Image Credit: Sathya Adahara /FB

රාජපක්ෂවරු දැන් අන්දුන්කුංදුන් වී ඇති නමුත් දැන් ලෝකෙටම තවත් ඉතාමත් ඉහළ ආශ්චර්යක් පෙන්වමින් තිබේ. එයට මූළික පදනම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසම හමුවට කැදවා තිබීමයි.

කොහේදෝ යන වැස්සකට ඉස්කෝලෙකට ගොඩ වී ‘මම පාසල් ගියා‘ කිව්වා සේ එක්තරා විශේෂ අවස්ථාවක නීතිඥයෙකු වීමට වරම් ලැබූ අය ජනාධිපතිලා වූ රටක මේ යතාර්තය තේරුම් නොගැනීම ගැන පුදුම වන්නට දෙයක් ද නැත. එය නම් අල්ලස් කොමිසම තවමත් කිසිවෙකුත් වැරදි කරුවෙකු ලෙස නම් කර නැත. කර ඇත්තේ පැමිණ ප්‍රකාශයක් දීමට කැදවීම පමණි.

නමුත් ගිණි ඇවිලී ඇත. ‘පුහුල් හොරා කරෙන් දැනේ‘ වැනි කියමන් බොහෝ අය දන්නා දෙයකි. දැන් සිදු ඇත්තේ එයටත් වඩා දෙයකි. පත්තු කරන්නට පෙර පත්තු වී ඇත. ‘හොරාට පෙර කෙහෙල් කැන වැට පැන‘ තිබේ.

එය හොදින්ම පෙනේන්නේ හොරුන් බේරා ගැනීමට හොරුන් කරන උපවාසයන්ගෙන්ය. විරෝධතා වලින්ය.(කතාවක් තිබේ, එකම වර්ගයේ කුරුල්ලන් වහන්නේ එකම අත්තේය, ඊයේ පාර්ලිමේන්තුවේ AC උපවාසයෙන් එය තවත් හොදින් පෙනිනි)

එක් පැත්තකින් ඡන්දයෙන් පැරදුනත් ලෝකෙටම ආශ්චර්ය සැපයීම රාජපක්ෂලා අත්හැර නැත. දැන් නීතියට අනුව ක්‍රියාකිරීමට විරුද්ධව රාජපක්ෂලා සහ කල්ලිය බිම වාඩිවී, පාරවල් ගානේ කෑ ගසමින් ඇත. මෙයත් රාජපක්ෂලාගේ තවත් ආශ්චර්යකි.

තවත් එකක් ඇත. එය තියුණුය.

ඊයේ පාර්ලිමේන්තුව ඉදිරියේ කරන ලද විරෝධයේ සහ පාර්ලිමේන්තුව තුළත් විමල් වැනි මංත්‍රීවරැන්ද දිගින් දිගටම කල ප්‍රකාශයක් විය. ‘රට බේරාගත් නායකයා‘ ‘යුද්දෙ දිනූ නායකයා‘ යනුවෙනි. දැන් මොවුන්ට අනුව දහස් ගණනක් ඝාතනය කර රට බේරාගත් නිසා, යුද්දෙ දිනූ නිසා හොරකං කළාට, අල්ලස් දුන්නාට, අපරාධ කළාට කම් නැත. මෙය තමයි රාජපක්ෂ සහ කල්ලිය ලෝකෙට සපයන අනෙක් ආශ්චර්ය.

හොරකංකිරීමටත්, අපරාධකිරීමටත් නියම ලැයිසොං එක ට බේරා ගැනීමය.

දැන් හොරකං කිරීමටත්, අපරාධ කිරීමටත් කිසිවෙකුත් බලා සිටී නම් ඉස්සෙල්ලා බල්ලෙක් මරලා හෝ කියාපල්ලා අපි රට බේරා ගත්තා කියලා. එතකොට රාජපක්ෂ තියරිය අනුව ඕනෑ තරම් හොරකං, අපරාධ කළ හැකිය.

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරය, අල්ලස් ගැන පරික්ෂන එපා යැයි බිම වාඩිලාගත් ඊනියා වාමවාදීන් ඇතුලු තක්කඩි මංත්‍රීවරුනි, සිංහ කොඩියෙන් අමුඩ ගසන් පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණී කොන්දක් නැති ජනයිනි, ඊනියා කහසිවුරු කාරයිනි, නුඹලා මේ විනාශ කරන්නේ රටේ අනාගතයයි. එබැවින් රාත්‍රී නිදි පැදුරේදී භයානක හීන පෙනීමට පුලුවන. එවිට තක්කඩි නුඹලාට දහවල් දෙසන ඉතිපිසෝ ඝාථාවත් අමතක වී යනු ඇත.