චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත්, උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය විනාශ කරමින්, මුහුදු වෙරළ අපට අහිමි වන බැවින් නීීතිි විරෝධී මෙන්ම ඉතා හානිකර මෙම සංවර්ධන ව්‍යාපෘතිය තමන් බලයට පැමිණි වහාම නවතා දමන බවට එවකට විපක්ෂ නායකව සිටි වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළේ යැයි සිහිපත් කළ උද්ඝෝෂණයේ යෙදී සිටි ධීවරයින් ”අපිට බොරුකරලා, අපෙන් ඡන්දෙ අරගෙන, බලයට පත්වුනාට පස්සේ අපිට කොකා පෙන්නුවා. ධීවර අපිට වංචා කළා” යැයි උරණවු ස්වරයෙන් ප‍්‍රකාශ කළෝ්ය.

මීගමුව කම්මල්තොට, පෝරුතොට සිට උස්වැටකෙයියාව සහ ඇලකන්ද දක්වා මුහුදු තීරයේ ගම්මාන කිහිපයකම ධීවර ප‍්‍රජාව, ඊයේ එනම් පසුගිය ඔක්තෝබර් 01 වෙනිදා පෙරවරු 10 සිට දහවල් 12.30 දක්වා, ස්ථාන 11 දී රැස්වෙමින් සිය ධිවර රැකියාවටත්, ජීවිතවලටත් ,පරිසරයටත්, පොදුරෙටටත් දැවැන්ත විනාශයක් ගෙන දෙන පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපාරය නවතා දමන ලෙසට යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේ්ය.එම විරෝධතාවයේදී ජනතාව දැක්වූ අදහස්වලින් කිහිපයක් පහත පළකරමු.

port-city-campaign-1

එහෙත්, එදා එහෙම කියපු රනිල් ප‍්‍රමුඛ ඒකාබද්ධ ආණ්ඩුව අද කියන්නේ මේ ව්‍යාපෘතියෙන් ධීවරයාට කිසිම හානියක් වෙන්නෙ නැහැ කියලා. වරාය නගරයට වැලි ගන්නේ මුහුදු වෙරලේ ඉඳලා කිලෝමීටර් 30ක් දුර ඈත මුහුදෙන් කියල පට්ටපල් බොරු කියන්නේ. ඒ එක්කම කියනවා නැව්වලින් වැලි ගන්නකොට පොඩි බාධාවක් වෙනවා, ඒකට හරියන්න ධීවර ජනතාවට රු. මිලියන 500ක වන්දියකුයි ස්වයං රැකියාවලූයි ලබා දෙනවා කියල. මේගොල්ල ඔක්කොම එකතුවෙලා ධිවරයින්ව රවට්ටනවා ධීවර කාර්යාල වලින් සැරින් සැරේ ධීවරයන්ට වන්දි ලබාදෙන බව හඟවන ආකාරයෙන් වැඩ සටහන් දියත් කරමින් ධීවර ජනතාවත් රටේ පොදු ජනතාවත් නොමග යවමින් ඉන්නේ. නමුත් ධීවරයෝ රැවටෙන්නෙ නැහැ.” (යැයි පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු මෙන්ම සමස්ත ලංකා ධීවර සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මාධ්‍යට ප‍්‍රකාශ කළේය.)

port-city-campaign-4

මේ ව්‍යාපෘතිය කරන ලොකු මිනිස්සුන්ට, අගමැතිට තේරුමක් නැහැ, ලංකාව දියුණු කරන්නයි කියලා කරන්න යන මේ පොර්ට් සිටියෙන් සිද්ධවෙන්න යන විනාශය කොච්චරද කියලා. ආණ්ඩුවම කියන විධියට අවුරුදු තුනක් ධීවර කර්මාන්තයට බාධා ඇතිවෙනවලූු. ඇත්තටම වැලි ගන්නේ වෙරළේ ඉඳලා කිලෝමීටර් 2ක් දුරින්, ඒ කියන්නේ විනාශ කිරීම සිද්ධ වෙන්නේ අපි වැඩියෙන්ම රැකියාව කරන ප‍්‍රදේශවල සහ මසුන් බෝවන ස්ථානයන්වල. එතකොට මේක අපරාධයක් නෙවෙයි ද ?” (විරෝධතාවට එක්ව සිටි අයෙක්)

port-city-campaign-6

රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශකළ අන්දමට හික්කඩුවේ සිට කල්පිටිය දක්වා ධීවරයන් සංඛ්‍යාව අසූ දහසකට අධික බවත් පානදුර සිට මීගමුව දක්වා ධීවරයන් සංඛ්‍යාව පනස්දාහකට අධික බවත් පැවසු අරුණ රොෂාන්ත, මේ ව්‍යාපෘතියෙන් හානි සිදුවෙන ධීවරයන් සංඛ්‍යාවට ආණ්ඩුව ප‍්‍රකාශ කරන ආකාරයට, වන්දිය නොහොත්, මහ මුහුද විනාශ කරමින්, අපිට නිදහසේ රැුකියාව කරගන යාමට මෙතෙක් තිබූණු නිදහස, අපගේ කැමැත්තෙන්ම නැති කර දැමීමට, චීනයෙන් ඉල්ලා දෙන්න යන පගාව, වැලි ගන්නා වසර තුනට, පානදුර ඉඳලා සිට මීගමුව දක්වා ධීවර ජනතාවට බෙදුවහම, පවුලේ හතරදෙනෙක් ඉන්නවානම්, එක්කෙනෙකුට දවසකට ලැබෙන චීන පගාව රු.3.00 කටත් අඩු මුදල්. පවුලක් සඳහා දිනකට රු. 12.00 කටත් අඩු මුදලක් ”

port-city-campaign-10

‘‘එපමණක් නොව, කලූගල් කියුබ් ලක්ෂ ගණනාවක් සඳහා විශාල ප‍්‍රමානයේ ඩයිනමයිට් පුපුරවමින් මුහුදේ කිලෝමීටර් ගනනාවක කොරල්පර හා ගල් පර විනාශකරමින් වැලි ඝන මීටර් මිලියන 100ක් පමන විශාල වලක් හැරීමට නියමිත බව ඔව්හු කියති. ධීවර කර්මාන්තය, විනාශකරමින්, රටම වනසන මෙම ව්‍යාපෘතිය යම් හෙයකින් ආණ්ඩුව කි‍්‍රයාත්මක කලහොත්, මීගමුව කලපුව හා මුහුද එකතුවීම නොවැලැක් විය හැකි කරුණක් බවත් එවන් අවස්ථාවකදී විශාල ජීවිත හානියක් සිදුවීමද නොවැලැක්විය හැකියි.‘‘

”අපි අද අපේ ප‍්‍රදේශවල මෙහෙම එකතුවෙලා අපේ විරෝධය ප‍්‍රකාශ කරනවා. නමුත් මේ ගොල්ල දිගින් දිගටම අපිට කොකා පෙන්නන්න නම් හදන්නේ අපි නිහඬ වෙන්නෙ නැහැ. ඉහළම විරෝධයකට යනවා.”

port-city-campaign-7

මේ ව්‍යාපෘතිය සමස්ත දේව මැවිල්ලට ම කරනු ලබන නිග‍්‍රහයක්. විනාශයක්. මිනිස් ජිවිතවලට ඔවුන්ගේ රැකියාවන්වලට මෙන්ම පරිසරයට කරනු ලබන දැරිය නොහැකි විනාශයක්. ඊට අපට එකඟවන්නට බැහැ. ඒ නිසා මේ විරෝධාතව සමගින් එකතුවුණා” (යැයි මීගමුව කොතලාවල පාලම අසළ විරෝධතාවයට එක්වු ඇන්ග්ලිකානු සභා පියතුමෙකු වු ගරු නිශාන්ත ගුණරත්න පියතුමා ප‍්‍රකාශ කළේය.)

port-city-campaign-8

මේක ධීවර ප‍්‍රජාවට විතරක් බලපාන ප‍්‍රශ්නයක් නෙවෙයි. ධිවරයින්ට වගේම මේ සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධවෙන පැති ගණනාවකටම විනාශයක් සිදුවෙන්නයි යන්නෙ. මුහුදේ වැළි කැනීම තුළ ප‍්‍රශ්න ගණනාවක් මතුවෙනවා. මහ මුහුදේ ස්වභාවිකව පිහිටා තිබෙන පර්වත වගේ ගල් පෙරලිලා ගියාම ඒක අතුරුපල විනාශයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ වෙරළ තිරයේ ජීවත්වෙන මිනිස්සුන්ටයි. සිද්ධ වෙන්න යන විනාශයේ බරපතලකම සියැසින් දැකගන්න පුළුවන් වෙයි මේ ව්‍යාපෘතිය දැන්වත් නොනැවැත්තුවොත්.”(යනුවෙන් සෙත්තප්පාඩුව ධිවරයින් හා එක්වෙමින්් උද්ඝෝෂණයෙහ් නියැලූණු දොමිනිකානු නිකායේ ගරු මනෝජ් රසංජන පියතුමා ප‍්‍රකාශ කළා.)

port-city-campaign-11

ඒ නිසා ධිවරයින් එක්ක උරෙන් උර ගැටිලා පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව අපි නැගි සිිටිනවා. අපි අගැමැතිගෙන් ඉල්ලා සිටිනවා, වෙච්ච පොරොන්දු ඉටුකරන්න කියලා, මේ සිද්ධවෙන්න යන විනාශය දැන්වත් තේරුම්ගන්න, රටට සල්ලි හොයන්න, රට සංවර්ධනය කරන්න ධීවර අපිව බිල්ලට දෙන්න එපා. අපේ ළමයින්ගේ ජීවිත බිල්ලට ගන්න එපා කියලා.” විරෝධතාවයට එක්ව සිටි කාන්තාවෝ ප‍්‍රකාශ කළාය).

මෙලනි මානෙල් පෙරේරා විසින් ලියන ලද වාර්තාවක් ඇසුරින් සංස්කරණය කළ සටහනකි[Image Credit: Melani Manel Perera]

සබැදි සටහන්

EIA ක‍්‍රමවේදය හාස්‍යයක් කරගත් Colombo Portcity ව්‍යාපෘතිය

‘යහපාලනය’ බිඳ දමමින් වරාය නගර ය නීති විරෝධීව නැවත අරඹයි