Image Credit: Derana

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලනඥයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා‘ සිරිසේන ජනාධිපතිවරයා මෙසේ පවසා තිබුණේ අද(09) “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජාඇල නගර සභා පිටියේ පැවති උත්සවයකට එක්වෙමිනි.

දෙරණ වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කර තිබුණේ ‘‘නීති විරෝධීව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන දේශපාලනඥයින් සම්පූර්ණයෙන්ම එයින් ඉවත්වීම ඉතා අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.‘‘ යනුවෙනි.

මේ කතාව කියන්න මොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, එක්සත් ජනතා නිදහස් සංධානයෙන්, කුරැණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සියලු පහසුකම් සළසා දුන් බව මාධ්‍ය වාර්තා කලේය.

රාජපක්ෂ පාලනය තුළ ඇති පදම් සිදුකල සියලු ආකාරයේ ‘ජාවාරම්‘ ගැන පසුගිය ජනවාරි 8වෙනිදාට පෙර වේදිකාවල බෙරිහන් දුන් සිරිසේන පොදු අපේක්ෂකයා, ජනාධිපති වීමෙන් පසු, දැන් ෆැසිස්ට් පන්නයේ පාලකයෙක් වූ රාජපක්ෂට නැවතත් මේ රටේ ඡන්දය ඉල්ලීමේ බලය සිය සංධානයෙන් ම දුන්නේ ය.

නැවත නැවතත් රාජපක්ෂ පාලනයේ කෙරුවාව ගැන පිටු ගනන් ලියන්නට අවශ්‍ය නැත.

කියන්නට ඇත්තේ ෆැසිස්ට් පාලකයෙකුට නැවතත් නාම යෝජනා ලබා දී දැන් ‘ජනාධිපති මහත්තයෝ බබා කතා කියන්න එපා.‘ කියලයි.

ඡන්ද ලක්ෂ 62කක් පොදු අපේක්ෂකයාට ලබා දී, පරාජය කළේ රාජපක්ෂ පමණක් නොවේ, ඔහු ඇති කළ ජාවාරම්, ජාවාරම් දේශපාලනය ද මේ රටේ පුරවැසියන් විසින් පරාජය කළේය. ඒ පරාජය කළ ජාවාරම් දේශපාලනයට ඔබ විසින් නැවතවරක් ඔක්සිජන් සපයමින් ජනතාව ඉදිරියට පැමිණ මෙවන් ‘බබා‘ කතා කීමෙන් නරුමකම වසා ගැනීමට නොහැකිය.

එබැවින් තව දුරටත් මේ රටේ මිනිසුන් ‘බබාලා‘ කරන්නට වෑයම් කිරීම නිශ්ඵල ක්‍රියාවකි.

ඔබ කුණු කූඩයට එක්වීමට නියමිතය.