ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ!
L

සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ!
S

නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ!
N

ප්‍රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි?
PR

පෝද්දල ජයන්තට මරණීය තුවාල සිදුකර පලාගිය මැරයා තවමත් යහපත් ලෙස වැජබෙනවා ද?
Po

එපමණක් නොවේ, උතුරේත්, දකුණේත් තවත් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍යසේවකයන්, මාධ්‍ය ආයතනවලට එල්ල කරන ලද ප්‍රහාරයන්, ගිණිතැබීම්, බියවැද්දීම් වලට සම්බන්ධ කිසිදු අයෙක් තවමත්, තවමත් හදුනාගෙන නැත.

මෙම ඝාතනයන්, පහරදීම්, බියවැද්දීම් බොහොමයක්(සිදුවීම් ප්‍රමාණයක් හැරුණු විට) සිදුකරන විට මාධ්‍ය නිදහස උදුරා දමමින් ලංකාව පාලනය කළ රාජපක්ෂ පාලනය දැන් අහවර වී රාජපක්ෂ මැදමුලනට වී පංසල් යමින් සිටී.

දැන් ඇත්තේ මෛත්‍රී, රනිල් ‘යහපාලනය’ස්ථාපිත කරනවා යැයි පැමිණි ආණ්ඩුවකි!

එබැවින් දැන්වත් මේවාට වගකිවයුත්තන් සොයනු! මේ සියලු දේට යුක්තිය ඉෂ්ඨ කිරීම ප්‍රමාද කරනවා යනු ‘යහපාලනය‘ ප්‍රමාද වීමයි!