Image Credit: AFP PHOTO/ Lakruwan WANNIARACHCHI

මූතුර් හි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ සහන සේවකයන් ඝාතනයට පත්වී වසර 10ක් අවසන්වී ඇති නමුත් මෙතෙක් එයට යුක්තියක් ලැබී නැති බව හියුමන් රයිට්ස් වොඩ් සංවිධානය(HRW) චෝදනා කර තිබේ.

වසර 10කට පෙර මූතුර් ප්‍රදේශයේ සහන කටයුතු වන නිරත ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන Action Against Hunger(ACF) නම් සංවිධානයේ සේවය කළ සහන සේවකයන් 17දෙනකු සමූල ඝාතනයට ලක්වුණි. එළෙස ඝාතනය වූයේ 2006 අගෝස්තු 4 වන දින දීය.

Candles are burnt in front of the photographs of 17 slain humanitarian workers from the French aid group Action Contre La Faim at their memorial in Batticaloa, Sri Lanka, August 11, 2006.  © 2006 Reuters
Candles are burnt in front of the photographs of 17 slain humanitarian workers from the French aid group Action Contre La Faim at their memorial in Batticaloa, Sri Lanka, August 11, 2006.
© 2006 Reuters

හියුමන් රයිට්ස් වොඩ් සංවිධානය වැඩිදුරටත් සදහන් කරන්නේ, එම සහන සේවකයන්ව ඝාතනය කිරීම සහ යුද කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණ, යුද අපරාධ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම අපරාධයට සාධාරණයක් ලබාදිය යුතු බව ඉල්ලා තිබෙන බවයි.

ජාත්‍යන්තරයේ සහභාගිත්වයකින් යුතු විභාග කිරීමකින් පරීක්‍ෂණ සිදුකර අපරාධකරුවන්ට දඞුවම් ලබාදිය යුතු බවත්, ACF සේවකයන්ගේ ඝාතනයට නිසිලෙස සාධාරණයක් නොලැබුණේ නම් එය යුද අපරාධ පිළිබඳ වගවීමේ කටයුතුවල දැඩි අඩුපාඩුවක් බව ද පෙන්වාදී තිබේ.

Action Against Hunger(ACF) ආයතනයේ සේවකයන් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන නිසි පරික්‍ෂණයක් සිදු නොකිරීම තුළින් යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සහභාගිත්වයෙන් යුතු පරික්‍ෂණයක අවශ්‍යතාවය අවධාරණය වී ඇති බව හියුමන් රයිට්ස් වොඩ් සංවිධානයේ නීතිය හා ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්‍ෂක ජේම්ස් රෝස් පවසා තිබේ.

කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු දෙමළ ජාතිකයන් 16 දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයකු එම ප්‍රහාරයෙන් ඝාතනයට පත්වුණි. එම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් කොමිෂන් රැසකින් විභාග කළ නමුත් මෙතෙක් එයට නිසි සාධාරණයක් ලැබී නැතැයි එහි වැඩිදුරටත් සදහන් කර තිබේ. .

යුද අපරාධ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර සහභාගිත්වයෙන් යුතු පරීක්‍ෂණ යාන්ත්‍රණයක් පිහිටුවන බවට ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී සහතික වූ බව ඔහු පෙන්වාදී තිබේ.

හියුමන් රයිට්ස් වොච් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න