ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංගමය(SLAPA) ආයාචනා කරනු ලබයි.

ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංගමයේ(SLAPA) සභාපති, මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ,

පසුගිය දශක කිහිපය තුළ අප රටේ ජාතික සමඟිය, අභිමානය, සාමය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, පුරවැසි අයිතිවාසිකම් සහ සමාජ වටිනාකම් ක‍්‍රමාණුකූලව සොදාපාළුවට ලක් වී ඇති අතර, අද වන විට අපගේ සියළු සමාජ නිර්මිතයන් බිඳ වැටී තිබීම අප සැවොම එක්ව පරාජය කිරීම මූලික ජාතික ප‍්‍රමුඛතාවය බවට පත්ව ඇත. මෙම විනාශයේ ගමන් මඟ හැරදා, අපගේ චින්තන ක‍්‍රමයේ සහ භාවිතයේ දැනුවත් වෙනසක් ඇතිකර නොගතහොත්, වඩා යහපත් ලංකාවක් පිළිබඳව අපගේ සියළු අභිලාශයන්, හුදු මායාවක් බවට පත්වනු නිසැකය.

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාම තමන්ගේ ජනාධිපතිවරණ ප‍්‍රකාශනයන් මගින් ව්‍යවස්ථා සංශෝධනය, යහපාලනය හා වෙනත් ජනතාවාදී ප‍්‍රතිසංස්කරණයන් සඳහා දුන් පොරොන්දු අපි සාදරයෙන් පිළිගතිිමු. එ් සඳහා මෙරට ඡන්දදායක ජනතාව පිළිවෙළින් ලක්‍ෂ 62ක් සහ 58ක් සිය කැමැත්ත ප‍්‍රකාශ කොට ඇත. සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කල යූතු බව අප සංගමයේ් ස්ථාවරයයි. ඵසේ වවූද, ඵළඹ ඇති අවස්ථාව පැහැර නොහැර, දීර්ඝ කාලීනව හා ජාතික වැදගත්කමකින් යුත් මතු දැක්වෙන සීමිත ව්‍යවස්ථාමය වෙනස්කම් හෝ සම්මත කරගැනීමට පාර්ළිමේන්තුවේ සියළු දේශපාලන පක්‍ෂ විසින් හැකි උපරිම එකඟතාවකින් කි‍්‍රයා කරනු ඇතැයි මේ වේලාවේදී අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

1. 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක කළ, ඵහෙත් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ක‍්‍රියා විරහිතවූ, යහපාලනයක් ඇති කිරීමට මූලික පදනම සපයන ස්වාධීන කොමිෂන් සභා යෝජිත සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යළි ස්ථාපණය කිරීම;

2. ජනමත විමසුමකට නොගොස් පාර්ළිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් ඉවත් කලහැකි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලසා ඇති ඉඩකඩ තුළ ජනාධිපතිවරයාගේ බලතල වලින් කොටසක් පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කර ගනු ලබන මහජන නියෝජිතතුමන්ලාගෙන් සමන්විත විධායකය වෙත පැවරීම; සහ

3. දැනට ක‍්‍රියාත්මක දූෂිත, වෛරය වපුරන, නාස්තිකාර ඡන්ද ක‍්‍රමය වෙනස්කර නව මැතිවරණ ක‍්‍රමයක් බළාත්මක කිරීම.

සමස්ත ශ්‍රී ලාංකික සමාජයම නව රජයෙන් සහ දැනට පාර්ළිමේන්තුවේ සිටින සෑම පක්ෂයකටම අයත් මහජන නියෝජිතතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් මූලික සංශෝධනයන් සියල්ල සම්මත කිරීමයි.

ඵහෙත්, යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කොට ඇත්තේ් ඉහත සඳහන් 1 සහ 2 යන අවශ්‍යතා පමණක් බවට මේ වනවිටත් චෝදනා ඵල්ලවෙමින් පවතී. මෙම තත්‍වය හමුවේ ඉහත දැක්වෙන පොදු අවශ්‍යතාව සම්බන්ධයෙන් පාර්ළිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් අතර දක්නට තිබූ පුළුල් එකඟතාව හා අන්නෝන්‍ය විශ්වාසයද වඩ වඩා ශක්තිමත් කර ගත යුතුව ඇත.

එබැවින් අපි නව රජයටත්, පාර්ළිමේන්තුව නියෝජනය කරන ඔබ සැමටත් ආයාචනා කරන්නේ, එළැඹ ඇති සුවිශේෂී කෙටිකාලීන දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා අප මව්බිමට සාධාරණය ඉටුුකරන ලෙසය.


මේ සම්බන්ධයෙන් SLAPA විසින් පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කරන ලද ආයාචනය පහතින් පලවේ.

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂීී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධා…