නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර මැතිවරණ ප‍්‍රකාශන බොහොමයක් නිකුත්ව තිබේ. අවාසනාවකට මෙන් කලින් පැවති මැතිවරණ සමග සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් හිංසනයෙන් තොර මැතිවරණයක් පිළිබඳ තත්ත්වය උතුරු කොළඹ වෙඩි තැබීමක් මගින් සිදු කෙරුණු මරණයකින් දැන් අවලස්සන කර තිබේ.

පෙර බොහෝ අවස්ථාවල දී මතු කර තිබුණු කරුණක් වුවද 2015 අගෝස්තු මහ මැතිවරණය රටේ ඉතාම වැදගත් මහ මැතිවරණය බවට තර්ක කළ හැකිය. මෙවර මැතිවරණයේ වැදගත්කම 2015 ජනවාරි ජනාධිපතිවරණයේ නොනිමි කාර්යය මගින් අවධාරණය කරනු ලබයි. මහින්ද රාජපක්ෂ දකුණේ ප‍්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ප‍්‍රදේශවල ඡන්ද 58 ලක්ෂයක් පමණ දිනාගත් අතර සිරිසේනගේ ජයග‍්‍රහණයේ වැඩි ඡන්ද සංඛ්‍යාව අපේක්ෂා කළ තරම් විශාල නොවීය. එමගින් රාජපක්ෂ කඳවුරේ දේශපාලන බලාපොරොත්තු තවමත් දැල්වී තිබේ. ජනාධිපතිවරණයෙන් පසු හා දැන් ඔවුන්ගේ තර්කය වන්නේ කෙසේ අර්ථ දැක්වුව ද ජනාධිපති සිරිසේන ජය ගත්තේ සුළුතර ජනයාගේ ඡන්දවලින් බවත් ආණ්ඩුවේ මාස 6 ක පාලනයේ බර රාජපක්ෂ විරෝධී බලවේගවලවලට එරෙහිව ඇති තත්වයක් තුළ තමන්හට පුනර්ජීවනයක් ලැබීමේ අවස්ථා වැඩි බවත් ය.

මේ සම්බන්ධයෙන් ගත් කල ප‍්‍රධාන වශයෙන් දමිළ ප‍්‍රදේශවලින් පිටත මැතිවරණය ජනාධිපතිවරණය නැවත පැවැත්වීමකි. සිරිසේන විසින්ම ඔහුට හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ව්‍යාපාරය සකී‍්‍රයව අත්හැර දැමීම මගින් හා එසේ කරමින් එලෙසම එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එහි ප‍්‍රධාන කොටස්කරුවා වන ශී‍්‍රලනිපය තුළ ඔහුගේ දුර්වලතාව විදහා පාමින් රාජපක්ෂට කාරණය සියතට ගැනීමට ඉඩ දෙනු ලැබ තිබේ. ඔහුගේ පූර්වගාමියාට නාම යෝජනා දීම පිළිබඳ ප‍්‍රශ්නය ගැන කරන ලද ඔහුගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයේ දී ජනාධිපති සිරිසේන මූලිකව පැවසුවේ එය ඔහුට කිරීමට අවශ්‍ය නොවූ නමුත් එය කරන්නට සිදු වූ බවත් එහෙයින් ඔහු එජනිසයේ මැතිවරණ ව්‍යාපාරයේ කිසිදු කාර්යයක් ඉටු නොකරන බවත් ය.

එලෙසම එක්තරා දුරකට පැවසුවේ ඡන්දය අනෙක් පැත්තට එනම් එජාපයට දිය යුතු බවත් ය. එහෙත් ප‍්‍රකාශයේ පසු කොටස ඉතාමත්ම විවාද සම්පන්න ය. රාජපක්ෂට නාමයෝජනා ලබා දීම ජනවාරියේ දී රාජපක්ෂලාට එරෙහි ව්‍යාපාරයේ නිරතවූවන් විසින් පාවා දීමක් යයි හඩ නැගීමට මග පෑදුවේ නම් එලෙසම ඔවුන්ට ඡන්දය නොදෙන්නැයි යෝජනා කිරීම රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් වෙතින් පාවා දීමකැයි යන චෝදනාව ඉදිරිපත් කිරීමට මග පාදා තිබේ. ජනාධිපති සිරිසේනගේ ක‍්‍රමෝපාය රාජපක්ෂලාටම සිය ගෙල වැලලා ගැනීමට ඇති තරම් ඉඩ දිය යුතුය හෝ ඡන්දදායකයාට ඔවුන්ව සම්පූර්ණ වශයෙන් ප‍්‍රතික්ෂේප කිරීමට තවත් අවස්ථාවක් දිය යුතුය යන්න විය හැකි අතර එය සාර්ථක වන්නට ද පුළුවන. එසේ වුව ද එලෙසම එය ශී‍්‍රලනිපයේ හදවතේ හා ආත්මයේ පාලනය අත්කර ගැනීම ද වෙනුවෙන් කරන අරගලයක් මගින් රටේ අනාගතය කප්පමකට දෙනු ලැබීමේ සූදුවකින් අවසන් වන්නට ද පුළුවන. රාජපක්ෂ නම් කිරීම සඳහා වන තාර්කිකය විය හැක්කේ බහුතර සිංහල ජනතාව ඔවුන් ඉල්ලා සිටින්නේය යන්න හා එහෙයින් ඔවුන්ට ආපසු බලයට ඒම සඳහා ප‍්‍රධාන ජන මත රැල්ලක් තිබේය යන්න පමණි.

මෙය තවමත් ප‍්‍රකාශයට පත් වී නොමැති අතර සිරිසේනගේ ප‍්‍රකාශය මගින් කිසියම් දුරකට ඔවුන්ගේ ශක්තිය දුබල කිරීමක් පෙන්නුම් කර තිබේ. ලබා ගත හැකි සාක්ෂි එජාපය තනි විශාලතම පක්ෂය ලෙස නැගෙමින් පවතින බව හා එමනිසා එජාප සහ සිරිසේන පාක්ෂික එජනිස ඇමතිවරුන්ගෙන් යුත් ආණ්ඩුවක් ඇති විය හැකි බව පෙන්නුම් කරයි. බහුතරය වඩාත් කුඩා වන අවස්ථාවක ආණ්ඩුවෙන් පිටතවන අනෙක් පක්ෂවල සහය ලැබීමේ ඉඩකඩ තිබේ. එමෙන්ම අනෙක් අතට රාජපක්ෂ එජනිසය විපක්ෂයේ විශාලතම පක්ෂය වශයෙන් මතුවීමේ ඉඩකඩ සහිතවන විකල්ප සිදුවීම් පෙළක දී රාජපක්ෂ එජනිසය එජාපයේ හෝ එජාපය නායකත්වය දෙන ආණ්ඩුවක් පෙරළා දැමීමට අනෙකුත් පක්ෂවලින් මන්තී‍්‍රවරුන් දිනා ගැනීමට උත්සාහ කිරීමේ ඉඩකඩ ද ඇත්තේ ය.

ප‍්‍රතිඵල වශයෙන් ඡන්දදායකයා විසින් මතක තබා ගත යුතු වන වැදගත් සාධකයන් වන්නේ ජනවාරිවල සිට නිම නොකරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා ස්ථාවර, ප‍්‍රතිසංස්කරණ සඳහා යොමු වූ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම පිණිස ප‍්‍රමාණවත් විශාල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට පෙරට පැමිණිය යුතු යයන්න ය. සත්තකින්ම ඊළග ආණ්ඩුව ඉටුකළයුතු වැඩකොටස දැනටම නිෂ්චය වී තිබේ. දූෂණ විරෝධී මෙහෙයුම සාර්ථක ලෙස නිම කිරීමට අමතරව – රාජපක්ෂ අපේක්ෂකත්වය දියත් කරන ලද්දේ එය නතර කිරීමේ අපේක්ෂාවෙන් විය හැකි ය- නව පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මක කළ යුතු, ජනවාරිවල දී රාජපක්ෂ විරෝධී පක්ෂ ඉදිරියට ගෙන ඒමෙන් වැලකී සිටි කාරණාම එනම් වගවීම පිළිබඳව වූ ගැටලුව සැප්තැම්බරයේ දී එළි දැක්වීමට නියමිතව තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව මගින් අවධාරණය කිරීමට ඉඩ තිබෙන සත්‍යය සෙවීම් හා සාධාරණය හා ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් යන කාරණා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබේ. ඊට අමතරව විසඳිය යුතු ආර්ථික ප‍්‍රශ්න, මැතිවරණ හා වෙනත් පාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්න සමූහයක් ද තිබේ.

උතුර හා නැගෙනහිර ඡන්දදායකයා හා දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් සත්‍යය සෙවීම් සාධාරණය, හානි පූරණ හා ප‍්‍රකෘතිමත් කිරීම් (Reparations) හා ගැටුම යළි ඇති නොවන බවට වන සහතික වීම පිළිබඳ ප‍්‍රශ්න ප‍්‍රමුඛ ඒවා වේ. මේ සම්බන්ධයෙන් නව ආණ්ඩුවක් මත ඔවුන්ට ලැබෙන්නා වූ කේවල් කිරීමේ හා ගාමක බලය කුමක් ද? වර්තමානයෙහි වගවීම සම්බන්ධ විශ්වසනීය දේශීය යාන්ත‍්‍රණයක් හා සත්‍ය පැවසීම සම්බන්ධ යම් යාන්ත‍්‍රණයක් වන අතුරුදහන් වූවන් පිළිබඳ ස්ථිර කාර්යාලයක් පිහිටු වීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති මුලපිරුම් තිබේ. ජිනීවා වාර්තාව යනු පාලනය වෙනස් කිරීම හා හේග්වල දී යුද අපරාධ නඩු පැවරීම හා සම්බන්ධ එකක් ය යනුවෙන් තර්ක කරන වර්ගවාදී රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය, ඒවා සිය වාසිය සඳහා කූට ලෙස උපයෝගී කර ගැනීමේ අනතුර ඇති හෙයින් මෙම මුලපිරීම් ප‍්‍රකාශයට පත් කර නැත. එසේම මැතිවරණය අවසන් වූ වහාම ආණ්ඩුවට පෙන්වීමට හා සැප්තැම්බර් අවසාන සතියේ දී නිල වශයෙන් කවුන්සිලය වෙත නිකුත් කිරීමට අපේක්ෂා කරන නියම වාර්තාව නිකුත් කිරීමට පෙර රාජපක්ෂ කඳවුර විසින් ව්‍යාජ ජිනීවා වාර්තාවක් නිකුත් කිරීමට යන බවට ද චෝදනා තිබේ. හානි පූරණයන් පිළිබඳ යම් පියවර ගැනීමක් ඉඩම් මුදා හැරීම මගින් කර තිබුණ ද තව බොහෝ දේ සිදු කිරීමට ඉතිරිව තිබේ. සමගි සන්ධානය හා සංක‍්‍රමණීය යුක්තිය පිළිබඳ අර්ථවත් පියවර ද ව්‍යවස්ථාමය පියවර හා සම්බන්ධ වේ. නිදසුන් ලෙස ශී‍්‍ර ලංකා නීතියෙහි අතුරුදහන් වීම් මෙන්ම මනුෂ්‍ය වර්ගයාට එරෙහි අනෙක් අපරාධ හා යුද අපරාධ අපරාධයන් ලෙස නොසැලකේ.

යමක් ගැන නැවත මෙනෙහි කරන්නේ නම් නඩු විභාග සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න පැන නගින්නේ ය. නඩු පවරනුයේ කවරෙක් ද, ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් තිබෙනවා ද හා විනිශ්චයකරුවන් සියලු ̈දෙනාම ශී‍්‍ර ලාංකීයවන්නේ ද? ජන වාර්ගික ගැටුම පිළිබඳ දේශපාලන විසඳුමක් පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල එය පක්ෂ මැතිවරණ ප‍්‍රකාශනවලට අනුව ඒකීය රාජ්‍යයේ සීමාවන් ඇතුළතම වුවකි. අනුෂංගිකව මෙය සියල්ලන් විසින් පිළිගනු ලැබ තිබෙන විටෙක ප‍්‍රශ්නය වනුයේ බලය බෙදීමේ වපසරිය මෙම රාමුව ඇතුළත ඉඩම් හා පොලිස් බලතල ලබා දීම පිළිබඳ එකක් වීම ය. ප‍්‍රධාන කොටස්කරුවා වන ෆෙඩරල් පක්ෂයේ මුද්‍රාව දරණ දෙමළ ජාතික සන්ධානය නව මැතිවරණ ප‍්‍රකාශණයේ ෆෙඩරල්වාදය ඉදිරිපත් කර තිබෙන අතර එසේ කිරීමෙන් දකුණේ ඒකීය රාජ්‍යයේ දැඩි හණමිටිකාර වීරයින්ගේ බෙදුම්වාදය පිළිබඳ බිහිසුණු අනතුරු හැගවීම් සහිත විරෝධය හා හෙළා දැකීම අවුලුවා තිබේ.

මෙය එක් අර්ථයකින් පැරණි කතාවම පුනරුච්චාරණය කිරීමකි. ෆෙඩරල් පක්ෂය ෆෙඩරල්වාදය නොමැතිව වෙන ඉල්ලා සිටියයුත්තේ කුමක් ද? එය බිහි වූ තැන් සිටම සෑම මැතිවරණයක දී ම එය එසේ ඉදිරිපත් කර තිබේ. තව ද රටේ සෙසු කොටසෙහි විවේචකයෝ ෆෙඩරල්වාදය කි‍්‍රයාත්මක විය හැක්කේ එක්සත් රටක බව දනිති. ප‍්‍රශ්නය වනුයේ ඒකීය රාජ්‍යය පිළිබඳ ප‍්‍රශ්නය හා ‘‘ඒකීය’’ හා ‘‘එක්සත්’’ (‘‘unitary’’ හා ‘‘united’’) යන වචන අතර හිතාමතාම ව්‍යාකූලත්වය ඇති කිරීම හා ඒවා විකෘති කිරීම ය.

විශේෂයෙන් උතුරේ දී මැතිවරණ ව්‍යාපාරය තුළ මේ සියල්ල උපයෝගී කර ගන්නවා ඇත. ඡන්දදායකයින් කෙරෙහි වන දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රබල ප‍්‍රමුඛතාව දෙමළ ජාතිකවාදය කෙරෙහි වඩාත් දැඩි ආකර්ෂණයකින් යුත් ඡන්දදායකයින්ගේ තරුණ පරම්පරාව හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් සීමාසහිත දුරකට අභියෝගයට ලක් කරනු ලබන බව පෙනෙන්ට තිබේ.

එමෙන්ම කැපී පෙනෙන ආකාරයකින් උච්ච වෙමින් පවතින දෛනික ජීවිතය හා ජීවිකා වෘත්තීන් හා සම්බන්ධ සමාජ- ආර්ථික ප‍්‍රශ්න ද තිබේ. දුක්ගැනවිලි දේශපාලනය සැලකිය යුතු තරම් කාලයක් තිස්සේ හා සාධාරණ හේතු සහිතව අන් සියල්ලට වඩා තුරුම්පුවක් කර ගනු ලැබ තිබේ. එයට තවමත් සැලකිය යුතු තරම් වන අදාලත්වයක් පවතින්නේ වී නමුදු යුද්ධය නිමාවී වසර හයක් ගතවී ඇති මේ අවස්ථාවේ දී දේශපාලන කි‍්‍රයාකාරීත්වයෙහි එකම තාර්කිකය ලෙස එයට හිමිවූ ප‍්‍රමුඛතාවය අහිමිවීමට ඉඩ ඇත.

මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වුව ද ඊළග පාර්ලිමේන්තුවට මෙන්ම රටේ පුරවැසියන්ට ද ඔවුන් විසින් ඉටුකිරීමට නියමිතව
ඇති කාර්යයන් දැනටමත් පෙලගැස්වී ඇත.

Sara-CMආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු | Dr. Paikiasothy Saravanamuttu

*විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශයට පත්කරන‘සාම විමර්ශි‘ සගරාවෙන් උපුටා ගන්නා ලදි.