ශ‍්‍රී ලාංකිකයන් මිලියන ගණනකට පානීය ජලය සපයන මූලාශ‍්‍රයක් වන කැලණි ගඟට ඞීසල් කාන්දුවක් සිදුව තිබෙන බව 2015 අගෝස්තු 17 දින දේශීය බලධාරීහු සොයා ගත්හ. මේ හේතුවෙන් වාණිජ අගනගරය වන කොළඹ ද ඇතුළු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදු විය.

ඞීසල් කාන්දුව සිදු වූයේ කොකා-කෝලා කම්හලෙන් බව පරීක්ෂණවලින් අනාවරණය විය.

ශ‍්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය එල්.එම්. ධර්මසිරි පවසන පරිදි කාන්දුව ඇති වූයේ ”පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවෙකු විසින් ඉදි කිරීමක් කර ගෙන යන අතරතුර කම්හල තුළ සිදු වූ පිපිරීමක් නිසයි”. මධ්‍යම පරිසර අධිකාරිය එතැන් සිට කම්හලේ මෙහෙයුම් බලපත‍්‍රය අත්හිටුවා ඇති අතර සමාගමෙන් හානි වන්දි අය කර ගැනීම සඳහා නීතිමය පියවර ගන්නා බව ප‍්‍රකාශ කර ඇත.(*)

කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගම කාන්දුව සිදු වූ බව පිළිගත් අතර ‘හදිසි අනතුර ගැන කනගාටු වන’ බව පැවසී ය. අන්තර්ජාලීය වාර්තාවල සඳහන් වන පරිදි කොකා-කෝලා සමාගම තමන්ට වාසි වන අයුරින් උසාවියෙන් පිටත දී ගැටලූව සමථයකට පත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට පීඩනය යෙදීමට වෑයම් කරමින් සිටී. සමහර වාර්තාවලින් කියැවෙන්නේ කොකා-කෝලා කම්හලේ මෙහෙයුම් බලපත‍්‍රය යළි නිකුත් කරවා ගැනීම හා යෝජිත දඩ මුදල අඩු කර ගැනීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ලාංකික බලධාරීන් ඇමතූ බව යි.

කොකා-කෝලා සමාගමේ නව ප‍්‍රධානියා වන ජේම්ස් ක්වින්සි පැවසුවේ ”ප‍්‍රත්‍යක්ෂ ඥානය පදනම් කර ගෙන හෝ යථාර්ථය පදනම් කර ගෙන සාමාන්‍ය ජනතාව අතර (කොකා-කෝලා සමාගම ගැන) යම් සැකයක් ඇති වී තිබෙන්නේ නම් නායකයාට නැගී සිටින්නට සිදු වන” බව යි. කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගමේ වගකීම් විරහිත සාපරාධී චර්යාව වචනවලින් වන්දි ගෙවීමට ඔහුට අවස්ථාවක් ලබා දී ඇත.

කොකා-කෝලා සමාගම කැලණි ගෙඟ් ජලය අපවිත‍්‍ර කිරීම සම්බන්ධ වගකීම ප‍්‍රසිද්ධියේ පිළිගත යුතු ය. එය පාරිසරික සුරක්ෂිතතා පියවරයන්හි තත්වය උසස් කරමින් අනාගතයේ දී මෙවැනි සිදුවීම් ඇති නොවන බව සහතික කළ යුතු ය. එය තමන් කළ හානිය වෙනුවෙන් වන්දි ගෙවිය යුතු ය.

මෙතැනින් පිවිස අවාස්හි තිබෙන පෙත්සමට අත්සන් තබා කොකා-කෝලා විසින් පෙර නුවූ විරූ අයුරින් පානීය ජලය අපවිත‍්‍ර කිරීමට ලක් කෙරුණු පවුල්, මිතුරන් හා සගයන් අතර එය පුළුල්ව ප‍්‍රචාරය කරන්න.

##

සංස්කාරක සටහන

*කොකාකෝලා සමාගම විසින් කැළණි ගගට සිය අපද්‍රව්‍ය මුදා හැරීම නිසා පසුගියදා අත්හිටුවන ලද එම සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙන බවට මේ සටහන තබන මොහොත වන විට වාර්තා වෙයි. එහි වැඩිදුරටත් වාර්තා වන්න්නේ, සමාගම විසින් එවන් වැරැදි යළි සිදුනොවීමට වගබලාගන්නා බවට දුන් පොරොන්දුව බලපත්‍රය යළි ලබාදුන් බවයි. නමුත් මෙසේ යළි එම බලපත්‍රය ලබා දීම පිළිබද පාරිසරික ක්ෂේත්‍රෙය් දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර මෙය වැරදි පූර්වාදර්ශයකට මග පාදන්නක් බවට විද්වත්හූ පවසති.

කොකාකෝලා සමාගම විසින් ලෝකයේ සිදුකරන විනාශකාරී තත්ත්වයන් පිළිබදව ‘විකල්ප‘ තැබූ ට්වීටර් සටහන් කිහිපයක් පහත පළකරමු.

වැඩිදුරටත් මේ පිළිබද කියවීමකට අපගේ ට්වීටර් සහ ෆේස්බුක් අඩවිවලට පිවිසෙන්න