ප්‍රකට වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ කැලම් මැක්රේ ගේ “නෝ ෆයර් සෝන්” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් දඬුවමට මුහුණ දී සිටින මැලේසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා හෙන්ඩ්රි එම දඩුවමින් නිදහස් කරන ලෙස මැලේසියානු ආණුඩවට බල කරමින් විරෝධතාවයක් අද(17) කොළඹ, මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය අසලදී පැවැත්වීය.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වූ එම විරෝධතාවයේ දී ඉල්ලා සිටියේ තුන් අවුරුද්දක සිර දඬුවමක් සහ/ හෝ රුපියල් ලක්ෂ අටකට ආසන්න දඩයකට යටත්කිරීම වහාම ඉවත් කරගෙන, ප්‍රකාශණයේ නිදහසට ඇති අයිතිය ලොව හමුවේ පෙන්නුම් කරන ලෙසය.

සිංහල භාෂාවටත් පරිවර්තනය කර ඇති No Fire Zone වාර්තා චිත්‍රපටය ලීනා විසින් ප්‍රදර්ශනය කරන ලද්දේ 2013 ජූලි 03වනදා ය. කුවාලාලම්පුර් හී ශාලාවකදී තිරගත කිරීම සම්බන්ධයෙන් මැලේසියානු අධිකරණය යක් විසින් වරදකාරිය කරනු ලැබූ ලීනා හෙන්ඩ්රි, මැලේසියාවේ පුසාට් කොමාස් රාජ්‍ය නොවන සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වන ලීනාට දඬුවම් පැමිණවීමට නියමිතව ඇත්තේ මාර්තු 22 දාය.

කෙසේ නමුත් ලීනා විසින් ප්‍රදර්ශනය කළ චිත්‍රපටය තිරගත කිරීමේ අඩක් ගත වෙද්දී, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය එම ස්ථානයට පැමිණ, තිරගත කිරීම නවතා ඇත. ලීනා හෙන්ඩ්රි ඇතුළු කොමාස් නියෝජිතයන් තිදෙනෙක් අත් අඩංගුවට ගත් අතර, රාත්‍රියක් ගත වන තුරු ඔවුන් රඳවා තබා ගන්නා ලදී. ලීනාට එරෙහිව කළ චෝදනාව වූයේ චිත්‍රපට වාරණය සම්බන්ධ 2002 දරන පනතේ 6(1)(b) කොටස කඩ කිරීම වන අතර, 2017 පෙබරවාරි 21 වැනි දින කුවාලා ලුම්පූර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රජයෙන් පත් කරන ලද වාරණ මණ්ඩලයෙන් අනුමත නොකළ චිත්‍රපට ද්‍රව්‍ය “සංසරණය, බෙදාහැරීම, පෙන්වීම, නිෂ්පාදනය, විකුණීම, කුලියට ගැනීම හෝ තමන් සන්තකයේ තබා ගැනීම” යටතේ ඇය වරදකරු කරන ලදී.

එම විරෝධතාවය ‘විකල්ප‘ ට්වීටර් ඔස්සේ සජීව විකාශය කළ අතර පහත දැක්වෙන්නේ එහි වීඩියෝ දර්ශණයි.

කෙසේ නමුත් ලීනාට ලබා දී තිබෙන මේ දඩුවම ඉවත්කර ගන්නා ලෙස බලකරමින්, යුරෝපය ඇතුලු රටවල් කිහිපයක මේ වන විටත් විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතර, ලීනාට එරෙහිව චෝදනාඉවත්කර ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශත් කිසියම් මැදිහත්වීමක් කිරීමට සූදානම් බවත් ආරංචිමාර්ග පවසයි.

මීට පෙර අනෙකුත් රටවල මානව හිමිකම් සම්බන්ධ චිත්‍රපටි ද මැලේසියාවේ දී නිතර තිරගත කර ඇති අතර, මෙම චිත්‍රපටය තිරගත කිරීම නැවැත්වීම පසුපස, එවකට මහින්ද රාජපක්ෂ යටතේ තිබූ ශ්‍රී ලාංකීය රජයේ සෘජු බලපෑම තිබුනි. නමුත් මෙම චිත්‍රපටිය ලංකාවේ කිසිදු දිනක තහනම් කර නැති අතර, එම චිත්‍රපටයේ සිංහල පිටපතක් ද ඇති අතර එය පහතින් නැරඹිය හැකිය.

සිංහල භාෂාවටත් පරිවර්තනය කර ඇති No Fire Zone

No Fire Zone Sinhala language version 2015 from NoFireZone on Vimeo.