‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ.

අවුරුදූ 08 ක් වනතුරුත් මේ ජනතාවව කවුරුන්වත් හඳුනාගත්තේ නැහැ. කෙප්පාපිලව් වල, වට්‍රාපලෛ කියන ප්‍රදේශයේ හතලිස් දෙදෙනෙකුට(42) අයිති ඉඩම් රජය විසින් නැවත ලබා දුන්නා. ඒත් පත්තරවල සහ මාධ්‍යයේ මේ පුවත ගියේ කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත රජය විසින් ලබා දුන්නා කියලා. මේවා එහෙම කළේ ජාත්‍යන්තරයට පෙන්වන්න.‘‘ යැයි කේප්පාපිලව් ඉඩම් අරගලයට සම්බන්ධ වී සිටින එස්. චන්ද්‍රලීලා මහත්මිය(BY:TN) පැවසුවාය.


කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කරන බවට රජය පොරොන්දු වූ නමුත් එය මෙතෙක් ඉටුනොකිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව 10වන දිනටත් උපාවසයක නිරතව සිටියි.

2009 වසරේ ලේ වැකි යුද්දය අවසන් වූ පසු උතුරු පළාතේ දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර දහස් ගණක් හමුදාව අත්පත්කර ගෙන සිටියි. තමන්ට අයිති ඉඩම් නිදහස් කරන්නැයි එම ජනතාව දිගින් දිගටම ඉල්ලීම් කළ මුත්, ඉතාමත් සුලු ඉඩම් ප්‍රමාණයක් නිදහස් කළත් තවමත් එය සම්පූර්ණ කිරීමට කිසිදු උත්සහයක් ආණ්ඩුව සහ ආරක්ෂක අංශ විසින් දක්වනනේ නැතැයි ජනතාව චෝදනා කරයි.

නමුත්, පසුගිය කාලයේ උතුරේ සැරිසැරෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම පවසා සිටියේ මාස කිහිපයක් ඇතුලත ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණය විසදන බවයි. නමුත් ඒවා වචන වලට පමණක් සීමා වූ දේවල් බවත්, නැවත වරක් ඔවුන්ව රවටමින් සිටින බවටත් විශේෂයේන් ජීනිවා වලට පෙන්වීම සදහා ඉතා සුලු යමක් කරන්නට උත්සහ කරන බවටත් ජනතාව චෝදනා කරති.

මේ පිළිබදව කේප්පාපිලව් කාන්තා සංවර්ධන සංවිධානයේ එස්. චන්ද්‍රලීලා මහත්මිය තවදුරටත් පවසන්නේ,

S.Chandraleela

”අපිට අයිති ඉඩම් වෙනුවෙන්, වැස්ස, පින්න නොබලා කුඩා දරුවන් පවා තියාගෙන අපි දුක් විදිනවා. ඊයෙත් නයෙක් මෙතෙන්ට ආවා. මේ වගේ තැනක පොඩි ළමයින්ව තියාගෙන අපි ඉන්නේ හරිම අමාරුවෙන්. මේ වගේ අපි දුක් විඳිමින් ඉන්න වෙලාවක, මුල්ලතීව් වල නිදහස් දින සැමරුමක් අවශ්‍යය නැහැ. ඒක රජය සැලසුම් කර කරන දෙයක් විදිහටයි පෙන්නේ.

මේ ජනතාව මේ වගේ තැනකට ආවේ රජය නිසා. රජයේ අධිකාරීන්ගේ සැලැස්මකට අහුවෙලයි ජනතාව ට මෙවැන් තත්වයක් උදා වුණේ.

කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ.

අවුරුදූ 08 ක් වනතුරුත් මේ ජනතාවව කවුරුන්වත් හඳුනාගත්තේ නැහැ. කෙප්පාපිලව් වල, වට්‍රාපලෛ කියන ප්‍රදේශයේ හතලිස් දෙදෙනෙකුට(42) අයිති ඉඩම් රජය විසින් නැවත ලබා දුන්නා. ඒත් පත්තරවල සහ මාධ්‍යයේ මේ පුවත ගියේ කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත රජය විසින් ලබා දුන්නා කියලා. මේවා එහෙම කළේ ජාත්‍යන්තරයට පෙන්වන්න.

කෙප්පාපිලව් අපේ පාරම්පරික ඉඩම් අපිට ලබා දෙන්නයි කියලා අවුරුදු 08 ක් තිස්සේ අපි අරගල කරනවා. 2012 වර්ෂයේ 09 මාසේ කෙප්පාපිලව් පාරම්පරික ඉඩම් ලබා දෙනවා යැයි කියලා, කෙප්පාපිලව් මිනිසුන්ව වට්‍රාපලෛ පාසලකට කතා කරලා කැලෑවක් හෙළි කරා. ඒ එළිකරපු ස්ථානය දැන් තාවකාලික තැනක් විදිහට තියෙනවා. ළඟදීම ඔයාලගේ ඉඩම් ලබා දෙනවා තාවකාලිකව ඉන්න කියලා තමයි ගෙනත් දැම්මේ. ඒත් කිසිදු පහසුකමක් සලසා දුන්නේ නැහැ. සෑම එක පවුලකටම පර්චස් 20 ක් දෙනවා කියලා තමයි කිව්වේ. මේ වනතුරුත් ඒ ජනතාවට වතුර ප්‍රශ්ණයවත් විසදලා දුන්නේ නැහැ. පොදු ලිඳක් තමයි ඒ මිනිස්සු සියල්ලෝම භාවිතා කරන්නේ. මේ අවුරුද්දේ නියං කාලේ අහු වුන නිසා ඒ ජනතාව ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ ජීවන රටාව බිංදුවටයි තියෙන්නේ. මෙච්චර කාලයක් අපි ඉවසීමෙන් හිටියේ.

හමුදා නිලධාරියෙක් විසින්, කෙප්පාපිලව් මිනිසුන් කිහිපදෙනෙක් කෑම්ප් එකකට එක්ක ගෙන ගිහින්, ජනාධිපති තුමා කෙප්පාපිලව් වල 59 දෙනෙකුගේ ඉඩම් නැවත ලබා දෙන බවටත්, නන්දිකඩාල් ප්‍රදේශයේ 49 දෙනෙකුගේ ඉඩම් ආරක්ෂක හේතු මත ලබා දීමට නොහැකි බවත්, ඒ වෙනුවට වෙනත් තැනකින් ඉඩම් ලබා දෙන බවටත් කියලා තියෙනවා. ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වුණා.

ඔයාලා දෙන්න සැලසුම් කරලා තියෙන පවුල් 59 කගේ ඉඩම් අපිට ලබා දෙන්න. දෙන්න බැරි පවුල් 49 කගේ ඉඩම් දෙනතුරු බලා ඉන්න බවත්, දුන්නට පසු අපි අපිට අයිති අපේ ඉඩම් වලට යන්නම් කියලා අපි කිව්වා. ජනවාරි 25 වන දින ජානාධිපතිතුමා පැමිණීමේ සංවිධානමය කටයුතු කෙරෙමින් තිබුණා. කෙප්පාපිලව් ඉඩම් ලැබෙන්නේ නෑ. වෙන ඉඩම් වගයක් තමයි ලැබෙන්නේ කියලා 23 වෙනිදා අපිට පණිවිඩයක් ලැබුණා. මේ පණිවිඩය නිසා තමයි 23 වෙනිදා අපි උද්ඝෝෂණයක් කළේ, අපේ ඉඩම් අපිට ලබා දෙන්න කියලා. ඒත් එයිනුත් අපිට කිසිඳු විසඳුමක් ලැබුණේ නැහැ.

පවුල් 54 කගේ ඉඩම් හමුදාවෙන් එක්කරගෙන ගිහින් පෙන්නුවා අපිට. එතකොට සමහරෙක් ගිහින් ඔවුන්ට අයිති ඉඩම් සුද්ද කරා. ඒ වේලාවේ හමුදාවෙන් අපිට කිව්වා, රජයෙන් මේ ඉඩම් ඔයාලට තවම බාර දීලා නැහැ. භාර දුන්නොත් තමයි ඉඩම් වලට ඔයාලට යන්න පුළුවන් සහ ඒ වනතුරු යන්න තහනම් කියලා. මිනිස්සු කිසිඳු විරෝදයක් නොදක්වා ආපහු ආවා. 30 වෙනිදා ග්‍රාම සේවකතුමා ඇවිත් කිව්වා පුලක්කුඩියිරුප්පු අපේ ඉඩම් අපිට ලැබෙනවා සහ අපට අයිති ඉඩම් වල ඇවිත් ඉන්න කියලා. තමන්ගේ ඉඩම් ලැබෙනවා කියන සතුටින් මිනිස්සු එහේ ගිහින් සිටියා. ඒත් ඒ ස්ථානයට රජයෙන් කිසිඳු නිලධාරියෙක් අවේ නැහැ. කුඩා දරුවන් අතේ තියාගෙන ඒ ගිනියම් අව්වේ මිනිස්සු එහි රැඳිලා සිටියා. අව්වේ හිටපු ජනතාව ඉඩම් ලබා දෙනකම් ඒ තැන් දමා නැගිටින්නේ නැතැයි කියා තීරණයක් ගත්තා.

මිනිස්සු හිටපු ඒ ස්ථානයේ සෑම දවසකම විදුලි බල්බයක් පත්තු වුණා. ඒත් මිනිස්සු රැදෙන්න තීරණය කළ ඒ දවසේදී ඒ බල්බයත් නිවුණා. විදුලිය නතර කර දැමුවා. ඒ ස්ථානයේ හමුදාවට අයිති වතුර ටැප් එකක් තිබුණා. අපි වතුර ගන්න ගියාට පස්සේ වතුරත් නතර කර දැම්මා. අපිට ඇහුණා, ගේට් එක වසාගෙන හමුදාවම කෑ ගැසනවා ‘ගහනවා.. ‘ගහනවා‘ කියලා. අපි ඔවුන්ට විරුද්ධව මොකුත් කලේ නැහැ.

එළිවෙනකම් එහිම සිටියා. පෙබරවාරි මාසේ පළවෙනිදා උදේ 10 ට විතර රජයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, පළාත් නිලධාරීන් ඇවිත් හිටියා. රජයේ නිලධාරීන්ව සහ දේශපාලකයින් ව හමුදාව විසින් ඉඩම් පෙන්වීමට රැගෙන යනු ලැබුවා. ඒ ගමේ ජනතාව කිසිවෙකුවත්, මාධ්‍යවේදීන් කිසිවෙකුව වත් එහි ඇතුලට ගත්තේ නැහැ. රජයේ නිලාධාරියෙක් ඇවිත් කිව්වා සති දෙකක් ඇතුළත අපිට විසඳුමක් අරන් දෙනවා කියලා. මෙය ජනතාව පිළිගත්තේ නැහැ. කිහිපවරක්ම ජනතාව රැවටිලා සිටිය නිසා ජනතාව මේ කියපු දේ විශ්වාස කළේ නැහැ. ජනතාව කිව්වා කොච්චර කාලයක් වුණත් කමක් නෑ අපිට ඉඩම් දෙනකම් අපි මෙතනම ඉන්නවා කියලා. පසුව හමුදා නිලාධාරියෙක් ඇවිත් කිව්වා සති දෙකකින් හෝ මාස දෙකින් ඔයාලට අපි විසඳුමක් ලබා දෙනවා. ඒ වනතුරු කිසිඳු උද්ඝෝෂණයක් කරන්න එපා කියල. ඉවසීමෙන් ඉන්න කියල කිව්වා. ඒත් අපි එය පිළිගත්තේ නැහැ. අපි මින් මතුවට හමුදාව කියන දේ පිළිගන්නේ නැහැ කියලා අපි තීරණය කළා. තීරණය කරලා අපිට අපේ ඉඩම් ඕන කියලා හැමෝම එකතු වෙලා කෑ ගැහුවා. ආපු නිලධාරීන් හැමෝම ගියා. ඒත් මේ වන තෙක් කිසිඳු විසඳුමක් එයාල අපිට ලබා දුන්නේ නැහැ.
අපේ දරුවන් සමඟ අපි වැස්ස අව්ව පින්න සමඟ මෙහිම ඉන්නවා. වැස්සක් ආවොත් තෙමෙනවා. කවුරුහරි මාර්ගයෙන් අපිට විසඳුමක් ලබා දෙන්න. ජීවිතයක් අවශ්‍යයි අපිට.

අපේ ඉඩම් අපිට ලබා දෙන තුරු මේ තැන් දමා අපි යන්නේ නැහැ. මැරුණත් අපි මේ තැන් දමා යන්නේ නැහැ. අපේ පාරම්පරික, අපිට අයිති ඉඩම් සෑම කොටසක්ම අපිටම ලබා ගන්නකම් අපි මේ අරගලය නතර කරන්නේ නැහැ.”

(පරිවර්තනය – අනූ සිවලිංගම්)

Image Credit: garikaalan