සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් හා විචාර ලබා ගැනිම සඳහා ශ‍්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ තීරණය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහය ඇතිව අග‍්‍රාමාත්‍යවරයා විසින් 2016 ජනවාරි අගභාගයේ දී සිවිල් සමාජයෙන් තෝරා ගත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පත් කෙරිණි. එම බලකාය විසින් සකස්කරන ලද අවසන් වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශයන් පසුගිය 03වනදා කොළඹදී නිකුත් කෙරිණි. එහි අනෙක් සුවිශේෂය වන්නේ රාජ්‍ය නායකයන් නැතිව වුව ද හිටපු ජනාධිපතිණියට පිළිගැන්වූ එම වාර්තාව එවෙලෙහිම ජනතාවගේ දැන ගැනීම සදහා ද ප්‍රසිද්ධ කරනු ලැබූවේ ය.

එම වාර්තාවේ නිර්දේශයන් සහ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක සහ සංහිදියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග (සිංහල භාෂාවෙන්) එක් විය. ‘පුරවැසියන් සංහිදියාව ගැන ලොකු උනන්දුවක් බලාපොරොත්තුවක් තියනවා, ඒ වගේම මේ ක්‍රියාවලිය සදහා ආණ්ඩුව නායකත්වය ගත යුතු බවත්, සිවිල් සමාජය නිවාඩු නොගත යුතු බවත්‘ ආචාර්ය සරවනමුත්තු මහතා සදහන් කළේය.

සම්පූර්ණ වීඩියෝව බලන්න.