ශ්‍රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන් වූවාට දශක ගණනාවක් තිබුණු දේශපාලන ගැටලුව තවමත් තිබූ තැන ම බව බොහෝ විචාරකයින් පෙන්වා දෙයි. නමුත් යුද්ධයෙන් පසු විශේෂයෙන් උතුරේ තවමත් හමුදාව වාඩිලා සිටියි. එසේම සිය යුද අධිපත්‍ය පෙන්වමින් දෙමළ ජනයාගේ ඉඩම් අක්කර දහස් ගණනක් ලබාගත් හමුදාවෝ එයින් පූර්ණ ලෙස තවමත් ඉවත්ව නැත.(නව පාලනය ආරම්භ වූ විට යම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර තිබේ) එවැනි ප්‍රශ්ණ බොහොමයක් අතරේ ‘A9 පාරේ ‘ආමි කඩ‘ පිළිබද තත්ත්වය දකුණට මිහිරි වුවත් උතුරට නම් අමිහිරි බව ඊනියා විජයග්‍රහණ මානසිකත්වයෙන් විතැන්ව බලන්නෙකුට පැහැදිලි වනු ඇත.

පහත සිතියමෙන් දැක්වෙන්නේ A9 මාර්ගයේ වව්නියාවේ සිට අයියකච්චි හංදිය දක්වා ඇති යුද හමුදාවෙන් පාලනය වන අවන්හල වල සිතියම් ගත සටහනයි. සහජීවනය පිළිබද සාකච්ඡාව ලංකාවේ දී නැවතත් ඉස්මත්තට පැමිණ ඇති මේ මොහොතේ තවමත් සිදුවෙමින් ඇති ‘හමුදා වෙළදාම‘ පිළිබද පාඨකයාට කියවා ගැනීමට, ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව සමග storymap තාක්ෂණයෙන් දත්තමය සටහනක් ලෙස මෙය ඉදිරිපත් කරමු.

@vikalpa.org | Sampath Samarakoon

*‘ආමි කඩ‘ – යන වචනය උතුරට යන දකුණේ බහුතරයක් දෙනා විසින් භාවිතා කරනු ලබන වචනයක් බව සලකන්න.