Image by:dailynews

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ.

ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කල බව ආරංචි මාර්ග සදහන් කරයි.

ස්වාධීන කොමිසන් සභාවල ක්‍රියාකාරීත්වය, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ඒ පිළිබද පරීක්ෂණවලට අදාළ තොරතුරු තමන්ට නොදන්වා අධිකරණයට ක්‍රියාවලියකට(ජනාධිපතිවරයාගේ වචනයෙන් කියන්නේ නම් ‘දක්කාගෙන යාම‘) ගෙනයාම පිළිබදව ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විවිධ මත පළ වූ අතර සිවිල් සමාජ කණ්ඩායම්වල එම ප්‍රකාශයට දැඩි විරෝධයක් මතු විය.

2015 ජනවාරියේ නව ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසවූ සිවිල් සමාජ කණ්ඩායම් සහ දේශපාලන පක්ෂවලින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එල්ල වූ විරෝධයේ උණුසුම පහව යෑමට මත්තෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීම සිදුවිය.

කෙසේවෙතත් අධ්‍යක්ෂ ජනරාල්වරියගේ එම ඉල්ලා අස්වීමට මෙය ආසන්නතම හේතුවක් විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පහත පළවන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම පිළිබද ‘විකල්ප‘ සමග අදහස් දක්වන දූෂණ විරෝධී ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛස්ථානයක් දෙමින් ක්‍රියාත්මක වන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්(ශ්‍රී ලංකා පාර්ශවයේ) වැඩසටහන් නිළධාරියෙක් මෙන්ම ලංකාව තුළ දූෂණ විරෝධී හඩවල් වල ප්‍රමුඛ හඩක් ලෙස ක්‍රියාකරන නීතිඥ ජගත් ලියනආරච්චි මහතාගේ අදහස් ය.(මෙය නීතිඥ ජගත් ලියනආරච්චි මහතාගේ පෞද්ගලික අදහස් බව සලකන්න)