‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්)

ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා සිටින නගරයක්! එහි ඉතිරිව ඇත්තේ ආරක්ෂාවට කිහිප දෙනෙක් සහ එදවස හොදින් දිවි ගෙවූ නිළ නිවාස වල ජීවත් වූ පවුල් කිහිපයක් පමණි. මහා යන්ත්‍රසූත්‍රවල මකුලුවන් සිය නිවෙස් ජනපද සේ පවත්වාගෙන යයි. ඇතැම් තැනක වූ ට්‍රැක්ටරයක එන්ජිමේ අපූරුවට තැනූ කුරුළු කූඩයකි. කිසිවෙකුගෙන් ඔවුන්ට බාධාවක් නැති සේයකි. යාන වාහන, යන්ත්‍රසූත්‍ර අතරින් රිසිසේ තණ උලා කන ගවයන් කිහිප දෙනෙක් හැරනේනට, ඒ මහා භූමිය තුළ කිසිවෙකුත් නැත. සම්පූර්ණ ඡායාරූප සහ වීඩියෝ සටහන සදහා පිවිසෙන්න Adobe Spark Here.

මරා දැමූ කර්මාන්ත නගරයක් මැදින්.....

පසු සටහන

වර්තමානය වන විටද කෝටි ගණනක් වටිනා මෙම සම්පත රාජපක්ෂ පාලන සමයේදී ද දේශපාලන හිතවතුන්ට ඉතාමත් සොච්චං මුදලකට ලබා දීමට පිඹුරුපත් සැකසුවත් එය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය. නමුත් ‘යහපාලන‘ අාණ්ඩුව යටතේ ඉන්දියානු සමාගමක් වන, බැංගලෝර් හී පිහිටි Shri Prabulingeshwar Sugars and Chemicals Ltd, සමාගම සමග නැවත M G Sugars Lanka (Pvt) Ltd නමින් ආරම්භ කිරීම සදහා ගිවිසුම් අත්සන් කළ බවට වාර්තා විය. කෙසේ නමුත් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, එම ගනුදෙනු පිළිබද ඔවුනට කිසිදු විශ්වාසයක් නැති බවත්, විනිවිදබාවයකින් සහ විශ්වාසයකින් නැවත කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ නම් ඔවුන් ඉතාමත් සතුටු වන බවයි.

@VIKALPA(Special Thanks Suranga Rupasinghe)