සිංහල, Colombo, Economic issues, Governance

ජනතාද්‍රෝහී අය-වැය සහ දේශද්‍රෝහී ජ.වි.පෙ

අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ උද්‍යෝගය තියුණු කිරිමට හේතු විය. අය-වැය දෙ වන හා තෙ වන වර කියවීමෙන් පසු ඡුන්ද විමසීම් ආණ්ඩුවේ ආයු කාලය තීරණය කිරීමට සමත් වීම එහි ඇති වැදගත්කම යි. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන තීරණාත්මක සාධක කිහිපයක් නිර්මාණය වී තිබීම අය-වැය ඡුන්ද විමසීම තුළ ජුගුප්සාජනක බවක් ද ඇති කර තිබුණි. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ නිතැතින් ම සුවිශේෂී විය.

ජනතා විමුක්ති පෙරමුණ රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා ලෙස මන්ත‍්‍රී ධූර 37 කට හිමිකම් කීම පමණක් නොව, ජනතාව මත බර පැටවෙන අය – වැයක් ඉදිරියේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නඟන්නේ කෙසේ ද යන්න පිළිබඳ උගතෝකෝටිකයක් නිර්මාණය වී තිබීම වැඩි දෙනාගේ අවධානයට පාත‍්‍ර වී තිබුණි. ජනාධිපති මහිින්ද රාජපක්‍ෂ හා ඔහුගේ හිතෛෂීන් ගැන එක්සත් ජනතා නිදහස් සංධානය තුළ ම විරෝධතා පැන නැඟීමත්, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය ගැන එක්සත් ජාතික පක්‍ෂය තුළ පැන නැඟී තිබෙන විරෝධතාත් මධ්‍යයේ අය-වැය ඡුන්ද විමසීම සෑම පාර්ශවයකට ම වැදගත් විය. තාප්ප-බිත්ති-පාලම්-බොක්කු සරසන එළිමහන් ප‍්‍රචාරක මාධ්‍යයේ සිට රාජ්‍ය, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සියල්ල හරහා ගෙන ගිය ජාතිවාදී හා මඩ ප‍්‍රචාරණය හමුවේ 2007 නොවැම්බර් 18 වන දා පස්වරු 5.30 වන විට අය-වැය දෙ වන වර කියවීමේ ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් විය. ඉන් කියැවුණේ වැඩි ඡුන්ද 16 කින් ආණ්ඩුව අය-වැය ජය ගත් බවකි.

අය-වැයට විරුද්ධව නියත වශයෙන් ම ඡුන්දය ප‍්‍රකාශ කරන බව සියලූ දෙනා දැන සිටියේ, එක්සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායකත්වය සමඟ සෘජු ව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රිවරු හා දමිළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු පමණි. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ තිබුණේ දෙගිඩියාවකි. එම දෙගිඩියාව හෙවත් අවිනිශ්චිතභාවය අවසාන මොහොත දක්වා ම රඳවා ගැනීමට ජ.වි.පෙ. ගත් උත්සාහය ප‍්‍රශංසනීය ය. පොදු ජනතා විඥාණය පැත්තෙන් එසේ සැලකුව ද සවිඥාණික දේශපාලන විශ්ලේෂකයන් ජ.වි.පෙ. ගන්නා තීන්දුව පෙර සිට ම දැන සිටියේ ය. එ නම් ජ.වි.පෙ., රජය ආරක්‍ෂා කර ගනිමින් දේශපාලන ”ගේම්” එකක නිරත වන බව ය.

අය-වැය ( ආණ්ඩුව * පරාජයට පත් නො වන පසුබිමක දී ගත යුතු ක‍්‍රියා මාර්ගය හා අය-වැය ( ආණ්ඩුව * පරාජයට පත් වන පසුබිමක දී ගත යුතු ක‍්‍රියා මාර්ගය ලෙස, ක‍්‍රියා මාර්ග දෙකක් ජ.වි.පෙ සතු විය. එ සේ වුව ද මේ අය-වැය දුර්භික්‍ෂයක් ලෙස සැලකූවෝ ජ.වි.පෙ. අය-වැයට විරුද්ධ ව ඡුන්දය දීම පැතූ හ.

හදිසියේ සිදුවන පිල් මාරු සැලකිල්ලට ගත්ත ද ජ.වි.පෙ. ට අය-වැයට පක්‍ෂ ව ඡුන්දය දීමට තරම් අවශ්‍යතාවක් ඇති නො වන බව පැහැදිලි කල, ජ.වි.පෙ ඡුන්දය දීමෙන් වැළකී සිටීම පමණක් ප‍්‍රමාණවත් ය. ඒ අනුව බහුතරයක් විපක්‍ෂයට හිමි නො වන්නේ නම් පමණක් අය-වැයට විරුද්ධ ව ඡුන්දය ප‍්‍රකාශ කොට ලකුණු දා ගැනීමට ජ.වි.පෙ.ට හැකි ය. දැන් සිදුව ඇත්තේ එය යි.

එහෙත් ජ.වි.පෙ. ද හවුල් වී රට තුළ උද්දීපනය කළ යුද උන්මාදය හමුවේ, දේශපේ‍්‍රමී හා දේශද්‍රෝහී දෙ පිලක් පහසුවෙන් හඳුන්වා දීමට, රාජ්‍ය මාධ්‍ය ඇතුළු ජාතිවාදී-යුදවාදී ප‍්‍රචාරණය සමත් විය. අය-වැය හමුවේ ද එය ම වැයීමට අදාළ පාර්ශව උත්සුක විය. මෙ වර අය-වැය ලංකාවේ ජාතික ගැටලූව හා ගැට ගැසීමට අදාළ පාර්ශව එකහෙළා පියවර ගත්තේ ය. ඔවුන්ට අනුව මේ අය-වැය දේශපේ‍්‍රමී එකකි. ඒ අනුව ඊට එරෙහි වන්නෝ දේශද්‍රෝහීන් ය.

2007 නොවැම්බර් 18 වන දා පස්වරු 5.30 න් පසුව දේශපේ‍්‍රමී හා දේශද්‍රෝහී පිල අලූත් වී ඇත. අලූතින් දේශද්‍රෝහී ගොඩට එක් වී ඇත්තේ ජ.වි.පෙ. ය. මෙසේ පවසන්නෝ අතර ජ.වි.පෙ පෙරමුණු බළඇණියක් වන දේශහිතෛශී ජනතා ව්‍යාපාරයේ නියමුවෝ ද සිටිති. මෙය එක් අතකින් දෛවයේ සරදමක් ද වන්නේ ය. එසේ සිතා නිහඬ විය හැකි තත්ත්වයකට ජ.වි.පෙ.ට නම් පත් විය නො හැකි බවට ද සැකයක් නැත. අය-වැය ට පක්‍ෂ වූවෝ දේශපේ‍්‍රමීන් ලෙසත්, විරුද්ධ වූවෝ දේශද්‍රෝහීන් ලෙසත් සමාජගත කරන මාධ්‍ය මෙහෙයුම, රාජ්‍ය මාධ්‍ය අතරින් ස්වාධීන රූපවාහිනිය ප.ව 5.35 ට ආරම්භ කළේ ය. පසුදා පහන් වන විට රට පුරා ඊට සමගාමී පෝස්ටර් ද අලවා තිබුණි.

අය-වැයෙන් විග‍්‍රහ විය යුතු ආර්ථික සාධක පසෙක ලා වර්ගවාදී යුද උන්මාදය ඉස්මතු වී ඇත. රටක අනාගතය තීන්දු කරන, ජනතාවගේ ජීවන විදයම හා උද්ධමනය සාකච්ඡුාවට බඳුන් කරන අය–වැය, වර්ගවාදී, යුදවාදී උන්මාදයෙන් වසා දැමීම අභාග්‍යයක් වුවත් එසේ සිදුවී හමාර ය. කෙසේ නමුත් දින, සති, මාස, අවුරුදු ගණන් නො ගෙවී, කිසිඳු තාර්කික පදනමක් ඉදිරිපත් නො කොට යම් දේශපාලන ව්‍යාපාරයක්, එතෙක් සිටි ආස්ථානයෙන් ඊට ඉඳුරාම පටහැනි ආස්ථානයක රැුඳවීම උදෙසා දීප ව්‍යාප්ත ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැඟීම තුළ ඇති පටු දේශපාලනය කදිමට වැටහේ.

මෑත අතීතයේ දේශපාලන පක්‍ෂ නායකයින් සේම සමාජයේ විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කළ ක‍්‍රියාකාරී පුද්ගලයන් රැුසකට කොටි ලේබලය ඇලවූ අයුරු මෙහි දී සිහිපත් වේ. යුද විරෝධී හා බලය විමධ්‍යගත කළ යුතු ස්ථාවරයක සිට කටයුතු කරන කල්හි මෙම ලියුම්කරුට ද එම චෝදනාව ම එල්ල විය. අය-වැය දෙ වන වර ඡුන්ද විමසීමෙන් අනතුරුව ගෙවුණු පළමු විනාඩියේ සිට දේශද්‍රෝහී ගොඩට වැටුණු ජ.වි.පෙ. ට මෙය මනා පාඩමක් බව නො කියා ම බැරිය.

සමාජයක් කුණුකොට පසුව එය යළි යථා තත්ත්වයට ගෙන ඒමට තමන්ට බලය ඉල්ලා සිටින දේශපාලන කණ්ඩායම් අතරට ජ.වි.පෙ. ද අයත් ය. ඔවුන් විසින් වැපිරූ එක් ව්‍යාපෘතියක අස්වැන්න නෙළා ගැනීමේ අවස්ථාවක් ජ.වි.පෙ. දැන් අද්දකිමින් සිටි. මේ විගඩම් හි යථාර්තය වටහා ගැනීමට ජනතාවගෙන් බහුතරයක් තවමත් ප‍්‍රමාද බව මඟතොට දී දකින අහන දේ තුළින් සනාථ වේ. එය ද ඛේදවාචකයක් ම මිස අන් කවරක්ද?

අය-වැය තුන් වන වර කියවීමෙන් අනතුරුව ඇතිවන මෙහි තත්ත්වය පූර්ණ වෙනසක් ඇති කළ ද, නො කළ ද සමාජගත ව්‍යාධීන්ට ලැබෙන ප‍්‍රතිවාප පමණක් අනාගත පරම්පරාවේ යහපතට හේතුවනු ඇත.

ජනිත් විපුලගුණ
2007 නොවැම්බර් 20