් ජීවිත ලක්ෂ ගණනක් අහිමි වූ බව අපට අමතක කළ නොහැකිය. ජාතිවාදී ගිනිදැල් වලින් පෝෂණය ලැබූ කළු ජූලියේ මරලතෝනිය නැවත වරක් ඇසීමට අපි අකමැත්තෙන් සිටිමු. දර්ඝා නගරයේ සිදු කල ම්ලේච්ඡ ප‍්‍රහාරයේ දී විපතට පත් මුස්ලිම් ජනතාවගේ කඳුළු නැවත දකින්නට අපි අකමැත්තෙන් සිටිමු. අපට අවශ්‍ය වන්නේ සියලූ ජන කොටස්වලට නිදහසේ ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් ගොඩනැගීමයි.

කිසිදු ජාතියක් තවත් ජාතියකට වඩා උසස් හෝ පහත් වන්නේ නැත. කිසිදු ආගමක් තවත් ආගමකට වඩා උසස් හෝ පහත් වන්නේ ද නැත. සියලූ ජාතීන්ට වෙනසකින් තොරව සියලූ අයිතිවාසිකම් සිහිතව ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත විය යුතුය. අප ලබාගත් ජයග‍්‍රහණය අර්ථවත් කරගත හැක්කේ එවිට පමණක් බව අප තරයේ විශ්වාස කරමු.

මහින්ද පරාජය වුයේ ජාතිවාදියෙක් වූ නිසාය, මහින්ද පරාජය වුයේ එකාධිපතියෙක් වූ නිසාය, මහින්ද පරාජය වුයේ පොරොන්දු ඉටු නොකළ නිසාය

වීදියේ විරෝධය ව්‍යාපාරය