බ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් අද(05) සිදු කෙරුණාග ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග කෙරුණා.

දුගී දුප්පත් ජනතාවට ලැබෙන සහන ගැනල වරප්‍රසාද ගැන යළිත් අවස්ථාවාදී දේශපාලනඥයන් සිය කතා බහ ආරම්භ කර තිබේ. මැතිවරණ වේදීකාවේ ඔවුන් බෙරිහන් දෙන්නේ මේ දුප්පතුන්ගේ ඡන්ද ඩැහැගැනීමට ම පමණක් බව බොහෝ දෙනා දනිති, බ්ලූමැන්ඩල්ල කිඹුලා ඇළ ප්‍රදේශයේ පදිංචිව උන් සිත්ති නසීමා ඇතුළු ජනතාවට මේ දුප්පතුන්ට ලැබෙන බව කියූ සහන කිසිවක් ලැබුණේ නැත. ගුවන්තොටුපොළ ඉදි වෙද්දීල වරාය පුළුල් වෙද්දීල පාරවල්වල තාර ඇතිරෙදිදී නසීමලාගේ ජීවිත දෙස බලන්නට කිසිවකුත් සිටියේ නැත. ඔවුන්ට ඒ ගැන කියා ගන්නට කිසිවකු සිටියේ නැත.

නසීමාගේ ජීවිතයේ සිහිනය වූයේ නිවසකි. සංවර්ධන ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින්ල රූපවාහිනී සංවාදවල කතා කළ ඊනියා වියතුන් සිතුවේ පාරවල් හැදීම සංවර්ධනයට තවත් නමක් බවයිග ඒ සංවර්ධනයේ නිර්ණායකයන්ට නසීමලාව හසුවූයේ නැත.

නසීමලා දකිමින් සිටි නපුරු සිහිනය නිමවූයේ පසුගිය ජනවාරි 9 දා අලුයම ය. ඒ නවමු බලාපොරොත්තුවක් ඔවුන්ගේ සිත් තුළ මෝදු කරමිනි. ඉදිරි මහ මැතිවරණයල ඒ බලාපොරොත්තු යථාර්ථ බවට පත් කරනු ඇති නසීමලා දැන් උන්හ. පසුගිය අවුරුදු ගණනාවක කාලය තුළ විපක්ෂයේ සිටිය ද තමන් තනි නොකළ රවී කරුණානායක මන්ත්‍රීවරයා තම සිහින කවදා හෝ සැබෑ කරනු ඇතැයි නසීමා ඇදහුවා යග ඒ නිසා ම ඇය කෙසේ හෝ තම සිහින සැබෑ කර ගන්නා ජයග්‍රහණයේ හිනිපෙත්තට ම ගෙන ඒමට තමන්ට කළ හැකි සියල්ල ඉටු කළා ය. ඒ අනුව මුළු රට ම නව අපේක්ෂාවන් දල්වාගෙන සිටිද්දී නසීමා ද තමන් අදහන දේශපාලනය වෙනුවෙන් පෙරට ආවේ සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් දෛවය නසීමාට ඊට ඉඩ තැබු‍වේ නැතග ඇය ඒ වෙඩි උණ්ඩයට ගොදුරු වුණේ දරුවන් තුන් දෙනකු මේ ලෝකයේ තනි කර දමා ය.

වැඩිමහලු පිරිමි දරුවා වන මොහොමඩ් සබ්රිත්(17), ෆාතිමා සහීනා(12) සේ ම ෆාතිමා සෆීයා (6) දරු තිදෙනා ම මව නොමැති සාංකාවෙන් පෙළෙමින් සිටිති. පර්චස් දෙක හමාරක ඉදි කළ නිවසේ බිත්ති හතර මැද නසීමා ඇතුළු 19 දෙනෙක් දිවි ගෙවූහග නසීමාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ වරද නම් ඉදිරි මහ මැතිවරණයේ දී තමන් අදහන දේශපාලන පක්ෂයක් බලයට පත් කර ගැනීම සඳහා පෙනී සිටීම පමණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අභාවය සැල වූ සැණින් ඔවුන්ගේ නිවසට ගොඩවූහ. ඒ කුඩා නිවස තුළ පවුල් තුනකට අයත් මේ පිරිස ගෙවූ ජීවිතවල කටුක බව අවබෝධ කර ගත් ඔවුහු වහා ම ඇය වෙනුවෙන් නිවසක් ලබා දීමට තීරණයක කළහ.

තිදරු පියකු වූ රවී කරුණානායක ඇමැතිවරයාට නසීමා දිවි ගෙවූ සැටි අදහා ගන්නට බැරි තරම් විය. මව අහිමි දරුවන්ට සතියකින් දෙන්නට පොරොන්දු වූ නිවස දින හයක් ඇතුළත ලබා දෙන්නට අමාත්‍යවරයා කටයුතු කළේ ය. ඒ ඡන්දයක් නිසා නොව උතුරා ගිය මනුස්සකමේ ප්‍රතිඵලයක් ලෙස ය.

නසීමාගේ සිහිනය වූ ඒ නිවස අද (05) ඔවුන් වෙත පරිත්‍යාග කෙරිණි. ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ බිම් මහලේ නිවසක් නසීමාගේ පවුලේ අය වෙනුවෙන් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අතින් සිදු කෙරිණිග රුපියල් ලක්ෂ 75ක වටිනා මෙම නිවස පමණක් නොවල ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ මෙන් මල මුළුතැන්ගෙයි උපකරණ පවා ඔවුන් වෙත ලබා දුන්හ. අද සිට මේ දරු පැටවුන්ට ඔවුන්ගේ ම නිවසක් හිමිය. ඒ සිය අම්මා වසර ගණනක් දුටු සිහිනය සැබෑ කරමිනි. එහෙත් වසර ගණනක් දුටු සිහිනය සැබෑ වෙද්දී නසීමා නිකම ගොස් අවසන් ය.

@lankanewesweb