‘වාරණයට එරෙහිව‘

‘වින්දිතයන්ට යුක්තිය‘

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට එරෙහිව පනවා ඇති අතුරු වාරණ නියෝගය හෙට(20) දිනය දක්වා දීර්ඝ කිරීමට අද කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ.

ඒ තීරණය ගනු ලෑබූවේ අද දින එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදීයි. හිටපු මහේස්ත්‍රාත්වරයෙක් වන ලෙනින් රත්නායක එම නඩුවේ පැමිණිළිකාර පාර්ශවය වන අතර, ඔහුගේ නීතිඥයා අද නොපැමිණීම හේතුවෙන් හෙටට කල් තැබීමට අධිකරණය තින්දූ කරනු ලැබූ බව වාර්තා විය.

අධිකරණයට එම නඩුව කැදවන අවස්ථාව වන විට ‘මාධ්‍ය හා සිවිල් සංවිධාන එකතුව විසින් ‘වාරණයට එරෙහිව‘ සහ ‘වින්දිතයන්ට යුක්තිය‘ යනුවෙන් සහ පණවා අති වාරණ නියෝගය ඉවත්කරන ලෙසත් ඉල්ලා, නිහඩ විරෝධයක් අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට පැවැත්වීය.

main

එම නිහඩ විරෝධයට සිවිල් සංවිධාන, කලාකරුවන්, සමාජක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ වෘත්තීය සමිති නායකයන් ඇතුලු පිරිසක් සහභාගී වි සිටි අතර එම නිහඩ විරෝධය අවසානයේ අධිකරණ සේවා කොමිසන් සභාව වෙත පෙත්සමක් ද බාර දෙනු ලැබීය.

එම පෙත්සම බාරගත් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පවසා සිටින ලද්දේ,

‘අදාළ මහේස්ත්‍රාත්වරයා සම්බන්ධව දැන් අධිකරණ සේවා කොමිසමේ කාර්යය ඉවරයි. අපි ඔහු අනිවාර්ය නිවාඩු යවා තිබෙන්නේ. දැන් තිබෙන්නේ අවශ්‍ය නම් පොලීසියේ කාර්යභාරයයි. අපරාධ වරදක් සදහා ක්‍රියාත්මක විය යුත්තේ පොලීසියයි. නමු අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුම් දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා‘

කෙසේ නමුත් ලෙනින් රත්නායක හා බැදි ක්‍රියාවලීයේදී වින්දිතයන්ට යුක්තිය ඉටු නොවුන තත්ත්වයක් තුළ මේ සමස්ථ ක්‍රියාවලියම විහිලු සහගත තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ඒ විහිලු සහගත තත්ත්වය තුළ සමස්ථ සත්‍ය සමාජ ගත කරන මෙවැනි කලා කෘති වාරණය කිරිමට ගන්නා උත්සහයන්ද, නීතිය කෙසේ වුවත් වත්මන් ලෝකය තුළ විහිලු සහගත කරුණු බවට පත් වන්නේය. එබැවින් නිර්මාණකරුවෙකුගේ ප්‍රකාශණ අයිතිය සදහා මැදිහත්වීමට වත්මන් ආණ්ඩුවට මෙන්ම අදාල බලධාරීන්ට වගකීමක් තිබේ. නැතිනම් විහිලු කරුවන් වන්නේ ඔවුන්ය.

එැබිවින්..පොලීසිය, අධිකරණ සේවා කොමිසන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

පුරවැසියන් අවදියෙන් බලා සිටී.

මාධ්‍ය හා සිවිල් සංවිධාන එකතුව අධිකරණ සේවා කොමිසමට බාරදුන් පෙත්සම පහත දක්වා ඇත.

letter-a

letter-b

1

2

4

imag5447

imag5451

මෙම වාර්තා චිත්‍රපටය සහ එයට අදාල අන්තර්ජාලයේ පළවුනු බොහෝ bundlrසටහන්