Image: Screen Shot/Srilanka Press Council

යල් පැන ගිය පුවත්පත් මණ්ඩලය අහෝසි කොට, මාධ්‍ය ප‍්‍රජාවගෙන් බිහි වූ ස්වයං නියාමනය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍ර‍කාශ කර සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ,

‘දෙසැම්බර් මස 17 දින පුවත්පත් දෙකක පළ වූ වාර්තා දෙකකින් එකකට අනුව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාත් අනෙකට අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාත් විසින් ප‍්‍රකාශ කර ඇති, ‘‘මාධ්‍යයක පළ වූ පුවතක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ පුවත්පත් මණ්ඩලයට පමණයි’’ යන අදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය බලවත් කණස්සල්ල පළ කරයි. දෙසැම්බර් මස 2 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් හමු වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟ වූ පරිදි, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කොට කරුණු විමසා, පුවත්පත් මණ්ඩල නීතිය අහෝසි කොට වඩා පරිපූර්ණ ස්වයං නියාමන ක‍්‍රමවේදයක් සැකසීමට මාධ්‍ය ප‍්‍රජාව සමඟ සාකච්ඡා අරඹන තුරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලා සිටිය දී මෙවැනි ප‍්‍රකාශ පළ වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විමතියට හේතු විය. මේ පිළිබඳව විමසා බැලූ විට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දෙන ලද්දේ, එදින සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලූ‍්‍රවලට අදහස් දැක්වූ තමා, මාධ්‍යයේ පළ වූ කරුණක් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පුවත්පත් මණ්ලයට හා ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බව ප‍්‍රකාශ කර ඇතත් පුවත්පත් පැමිණිලි කොමිසම ගැන එම වාර්තාවල සඳහන් කොට නැත. ඔහුගේ එම දැනුවත්භාවය අගය කරන අතර ම ජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ඉතා ම අත්‍යාවශ්‍ය ස්වයං නියාමන ක‍්‍රමවේදයක් මාධ්‍ය ප‍්‍රජාව අතරින් ආරම්භ වී තිබිය දී, එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතිය වෙනුවට මාධ්‍යවේදීන්ට දඬුවම් කිරීමේ බලය ඇති පුවත්පත් මණ්ඩලය යළි තහවුරු කෙරෙන ආකාරයේ සාකච්ඡා සිදුවීම ප‍්‍රතිපත්තිමය ගැටලූවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි‘

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් පළකරමු

යල් පැන ගිය පුවත්පත් මණ්ඩලය අහෝසි කොට, මාධ්‍ය ප‍්‍රජාවගෙන් බිහි වූ ස්වයං නියාමනය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුයි.
– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

දෙසැම්බර් මස 17 දින පුවත්පත් දෙකක පළ වූ වාර්තා දෙකකින් එකකට අනුව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාත් අනෙකට අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාත් විසින් ප‍්‍රකාශ කර ඇති, ‘‘මාධ්‍යයක පළ වූ පුවතක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ පුවත්පත් මණ්ඩලයට පමණයි’’ යන අදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය බලවත් කණස්සල්ල පළ කරයි. දෙසැම්බර් මස 2 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් හමු වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟ වූ පරිදි, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කොට කරුණු විමසා, පුවත්පත් මණ්ඩල නීතිය අහෝසි කොට වඩා පරිපූර්ණ ස්වයං නියාමන ක‍්‍රමවේදයක් සැකසීමට මාධ්‍ය ප‍්‍රජාව සමඟ සාකච්ඡා අරඹන තුරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලා සිටිය දී මෙවැනි ප‍්‍රකාශ පළ වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විමතියට හේතු විය. මේ පිළිබඳව විමසා බැලූ විට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දෙන ලද්දේ, එදින සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලූ‍්‍රවලට අදහස් දැක්වූ තමා, මාධ්‍යයේ පළ වූ කරුණක් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පුවත්පත් මණ්ලයට හා ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බව ප‍්‍රකාශ කර ඇතත් පුවත්පත් පැමිණිලි කොමිසම ගැන එම වාර්තාවල සඳහන් කොට නැත. ඔහුගේ එම දැනුවත්භාවය අගය කරන අතර ම ජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ඉතා ම අත්‍යාවශ්‍ය ස්වයං නියාමන ක‍්‍රමවේදයක් මාධ්‍ය ප‍්‍රජාව අතරින් ආරම්භ වී තිබිය දී, එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතිය වෙනුවට මාධ්‍යවේදීන්ට දඬුවම් කිරීමේ බලය ඇති පුවත්පත් මණ්ඩලය යළි තහවුරු කෙරෙන ආකාරයේ සාකච්ඡා සිදුවීම ප‍්‍රතිපත්තිමය ගැටලූවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

ශී‍්‍ර ලංකා කර්තෘවරුන්ගේ සංසදය, ප‍්‍රකාශකයින්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය එක්ව පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය යටතේ ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම මඟින් සිදු කෙරෙන ස්වයං නියාමනය මාධ්‍ය ප‍්‍රජාව අතර ඇති වූ දීර්ඝ සංවාද ඔස්සේ ඇති වූ ක‍්‍රමවේදයක් වන අතර මාධ්‍ය සංවිධාන ඉතිහාසය තුළ දීර්ඝ කාලයක් කටයුතු කළ ප‍්‍රධාන මාධ්‍ය සංවිධාන සියල්ලේ ආශිරිවාදය සහිත එකකි. එම ස්වයං නියාමනය සඳහා පාදක වන කර්තෘවරුන්ගේ සංසදයේ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය ද ඉතිහාසය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් එක්ව කටයුතු කළ මාධ්‍ය සංවිධාන සියල්ලේ එකඟතාව ලද එකකි. නීති මඟින් පාලනය කරනු වෙනුවට ස්වයං නියාමන ක‍්‍රමවේදයක් හරහා, මාධ්‍ය නිසා අගතියට පත් වන පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම, ආචාරධාර්මික මාධ්‍ය සම්ප‍්‍රදායක් වර්ධනය කර ගැනීමට ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීමට ද මඟ පාදයි. එහෙයින් මේ වන විට අවශ්‍ය වී ඇත්තේ එම ස්වයං නියාමන ක‍්‍රමවේදය සියලූ මාධ්‍යයන් ආවරණය වන පරිදි වඩා සාර්ථකව, ශක්තිමත්ව ගොඩනගා ගැනීම මිස, අහිතකර බවට ප‍්‍රමාණවත් ලෙස කරුණු දක්වා ඇති පුවත්පත් මණ්ඩල නීතියට අනුබල දීමේ සාකච්ඡා නොවේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ වූ 1992 වසරේ සිට පුවත්පත් මණ්ඩල නීතියේ අහිතකර බව පෙන්වා දී ඇති අතර බලයට පත්වූ සියලූ රජයන්ට එම කාරණය ඇතුලූ මාධ්‍ය නිදහසට බලපාන අනෙකුත් නීති හා ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කළ යෝජනා අතර ද, පරිවාස ආණ්ඩුව යටතේ සහ මහ මැතිවරණයෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා වෙත දෙවරක් ඉදිරිපත් කළ කරුණු අතර ද පුවත්පත් මණ්ඩලය අහෝසි කර ස්වයං නියාමනය ශක්තිමත් කිරීමේ යෝජනාව ප‍්‍රබලය. එහෙයින් පොරොන්දු වූ පරිදි, පුවත්පත් මණ්ඩලය අහෝසි කොට ස්වයං නියාමනය ශක්තිමත් කිරීමේ ක‍්‍රමවේදයක් සැකසීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් මෙන්ම යහපාලනය වෙනුවෙන් කැප වෙන බව ප‍්‍රකාශිත නව රජයෙන් ඉල්ලා සිටින අතර අලූතින් බිහිවූ මාධ්‍ය සංවිධානවලින් ද ඉල්ලා සිටින්නේ මාධ්‍ය ප‍්‍රජාව විසින් එහි ප‍්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ඓතිහාසික පියවරවල් ගැන අවබෝධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් කැප වන ලෙසයි.

සීතා රංජනී සී දොඩාවත්ත
කැඳවුම්කරු ලේකම්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
2015. 12. 15