මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24දාය. එවකට ලංකාවේ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂය. ප්‍රගීත් අතුරැදහන් කිරීමට එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුවේ රාජපක්ෂලාට විරුද්ධව, දේශීයව මෙන්ම විදේශීයව ද චෝදනා එල්ලවිය. එම චෝදනා කිසිවක් පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වූ රාජපක්ෂ ජනාධිපතිවරයා සේම මොහාන් පීරිස් එවකට සිටි නීතිපතිවරයාද, රාජපක්ෂලාගේ සහචරයින් ද ප්‍රගීත්ගේ අතුරැදහන් වීම පිළිබදව අදහස් දැක්වීමේදී පත්වූයේ විහිලු කාරයින් ලෙසය. එසේම රාජපක්ෂ පාලනය ප්‍රගීත් සේවීම සදහා කිසිදු ආකාරයේ සැලකිය යුතු උන්න්දුවක් නොදැක්වූ අතර එම නිසාම රාජපක්ෂලාට එරෙහිව ගොඩනැගෙමින් තිබූ චෝදනාවන් තීව්‍ර විය.

නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 8වන දින පරාජය වූවායින් පසුව ප්‍රගීත්ගේ අතුරුදහන්වීම පිළිබදව මෛත්‍රීපාල සහ රනිල් ගේ පාලනය විසින් පරීක්ෂණ ආරම්භ කලේය. ඒ අනුව පසුගිය දා අතුරැදහන් වීමට සම්බන්ධ යැයි සැකපිට යුදහමුදා නිළධාරියෙක් ඇතුලු තවත් අයෙක් අත්අඩංගුවට පත්විය.

ඒත් සමග තවත් පැත්තකින් ප්‍රගීත්ගේ අතුරුදහන්වීම සම්බන්ධව විවිධ මාධ්‍යන් විවිධ අර්තකතයන් කිරීම ආරම්භ කලේය. කෙසේ වුවද ප්‍රගීත් සේවීම කිසිදු කළක අත්නොහැරී ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා එක්නැලිගොඩ පසුගිය දා මෝදර කාලී කෝවිලේදී පූජාවක් පවත්වා කියා සිටියේ, කාලි මෑනියන් සත්‍ය නම් ප්‍රගීත් සොයා දෙන ලෙසත්, ප්‍රගීත් අතුරුදහන් කිරීමට සම්බන්ධ රාජපක්ෂවරුන්ට දඩුවම් ලබා දෙන ලෙසත් සහ එළබෙන මැතිවරණයේදී රාජපක්ෂවරුන් සහ ඔහුගේ සහචරයින් පරාජය කරන ලෙසත්ය.

පහත දැක්වෙන්නේ කාලී කෝවිලේදී සංධ්‍යා එක්ණැලිගොඩ විසින් සිදුකරන ලද පූජාවයි.