රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද, ඊනියා උමාඔය ව්‍යාපෘතියෙන් වන ඉතාමත් ඛේදනීය බලපෑම අපි පසුගිය මාස කිහිපයේම පාඨක ඔබ හමුවේ තැබූවෙමු.

එම ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල අවට ජීවත්වන ජනතාවට නැවත වරක් එය වඩා තීව්‍ර ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ. 2017 නව වසර ආරම්භ වීමට පෙර එනම් 2016 දෙසැබ්මර් 31 උදෑසන තවත් නිවසක් ගිලා බැස ඇත්තේ නිවැසියන්ගේ අලුත් අවුරුදු සිහිනය ද වළදමමිනි.

එසේ ගිලාබැස ඇති බණ්ඩාරවෙල, කිණිගම, අරාවත්ත, පදිංචි රංජිත් කුමාරතුංග සිය නිවස ඇතුලු තවත් නිවාස කිහිපයකි. කුමාරතුංග මහතා පවසා සිටියේ ‘‘30වන දින සුලු ඉරිතැලීම් ඇති වූ බවත් 31වනදා උදෑසන ශබ්ද නගමින් විශාල ඉරිතැලුම් ඇති වුනා.‘‘(MONLARSL)

එවැනි ලෙස එම ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයකටම හානි සිදු වෙමින් තිබේ. මාස කිහිපයක සිටම අදාල ප්‍රදේශය සහ අවට ලිං, ඇල, දොලවල් සිදී ගොස් ඇති බව අප වාර්තා කළෙමු.

‘හීල් ඔයේ’ මරණය!!

එසේම උමාඔය ව්‍යාපෘතියෙන් වන විනාශය හමුවේ දහස් ගණන් ජනතාව වීදි බසිමින් පසුගිය දා ඉල්ලා සිටියේ ආසාර්ථක උමාඔය ව්‍යාපෘතිය නවතා දමන ලෙසයි.

(SEE 29 December Protest @MONLAR)

හිටපු ජනාධිපති රාජපක්ෂගේ පාලන කාලය තුළ, 2008 වසරේ ආරම්භ කෙරුණු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර නිසි පරිදි පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගෙන නොමැති බවත්, ඉන් පසු වසර තුනකට පසු 2011 වසරේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කරනු ලැබූ වේ ජනතා විරෝධය හමුවේ බවත්, එම වාර්තාවත් කිසිදු අන්දමකට පිළිගැනීමට නොහැකි බවත් පරිසරවේදීන් පෙන්වා දුන්නෙ මීට බොහෝ කලක සිටයි. නමුත් බලධාරීන්ගේ කිසිදු අවධානයකට එය ලක් නොවුන අතර, ඒ නිසා දැන් සිදුවන ව්‍යසනයට වගකිවයුත්තෙක් නැති තරමටම ව්‍යාපෘතියේ බලධාරීන් කටයුතු කරනු දක්නට ලැබේ.

කෙසේ නමුත් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් නිවාස 3900කට ආසන්න ප්‍රමාණයක් පුපුරා විනාශ වී ඇති බවත් ඉන් නිවාස 600ට පමණක් වන්දි ලබා දී ඇති බවත් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සංවිධානයේ ක්‍රියාකාරීන් පවසයි.

‘උමාඔයේ’ ගිලෙමින් ඇති ජීවිත..!

Bandarawela Image by:@MONLAR