2015 අගෝස්තු 4, කොළඹ, ශී‍්‍ර ලංකාව:

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන සෝෂල් ඉන්ඩිකේටර් (Social Indicator) විසින් මැතිවරණයට සූදානම් වීමේ කාලය තුළදී සාකච්ඡා කරනු ලබන ප‍්‍රධාන මාතෘකා පිළිබඳව ශී‍්‍ර ලාංකීය ඡන්දදායකයාගේ අවබෝධයන් හා ආකල්ප හඳුනා ගැනීමේ හා එමගින් වත්මන් දේශපාලන කතිකාවතට දායකත්වයක් සැපයීමේ අරමුණෙන් යුතුව දීප ව්‍යාප්ත පූර්ව මැතිවරණ මත විසුමක් පැවැත්වීය.

ශී‍්‍ර ලාංකිකයින් ගෙන් 4% ක් පමණක් 2015 මහ මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇතැයි විශ්වාස කරන අතර 66.9%ක් එය නිදහස් හා සාධාරණ එකක් වනු ඇතැයි විශ්වාස කරති.

ඔවුන් සිතන අන්දමට ශී‍්‍ර ලංකාවේ අගමැතිවරයා වීමට වඩාත්ම යෝග්‍ය වන්නේ කවරෙක් ද යන්න පිළිබඳව ඔවුන් ගෙන් විමසූ විට දමිළ ජනයාගෙන් (62.3%), කඳුරට දමිළ ජනයාගෙන් (71.1%) හා මුස්ලිම් ජනයාගෙන් (62.3%) බහුතරය පැවසුවේ රනිල් වික‍්‍රමසිංහ කියා ය. මහින්ද රාජපක්ෂ සුදුසු යයි කීවේ මෙම සෑම ප‍්‍රජාවකින්ම 2% කට අඩු ප‍්‍රමාණයකි.

සිංහල ප‍්‍රජාව අතර මෙම මතය බෙදී යන්නේ 36% ක් මහින්ද රාජපක්ෂ විය යුතු යයි ද 31.9% ක් රනිල් වික‍්‍රමසිංහ විය යුතු යයි ද යනුවෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයේ දී තරඟ කළ යුතු ද යන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකිකයෝ බෙදී සිටිති. 40% ක් හිටපු ජනාධිපතිවරයා තරඟ කළ යුතු යයි කියන අතර 42% ක් කියන්නේ ඔහු තරඟ නොකළ යුතු බව ය.

ඊළග පාර්ලිමේන්තුව ආමන්ත‍්‍රණය කළ යුතු යයි ශී‍්‍ර ලාංකිකයින් විශ්වාස කරන ප‍්‍රධාන ප‍්‍රශ්න වන්නේ විරැකියාව හා තරුණ ජනයා සඳහා රැකියා අවස්ථා, ජීවන වියදම අඩු කිරීම, රටේ සංවර්ධනය වේගවත් කිරීම හා අධ්‍යාපන ක‍්‍රමය දියුණු කිරීම ය.

අපේක්ෂකයෙකු තුළ තිබිය යුතු යයි ශී‍්‍ර ලාංකිකයින් අපේක්ෂා කරන ඉතාම වැදගත් ලක්ෂණ තුන වන්නේ එම අපේක්ෂකයා රට වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද? (19.4%), ඔවුන්ගේ හෝ ඇයගේ අධ්‍යාපනය (17.5%) හා ඔවුන් දූෂිත නොවිය යුතු ය (15%) යන ඒවා ය. ශී‍්‍ර ලාංකිකයින්ගෙන් 50% ක් පමණක්ම ඔවුන්ගේ ඡන්දය දීමට සැලසුම් කරන අපේක්ෂකයින් ඔවුන්ගේ වත්කම් ප‍්‍රකාශ කර තිබීම අතිශයින්ම වැදගත් යයි පවසන අතර 18.5% ක් පවසා තිබෙන්නේ ඔවුන්ට එය එක්තරා දුරකට පමණක් වැදගත්වන බව ය.

තමන් ඡන්දය දෙන්නේ කෙසේ ද යන්න කෙරෙහි මාධ්‍ය මගින් ඔවුන් ලබා ගන්නා තොරතුරු බලපාන බව ශී‍්‍ර ලාංකිකයින්ගෙන් 59% ක් පවසන අතර 29.6% ක් කියන්නේ එය බල නොපාන බව ය.

රටේ දිස්ති‍්‍රක්ක 25 ක පවත්වන ලද මෙම මත විමසුම ප‍්‍රධාන ජනවර්ග කණ්ඩායම් අතරෙන් පුද්ගලයින් 1986 කගේ මතය ග‍්‍රහණය කළේ ය. ක්‍ෂේත‍්‍ර වැඩකටයුතු 2015 ජූලි 22-29 අතර කාලය තුළ සිදුකරනු ලැබිනි.

Click here to read the full report.

Saama-Vimarshi-August-2015-98

GE-2015-infographic-1_final

GE-2015-infographic-2_final

පරිවර්ථන අනුග්‍රහය-සාමවිමර්ශී