පොකුරු ගැහී හැංගුනෙ නෑ ජීවිත යට ගුලි වී
අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක් නොවිණී
කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී
නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී

කදුරු මලින් රොන් ගෙන බැඳි මී මැසි පැණි කැලකි
රුදුරු අණක් නැති තෙරුවන් සිල් ගත් යුද රැයකි
සතුරු සිතක් නැති උතුරක කිසිවකු මිය නොයෙති
බුරුතු පිටින් මැරුවේ නැත උන් නින්දක වෙසෙති

පොකුරු කියා නම් බට බැඳ ගහන්නේ ඇයි බෝම්බ
මිතුරු අපේ උත්තරයට දැම්මෙ නිකං කෝම්බ
දුරුතු මහෙන් ඉපදී ඇති සාමය ගත් නෑම්බ
පතුරු ගසා හාරනව ද යුක්තිය නැති කෝම්බ

මදුරු මැසි වගේ මැරුව ද නො මිනිස් ලෙස මිනිසුන්
ගොහොරු බිමක කොටු උනා ද දිවි ඉල්ලූ මිනිසුන්
වඳුරු පරපුරෙන් ආවේ මානූශීය මිනිසුන්
සොඳුරු යුද්ධයකි කෙරුවේ කිරිබත් කෑ මිනිසුන්

udayaඋදය ආර්. තෙන්නකෝන්