මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධව, සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට ඇප ලබා දුනහොත් එය තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බව මාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ පවසයි.

වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය මේ සම්බන්ධව යොමුවිය යුතු බවත් ඇය වැඩිදුටත් පවසා සිටියා ය. ඇය මේ බව සදහන් කර සිටියේ ප්‍රගීත් අතුරුදහන් කර අදට දින 2265ක් පිරෙන මොහොතේ දීය.

IMAG3639