හමුදා බුද්ධි අංශ නිලධාරීන් ට නඩු නොමැති මාස 18 ක් බන්ධනාගාර ගත කර තිබීම පිලිබඳ ජනාධිපතිවරයා කණගාටුවට පත්වුවත් මාස 81කක් තමන් යුක්තිය හොයමින් සිටින බව අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ, බිරිද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අද(21) ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග එක්වෙමින් ප්‍රකාශ කළාය.

‘….එහෙම අපරාධයක් පිළිබද රජයේ ප්‍රධාන පුරවැසියා කියනවා නම් ඒ අපරාධ කාරයෝ නිදහස් කරන්න කියලා,ඒකේදි වින්දිතයෙක් වශයෙන් මට මතුවන ගැටලුව නම් මට කොහොමද යුක්තිය ඉෂ්ඨ වෙන්නෙ, මේ රටේ වින්දිතයින් බවට පත් වෙච්ච අනිත් අයට කොහොමද යුක්තිය ඉෂ්ඨ වෙන්නේ…‘‘ ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මේ තත්ත්වය තුළ වින්දිතයන් වුනු අය, මේ රටේ අධිකරණය පිලිබඳ විශ්වාසයක් තබාගන්නේ කෙසේ ද යනුවෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ප්‍රශ්න කරයි.

ඒ සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය දක්වන අදහස් සදහා පහත වීඩියෝව බලන්න