Image Credit: www.constitutionnet.org

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ‘‘පහතින් අත්සන් කරන සමාජ ක්‍රියාකාරීහු සහ සංවිධාන වන අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකිමු. (බීබීසි සිංහල සේවය, 2016 ජනවාරි 21 වන දින, ෆ්‍ර‍න්ට්ලයින්, 2016 ජනවාරි 14 වන දින14) එහි දී ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30 වැනි සැසි වාරයේ දී සම්මත කර ගත් එකඟතා ප්‍ර‍‍ඥප්තියෙන් රජය පොරොන්දු වූ පොරොන්දුවලින් ඉවත් වන බවට හඟවන ලදී. ශ්‍රී ලංකා රජය මෙම ප්‍රඥප්තියේ සම-අනුග්‍රාහයකයකු බවට මතක් කිරීම මෙහිදී වටිනා අතර, ප්‍රඥප්තියේ අඩංගු නිශ්චිත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමේ හැකියාවක් සහිත තත්වයක ද ශ්‍රී ලංකාව සිටියේය. මේ සාකච්ඡාවල දී රජය ගත් ස්ථාවරවලට අනුකූලව විවිධ වෙනස් කිරීම්වලට ලක් කළ මෙම ප්‍රඥප්තිය එම නිසා බොහෝ වින්දිතයන් හා ක්‍රියාකාරීන් අතර කලකිරීමක් ඇති කළ එකක් ද විය. දැන් පෙනෙන්නේ රජය මේ පොරොන්දු වූ කාරණා සම්බන්ධයෙන් ද පසුබට වීමට උත්සාහ කරන බවයි. ජනාධිපති මේ සම්මුඛ සාකච්ඡාවලදී ප්‍ර‍කාශ කළේ ඒකාන්තයෙන්ම විදේශ විනිසුරුවරුන් සහ විශේෂඥයන් මෙම ක්‍රියාදාමයේ කොටසක් නොවන බවයි. ඔහු බීබීසී සිංහල සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී ලංකාවේ දැනට පවතින අධිකරණ ක්‍රියාදාමය සහ අපරාධ පරීක්ෂණ ආයතන සම්බන්ධයෙන් සිය සම්පූර්ණ විශ්වාසය ප්‍රකාශයට පත් කළේය. එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු තවදුරටත් එකතු කළේ ලංකාවට කිසියම් අන්තර්ජාතික උපකාරයක් අවැසි නම් ඒ ආර්ථික සංවර්ධනය සඳහා පමණක් බවයි.‘‘

එම ප්‍රකාශයේ වැඩිදුටත් සදහන් වන්නේ,

‘2016, ජනවාරි 26 වන දින, ජනපතිගේ බීබීසී සම්මුඛ සාකච්ඡාවෙන් දින කිහිපයකට පසු, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චැනල් 4 වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී රජය ජිනීවාහිදී ලබා දෙන ලද පොරොන්දුවලට බැඳී සිටින බව ප්‍රකාශ කළේ සිදු වූ හානිය අවම කිරීමට මෙනි. ජනපති සහ අගමැති අතර ඇති මෙම පරස්පරතා අලුත් දෙයක් නොවන අතර, මෙය ප්‍රඥප්තිය සම්මත වූ දා සිටම, ප්‍රඥප්තිය යටතේ ඇති පොරොන්දු සම්බන්ධයෙන් රජයේ මහජන සන්නිවේදනයන්හි අඛණ්ඩ කොටසක්ව පවතී.

ශ්‍රී ලංකාවේ වින්දිත පවුල් විසින් සම්පූර්ණ දේශීය යාන්ත්‍ර‍ණයක් අවිශ්වාස සහගත බවට සලකන්නේය යන්න පුළුල්ව පිළි ගන්නා ලදී. සිදු කරන ලද අපරාධ සහ සිදු වෙමින් පවතින අපරාධ සූක්ෂම ආකාරයකට සිදුව ඇති අතර, මේ අපරාධ බොහොමයකට වගකිව යුතු ආරක්ෂක අංශ ද, අධිකරණ, නෛතික යටිතල පහසුකම් ද එක ලෙසම පවතී. වද දීම්, අත්තනෝමතික රඳවා ගැනීම, නීත්‍යනුකූල නොවන අත්අඩංගුවට ගැනීම සහ ලිංගික හිංසනය ආදී අඛණ්ඩ උල්ලංඝණය කිරීම් හමුවේ අඩු නීතිමය සහ අධිකරණමය ප්‍ර‍තිචාරය නිසා දේශීය අධිකරණය කෙරේ විශ්වාසයක් ඇති නොකරයි. තවදුරටත්, දහස් ගණනක් සිදුවීම් කිසිවක් නොකර පසෙකට ලා ඇති අතර, ප්‍ර‍තිචාරයක් වශයෙන් සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සහ වරදකරු කිරීම් කිහිපයක් පමණි. එබැවින් අපරාධ නඩු පැවරීම ඇතුළු සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමයන් තුළ අන්තර්ජාතික සහභාගීත්වය වින්දිත ප්‍ර‍ජාවන්හි විශ්වාසය දිනා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් වේ. අන්තර්ජාතික සහභාගිත්වය යන්න වුවමනාව සම්බන්ධ ගැටළුවක් බවත්, තමන්ගේ ධාරිතාව සම්බන්ධ ගැටළුවක් පමණක් නොවන බවත් තේරුම් ගැනීම වැදගත්ය. විදේශ විනිසුරුවරුන්, සහ නඩු පවරන්නන් අඩංගු කිරීමට 2015 ඔක්තෝම්බර් මාසයේ ගත් එකඟතාවය වගවීම සම්බන්ධ කාරණාවලදී කටයුතු කිරීමට නව රජයේ ඇති වුවමනාවෙහි සලකුණු පෙන්වීය. එවැනි වගකීම්වලින් අද නිදහස් වීම් මේ සම්බන්ධයෙන් රජයට ඇති වුවමනාවේ බරපතලකම ප්‍ර‍ශ්න කිරීමට යොමු කරවයි.‘

සම්පූර්ණ ප්‍රකාශය සදහා පිවිසෙන්න

Mullaiththeevu_10.05.2009

War-Crimes-in-Sri-Lanka