ඉහතින් ඇති වීඩියෝවේ(Slak) Link සදහා පිවිසෙන්න.

අදට(18) යෙදී ඇති ලෝක ආහාර දිනය තේමා කර ගනිමින් ‘ජීවත්වීමේ අයිතිය උදෙසා ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව මුල්කර ගනිමින් ‘ජනතා තවලම‘ ක් ලංකාව පුරා දියත් විය. ජාතික ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරන ව්‍යාපාරය ඇතුලු සංවිධාන ගණනාවක් එක්ව ක්‍රියාත්මක කළ එම ‘ජනතා තවලමේ‘ අගනුවර ක්‍රියාකාරීත්වය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්, කොළඹ විහාරමහා දේවි රංගපීඨය සහ ලිප්ටන් වටරවුම අසල පැවැත්වීය.

‘වස විසෙන් තොර සම්පූර්ණ ආහාර වේලක් ලැබීමේ අයිතිය සහ ලාභය උදෙසා වස විකුණන සමාගම්වලට එරෙහිව, මහපොළව වනසන කෘෂිකර්මය වෙනස් කිරීමට බල කරන, බීජ-ජලය-මහමුහුද සහ ඉඩම් විකුණා ජනතාවගේ අයිතින් පාගා දමන ප්‍රතිපත්තීන්වලට එරෙහිවත්, පරිසරය වනසමින් ගොවි, ධීවර බිම් අහිමිකරන සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිවත් මෙම සමස්ථ ව්‍යාපාරය සංවිධානය කළ බව ජාතික ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය(MONLAR) පවසයි.

එසේම ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ, ඉඩමේ අයිතිය ගොවියාටත්, මහමුහුදේ අයිතිය ධීවරයාටත්, වතුකරයේ අයිතිය වතු කම්කරුවාටත් ලබා ගැනීම උදෙසා මෙන්ම පරිසර හිතකාමී, තිරසාර පාරිබෝජන රටාවක් වෙනුවෙන් ද මෙය දියත් කල බවයි.

ඔවුන් ආණ්ඩුවට බල කර සිටින්නේ…

imag5428

1

2

3n7a1101

3n7a1115