end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Puravasi Katha

මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු….


වී.වී. ගනේෂනන්දන් විසිනි.

මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු. අප පෙළන වේදනාවෝ ද අප තුළ දැල්වෙන බලාපොරොත්තු ද වත්මනෙහි ඒ දෙවදනට ද අභියෝග කරති.- අපට වෙනුවෙන් කැපකර ඇති සහ අප ප්‍රතික්ෂේප කර දමනු ලැබ ඇති, අපට අවශ්‍ය කරන සහ අපට අවශ්‍ය නොකරන, කවර හේතුවක් නිසා හෝ අපට පිළිගත නොහැකි ඒ දෙවදනට ප්‍රතිරෝධය පායි. මක් නිසා ද, ඒවා (ඔබගේ ශෝක පණිවුඩ) සිදු වී ඇති දෙයෙහි සිට සිදුවන්නට යන දෙය කරා වන මඟ තරණය නොකරන බැවිනි.

ශෝක පණිවුඩ යන දෙවදන සිත ආකුල කරන සෙයක් අපට දැනේ. අතීතය සහ අනාගතය නියෝජනය කරන්නට ඒවා නො සෑහෙයි.

දිවා කල අපි අපගේ නිවෙස් අතහැර පලා ගියෙමු; රෑ කල අපි අපගේ නිවෙස්වලින් අතුරුදන් වුණෙමු; අපි අපගේ පවුල්වලින් දුරස්ව යුද අවි කරා ගමන් කළෙමු, ඒ ගොසින් ආපසු ආ හැකි යැයි බලාපොරොත්තු වූයෙමු. අද දින හඳුනා ගතනොහැකි තැන්වල අප සිරුරු මිහිඳන් විය, එබැවින් ධූලි බවට පත්ව අපි දැන් සෑම තැන ම සිටින්නෙමු. මෙතැන මිය ගිය සහ නොනැසී ජීවත් වන අපි ඔබ එවූ ශෝක පණිවුඩ ඔබ ස්වාසනාළය තුළ අවතාරයක් බවට පත්ව බොහෝ කල්ගෙවී ගිය පසුත් අපි මෙහි ජීවත් වන්නෙමු.

කැමැත්තෙන් ද අකැමැත්තෙන් ද අපි වෙනත් අයගේ යුද්ධවලට සම්බන්ධ වුණෙමු; අප ම තෝරා ගත් අපගේ ම මාවත්වල නොව – එසේ වී නම් ඒවා අපට සමීප විය හැකිව තිබිණ – අනුන්ගේ මාවත්වල ඉදිරියට ඇදුණෙමු. අපි නොවැදගත් වීමු; අපි අත්‍යවශ්‍ය වීමු; අපි සතුරෝ වීමු; අපි මිතුරෝ වීමු; අපි වාද විවාද කළෙමු; අපි නොසලකා හැරීමට ලක් වුණෙමු. කුඩා රටක් තුළ ජීවත් වුව ද අපට හැඟුණේ අප ඔබගෙන් බොහෝ දුරස්ව සිටින බවකි. කුඩා ලෝකයක් තුළ ජීවත් වුව ද අපට හැඟුණේ අප ඔබගෙන් බොහෝ දුරස්ව සිටින බවකි. අපි ඔබගේ රටේ ජනයා වීමු, ජනයා නොවීමු.

ඔබ අප සිහිපත් කරනුතුරු පොරොත්තු වන්නට අපට නුපුළුවන් විය.

අපි ඒ වෙනුවෙන් මිය ගියෙමු, නොනැසී ජීවත් වූයෙමු, වඩා අඩුවෙන් ද වඩා වැඩියෙන් පවා ද කැප වුණෙමු. අප අතර සිටි සමහරුන් සන්තකව තිබුණේ සොච්චම් මුදලකි, සොච්චම් ආහාර ප්‍රමාණයකි; එහෙත් අපට දරුවෝ ද සිටියහ. සිය කැමැත්තෙන් ද අකැමැත්තෙන් ද අපට අපගේ දරුවෝ අහිමි වූහ. ඔවුහු අපගේ දෑත්වලින් උදුරා ගනු ලැබුණාහ; ඔවුන් අප ළඟ තබා ගැනීමට අපි සටන් වැදුණෙමු; ඔවුන් ආරක්ෂා කිරීමට අපි ඔවුන් අපගෙන් ඈත් කළෙමු; ඔවුන්ගේ වෙඩි පහරට ඉලක්ක වී ඔවුන්ට පෙර මියැදෙනු ඇතැයි සිතා අප ඔවුන් තුරුළුකර ගත්තෙමු.
අප අතර සිටි සමහරු මියැදුණහ, එහෙත් සමහරු දිවි රැක ගත්හ, එනිසා අප සටන් වැදී ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ දරුවන්ගේ සිත්වලින් පවා මේ පිළිබඳ මතකය ගිළිහී නොයනු ඇත.

ඊට ම ආවේණික ආකාරයකට සිදු වෙමින් තිබුණු යුද්ධයක් වූ මෙම ලේ උරා බීමෙන් මිදී ගැනීමට වේගයෙන් පලායද්දී අප සවන් පත් සිඳී පොළොවෙහි වැටිණ, එනිසා දැන් අපට ඔබගේ ශෝක පණිවුඩවලට සවන් දෙන්නට හැටියක් නැත. පණනළ රැක ගැනීමට, ඔබ දෑස් තුළ ලියැවී තිබුණු දෙය නොදකින්නට අප දෑස් වසා ගන්නට අපට සිදු විය. සාගින්නත් කෝපයත් හමුවේ අපි අපගේ මුව වසා ගත්තෙමු; අපි අප ලුහුබැඳ ආ, අප සමඟ එකට පලා ගිය, අප සමඟ මියැදුණු අපගේ පවුල්, මිතුරන්, සගයන් සහ නායකයන් දැන සිටියෙමු, දැන නොසිටියෙමු.

අපි සකලවිධ පාර්ශ්වවලින් ආ අපට ම මුහුණ දුන්නෙමු. අප අතර සිටි සමහරු දිවි රැක ගත්හ. අප තවමත් මෙහි ය. මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු.